එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කණ්ඩායම් හමුවක් 2024 ජූලි 21 දින මහනුවර (උඩුදුම්බර) ප්‍රදේශයේදී පැවැත්විණ. එක්සත් ජනරජ පෙරමුණු උඩු දුම්බර ආසන සංවිධායක අමරවංශ වීරරත්න මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම කාරක සභික, පූජ්‍ය හෙට්ටිපොළ ධීරානන්ද හිමියන් සහ පක්ෂ උප සභාපති තීක්ෂණ ගම්මන්පිල, ඉංජිනේරු සරත් විජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී විය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කණ්ඩායම් හමුවක් 2024 ජූලි 21 දින මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේදී පැවැත්විණ. එක්සත් ජනරජ පෙරමුණු කුණ්ඩසාලේ ආසන සංවිධායක අතුල දයාවංශ මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම කාරක සභික, පූජ්‍ය හෙට්ටිපොළ ධීරානන්ද හිමියන්,ධනුෂ්ක මල්වැව මහතා, පක්ෂ උප සභාපති තීක්ෂණ ගම්මන්පිල, ඉංජිනේරු සරත් විජයසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී විය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති ජනරජ කණ්ඩායම් හමුවක් 2024 ජූලි 21 දින මහනුවර හාරිස්පත්තුව ආසනයේ දී පැවැත්විණ. එක්සත් ජනරජ පෙරමුණු හාරිස්පත්තුව ආසන සංවිධායක, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධනුෂ්ක මල්වැව මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ. මෙම අවස්ථාව සඳහා පක්ෂ උප සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා, මධ්‍යම කාරක සභික, පූජ්‍ය හෙට්ටිපොළ ධීරානන්ද හිමියන් ඇතුළු පක්ෂ නියෝජිතයන් පිරිසක් ද සහභාගී විය.
'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' එක්සත් ජනරජ පෙරමුණේ රට ගොඩනගන වැඩපිළිවෙළ පිලිබඳ ගම්පහ ජනතාව දැනුවත් කරමින් අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් ජූලි17 දින ගම්පහ දුම්රියපොළ කේන්ද්‍ර කරගනිමින් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා පක්ෂ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, උප සභාපතිවරුන් වන තීක්ෂණ ගම්මන්පිල, ප්‍රියදර්ශනී ආරියරත්න, නියෝජ්‍ය ලේකම් (අරමුදල්), ගම්පහ අසන සංවිධායක, මධ්‍යම කාරක සභික ඉංජිනේරු අමිල් ප්‍රියන්ත, කාන්තා අංශ සභාපති ධාන්‍යා සමරසිංහ, තරුණ අංශයේ සභාපති ඉසුරු උද්දීප ඇතුළු පිරිසක් සහභාගී විය. මෙම අවස්ථාව සංවිධානය කළේ ගම්පහ දිස්ත්‍රික් කළමනාකාර නලින්ද ජයවර්ධන, ගම්පහ කාන්තා කටයුතු සම්බන්ධීකාරක වොරාජි සමරසිංහ, ගම්පහ තරුණ කටයුතු සම්බන්ධීකාරක දේවින්ද වික්‍රමාරච්චි, ජගත් ගුණරත්න යන අය විසිනි.
එක්සත් ජනරජ පෙරමුණ | කොළඹ දිස්ත්‍රික් සමුළුව
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හා Ceylon Federation of MSME නිලධාරීන් පිරිසක් අතර හමුවක් ජූලි 11 පැවැත්විණ. බැංකු හා මූල්‍ය ආයතන සමඟ ගණුදෙනු කිරීමේදී හා, රාජ්‍ය බදු ප්‍රතිපත්ති නිසා ව්‍යාපාරිකයින් මුහුණදී සිටින ගැටළු පිලිබඳ මෙහිදී සාකච්ඡා විය. මෙම අවස්ථාව සදහා Ceylon Federation of MSME හි සභාපතිනී ශෂිකා ද සිල්වා මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි විය. මෙම හමුව සම්බන්ධීකරණය කරන ලද්දේ පක්ෂ මධ්‍යම කාරක සභික, ගම්පහ ආසන සංවිධායක ඉංජිනේරු අමිල් ප්‍රියන්ත මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජූලි 11 පස්වරුවේ කැනඩා මහ කොමසාරිස් Eric Walsh මහතා මුණ ගැසී සුහද කතාබහක නියැලිණ. මේ අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජාත්‍යන්තර කටයුතු නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනආරච්චි යන මහත්වරුන් ද එක්ව සිටියහ. Met & had a cordial discussion with HE Canadian High Commissioner to Sri Lanka Eric Walsh at the High Commission of Canada in Colombo last evening. Mr. Karu Paranavithana, Chairman of the Political Committee of the United Republic Front, Senior Professor Rohana Mahaliyanaarachchi, Deputy Secretary of International Affairs were also present for this occasion.