විදුලි බිල වැඩි කරලා, උපයාගත් රු. බි. 145 ලාභයෙන් විදුලි බිලේ සහනය ලබා දිය යුතුයි. තවම විදුලි බිල අඩු කිරීමේ යෝජනාවක්වත් ඉදිරිපත් කරලා නෑ. තෙල්වල බදු අඩු කරලා නෑ. වේදිකාවල මොනවා ප්‍රකාශ කළත් මේක තමයි යථාර්ථය.
විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස අට තුළ රු. බි. 145 ක ලාභයක් උපයා ඇති බවත්, සෑම පාරිභෝගිකයෙකුගෙන් ම රු. 20,000 ක් අමතරව ලබා ගෙන ඇති බවත්, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් විදුලි බිලේ සහනය වත්මන් රජය විසින් වහා ජනතාව වෙත ලබා දිය යුතු බව […]
වීසා වංචාව සම්බන්ධයෙන් එම්.ඒ. සුමන්තිරන්, රාවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක විසින් ගොනු කරන ලද පෙත්සම් සළකා බැලීමෙන් පසු, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවේ නඩු විභාගය අවසන් වන තුරු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කරයි.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට අපහාස කළේ යැයි කියන නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා සහ විදේශගත වීසා බලපත්‍ර මෙහෙයුම් සඳහා අනුමැතිය ලබාදීමේ අමාත්‍ය මණ්ඩල තීරණය අත්හිටුවා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාට අධිකරණයට අපහාස […]
ඡන්ද මධ්‍යස්ථාන පනතට අනුකූල නොවන අයුරින් ඡන්ද මධ්‍යස්ථානවල නිලධාරීන් පිටමං කිරීම සහ දෙවැනි සහ තුන් වැනි මනාපය ගණනය කිරීම සම්බන්ධයෙන් සමගි ජන සන්ධානයෙන් චෝදනාවක්..මහජනයා සහ දේශපාලන පක්ෂ විනයානුකූල ව හැසිරෙද්දී මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන්ගේ මේ හැසිරීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.
ඊයේ (21) පැවැති ජනාධිපතිවරණයේ දී ඇතැම් නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන පනතට අනුකූල නොවන අයුරින් ඡන්ද මධ්‍යස්ථානවල නිලධාරීන් පිටමං කිරීම, දෙවැනි සහ තුන් වැනි මනාපය ගණන් කිරීම දැනුම් දීමකින් තොරව සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අද (22) සමගි ජන සන්ධානය විසින් මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක […]
ඇතමුන් ලේ හලන විප්ලව මගින් සමාජය වෙනස් කරන්නට තැත් කළත්, සැබෑ සමාජ විප්ලවය කළේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් පියවරුන් විසින්.
ඇතමුන් ලේ හලන විප්ලව මගින් සමාජය වෙනස් කරන්නට තැත් කළත්, සැබෑ සමාජ විප්ලවය කළේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් පියවරුන් විසින් – පාඨලී චම්පික රණවක ඇතමුන් ලේ හලන විප්ලව මගින් සමාජය වෙනස් කරන්නට උත්සාහ කළත්, සැබෑ සමාජ විප්ලවය කළේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් පියවරුන් විසින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා […]
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි පක්ෂවලට ඡන්දය ලබා දුන් ජනතාවට අද තිබෙන එක ම විකල්පය සමගි ජන සන්ධානය පමණයි. ජනාධිපතිවරණය වගේ විවිධ විකල්ප කියලා හඳුනාගත් අයට ඡන්දය ලබා දීලා ඔබේ ඡන්දය නාස්ති කරගන්න එපා.
මෙතෙක් කලක් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි පක්ෂවලට ඡන්දය ලබා දුන් ජනතාවට අද තිබෙන එක ම විකල්පය සමගි ජන සන්ධානය පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (02) සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ […]