
අවිස්සාවේල්ල, උක්වත්ත, ඇන්විල්වත්ත පාර ජනතා අයිතියට පැවරීම.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කරන ලද අවිස්සාවේල්ල, උක්වත්ත, ඇන්විල්වත්ත පාර ජනතා අයිතියට පැවරීම එතුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි 09 දින සිදුවිය.
ප්‍රියන්ත මහතාගේ නිවසේ දී පැවැති ප්‍රදේශවාසී හමුව එක්සත් ජනරජ පෙරමුණේ කැළණිවැලි කලාප සංවිධායක බෝසෙත් කළහෙපතිරණ මහතාගේ මූලිකත්වයෙන් අවිස්සාවේල්ල ආසන සම්බන්ධීකාරක රුමේෂ් ගනේගොඩ මහතා විසින් සංවිධානය කර තිබිණ.

දෙමටගොඩ මිහිඳුසෙන්පුර Block D පැවති කුඩා ජන හමුව.






කොලොන්නාව ආසනයේ මහාවෙල වසමේදී පැවැති ජන හමුව.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙන් පැවති ජන හමුවක් ජූලි 06 දින කොලොන්නාව ආසනයේ මහාවෙල වසමේදී පැවැත්විණ.
මෙම ජන හමුව කැලණිවැලි කලාප සංවිධායක බෝසෙත් කළහේපතිරණ මහතා විසින් සංවිධානය කරන ලදී.
ඒ සඳහා කොලොන්නාව ආසන එක්සත් ජනරජ පෙරමුණේ සම්බන්ධීකාරක කපිල බණ්ඩාර, හිටපු සංවිධායක නීතිඥ ගීත් ආටිගල, පක්ෂයේ කාන්තා නායිකා ධාන්‍යා සමරසිංහ, බොරැල්ල ආසන සම්බන්ධීකාරක කිංස්ලි පෙරේරා, කොලොන්නාවේ හිටපු සම්බන්ධීකාරක දිනේෂ් මධුරසිංහ හා වසමේ සංවිධායක එරන්ද යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.

කඩුවෙල, ශාන්තාලෝකගම ප්‍රදේශයේදී පැවැති ජන හමුව.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගීත්වයෙන් පැවති ජන හමුවක් ජූලි 05 සවස කඩුවෙල, ශාන්තාලෝකගම ප්‍රදේශයේදී පැවැත්විණ.
මෙම හමුව සංවිධානය කළේ එක්සත් ජනරජ පෙරමුණේ කඩුවෙල තරුණ අංශයේ සංවිධායක තරිඳු අතපත්තු මහතා විසිනි.
මේ සදහා එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති අජිත් අමරසිංහ, නියෝජ්‍ය ජාතික සංවිධායක තීක්ශණ ගම්මන්පිල, මධ්‍යම කාරක සභික රජික කොඩිතුවක්කු, තරුණ අංශයේ සභාපති ඉසුරු චන්ද්‍රසේකර ඇතුලු පිරිසක් සහභාගී විය.

නිර්මාණශීලී පන්තිය දිරිගැන්වීම උදෙසා සංවිධානය කෙරුණු කේශාලංකරණ, රූපලාවන්‍ය සහ මනාලියන් හැඩ ගැන්වීමේ පාඨමාලාවන් හී සහතික පත් සහ සම්මාන ප්රදානය.
රටක අභිවෘද්ධිය, පැවැත්ම සහ සංවර්ධනය සඳහා නිර්මාණශීලී පුද්ගලයන් වැඩි වශයෙන් අවශ්‍ය වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. නිර්මාණශීලී ආර්ථිකයක් උදෙසා නිර්මාණශීලී පන්තිය දිරිගැන්වීමේ අවශ්‍යතාවයේ වැදගත්කම ද ඔහු පෙන්වා දෙයි.
රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ ජූනි 30 කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති, පුෂ්පා මල්දෙණිය මහත්මිය විසින් මෙහෙයවන ලද කේශාලංකරණ, රූපලාවන්‍ය සහ මනාලියන් හැඩ ගැන්වීමේ පාඨමාලාවන් හී සහතික පත් සහ සම්මාන ප්රදානය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වෙමිනි. නිර්මාණශීලී පන්තිය දිරිගැන්වීම උදෙසා සංවිධානය කෙරුණු එම වැඩසටහන පාඨලී චම්පික රණවක මහතාගේ විශේෂ අගැයීමට ලක් විය.
'ජනරජ කාන්තාවෝ' සභාපති ධාන්‍යා සමරසිංහ මහත්මිය විසින් මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලදී.

ජනාධිපතිවරණයද..? ජනමත විචාරණයද..?







අවිස්සාවේල්ල ජනතාව මුහුණ දෙන පානිය ජල ගැටළුව සම්බන්ධයෙන් අදහස් විමසීම.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජූලි 09 සවස, අවිස්සාවේල්ල ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ කාර්යාලය වෙත ගිය අතර, වසර ගණනාවක සිට එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන පානිය ජල ගැටළුව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවක නිරත විය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානය යොමු කොට කඩිනම් විසඳුමක් සඳහා ජනතාවගෙන් අදහස් විමසීමක් ද සිදු කරන ලදී.
