හෙට දවසේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවයක් කරමු....... විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ එයට අයත් අනෙකුත් ආයතනවල නිළධාරීන් සඳහා මාදුරු ඔය විශේෂ බළකා පුහුණු කඳවුරේ පැවති නායකත්ව පුහුණු කඳවුර සඳහා සහභාගී වූ පිරිස සමග
ශීලාචාර, ප්රශස්ත දේශපාලන සංස්කෘතියක් උදෙසා ජාතියට මඟ කියන ජාතික හෙළ උරුමයේ ජාතික හමුවේදී ජාතිමාමකයින් අමතමින්.......
විදුලිබල හා බලශක්ති අමාතයාංශ පරිශ්‍රෙය් පැවති, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවක දරුදැරියන් අතරින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලත් දරුදැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාව මේ සේවක දරුදැරියන්ට ඛනිජ තේල නීතිගත සංස්ථාව මේ ආකාරයෙන් අධ්‍යාපනයට සහයෝගය ලබාදෙන්නට ඉදිරිපත්වීම ගැන අපි සතුටු වෙනවා. සාමාන්‍ය පවුල් වල ළමයින්ට ඉදිරි ගමන යන්න තියෙන එකම දොර තමයි නිදහස් අධ්‍යාපනය. කණගාටු දායක අද්දැකීම තමයි මේ නිදහස් අධ්‍යාපන දොරෙන් එළියට යන අය රට අතහැර යාම. මේ නිදහස් අධ්‍යාපනයට වැයවන මුදලින් ගොඩනැගෙන ශක්තිමත් පිරිස් වල සේවය රටට ලැබෙනවාද යන්න අපි සොයා බැලිය යුතුයි. රටට මුලින් සේවය කිරීමට සියලු දෙනාම අධිෂ්ඨාන කරගත යුතුයි මේ කලාපයේ මෙන්ම ලෝකයේ නිදහස් අධ්‍යාපනය ඉතා වැදගත් දෙයක්. රටවල් 34 ක් තියෙනවා නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන. ඒ අතරින් අඩුම ආදායම තියෙන රට තමයි අපේ රට. මේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක කළේ සී. ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා. අපි එතුමාව කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුයි. සාපේක්ෂ වශයෙන් මේ රටේ ඉතාම බලගතුම කරුණු දෙක වන්නේ, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය එකවිට ක්‍රියාත්මකවීම. මේ සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් විශාල දායකත්වයක් දරනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආයතනයක් හැටියට විශාල වශයෙන් ආණ්ඩුවට බදු ගෙවනවා. වංචා දූෂණ ඇතැයි කීවත්, අකාරයක්ෂම පාලනයක් පවතීයැයි කීවත්, තවමත් රටේ ප්‍රධානම බදු ගෙවන්නා ඛනිජ තෙල් සංස්ථාව. අපේ අධ්‍යාපනයේ කිසිසේත්ම භේද නැහැ. විවිධ රටවල පාසල්වල විවිධ සමාජ කණ්ඩායම් වැද්දගන්නේ නැහැ. ජාති, කුල, ආදායම් තත්ත්වය, ජන්ම තත්වය, ස්ත්‍රී පුරුෂ භේදය කිසිසේත්ම ලංකාවේ පාසල් වලට ඇතුල්වන්නට බලපාන්නේ නැහැ. ලෝකයේ තවත් සමහර රටවල කාන්තාවන්ට අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම හෝ උසස් අධ්‍යාපනය අහිමි කරලා. නමුත් මේ රටේ කාන්තාවන් විශ්ව විද්‍යාලවල 70 %ක් පමණ සිටිනවා. කාන්තාවන් සැම ක්ෂේත්රයකම උසස් ස්ථාන හිමිකරගෙන තිබෙනවා. ඒක මේ රටට විශාල ආඩම්බරයක්. සෑම පිරිමි සිසුවෙකුටම සිසුවියන් 1.67ක අනුපාතයක් සිටිනවා. දියුණූයැයි සම්මත රටවල මේ තත්ත්වය වෙනස්. ලංකාවේ වෛද්‍ය, නීති වෘත්තීය දෙකම විශාල වශයෙන් කරගෙන යන්නේ කාන්තාවන් විසින්. මේ රටේ ඉදිරි ගමනට විශාල පිටුවහලක්.
විධායක ජනාධිපතිදූරයේ බලතල කප්පාදුව ඇතුලු අනෙකුත් දේශපාලන කාරණා පිළිබඳව මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින්.