
ශ්‍රී ජයසේකරරාමය – කෝට්ටේ
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජයසේකරරාමයේ අභිනවයෙන් ඉදිකල සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ බෝධිඝරය නිරාවරණය කිරීමේ උත්සවය. මෙහිදී තවත් පිළිම වහන්සේ නමකට මුල්ගල් තැබීමද සිදුවිය.

මහරහතුන් ධාතු වන්දනාව
අතිඋතුම් වෙසක් දිනයේ මහරහතුන් වහන්සේලාගේ ධාතු වන්දනා කිරීමට මා පුණ්‍යවන්ත වූ අතර එම පුණ්‍යකර්මය ශ්‍රී ලංකාවාසී ඔබ සැමට උදාකරදීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වුනෙමි. මහාබෝධී විහාරයේ සිට සිරස වෙසක් කලාපයට සැරියුත් සහ මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වැඩම කරවීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිතුමාත් සමග සහභාගී විය.

බුද්ධාංජලී 2015 – සර්වඥ ධාතු වන්දනාව
සර්වඥ ධාතු වන්දනාව දෙහිවල ප්‍රදේශයේ සංවිධානය කර තිබු “බුද්ධාංජලී 2015” වෙසක් කලාපයේ සර්වඥ ධාතූන් වහන්සේලා වැදපුදා ගැනීම සහ එම උත්සව අවස්ථාව මහජනයාට විවෘත්ත කිරීමේ පුණ්‍යකර්මයට දායක විය.

Opening – C.E.B. DGM Office (Eastern Province)
නැගෙනහිර පළාතේ විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගොඩනැගිල්ල විවෘත්ත කිරීමේ අවස්ථාව අප විසින් මීට ඉහත විදුලිබල මණ්ඩලයේ වගකීම් දරපු අවධියේ මුල්ගල් තබන ලද මෙම ගොඩනැගිල්ල වැඩ නිමකොට නැගෙනගිර පළාත තුල සිටින ජනතාවගේ සේවා අවශ්‍යතා පුළුල් කිරීම උදෙසා විවෘත්ත වූ වගයි.
ශ්‍රී දළදා මාලිගාවට නවීන බහුකාර්යය ගොඩනැගිල්ලක්
ශ්‍රී දළදා මාලිගාවට නවීන බහුකාර්යය ගොඩනැගිල්ලක්……. අපගේ සංකල්පයකට අනුව, විදුලිබල අමාත්‍යංශය සහ එයට අනුබද්ධිත සියලු ආයතනවල ධන පරිත්‍යාගයෙන් රු. මිලියන 25 ක වියඳමින් ඉදිවන බහුකාර්යය ගොඩනැගිල්ලේ වැඩකටයුතු අද දිනයේ ආරම්භ කෙරිණ. භූමියේ පවතින ඉඩ ප්‍රමාණය අනුව මෙය දළදා මාලිගා පරිශ්‍ර භූමිය තුල ඉදිවන අවසන් ගොඩනැගිල්ල වනු ඇත. මෙමගින් දළදා මාලිගා පරිශ්‍රය තුල සිදුකෙරෙන සියලු පුණ්‍ය […]