බලශක්ති සංරක්ෂණය දේශපාලන විහිළුවක් කරගතයුතු නැහැ. මේක කෙටිකාලීනව පමණක් නෙමෙයි, දිගුකාලින වශයෙන් රටකට, ජාතියකට අත්‍යාවශ්‍යවන ක්‍රියාවලියක්. "පුංචි පුංචියට හරි ඉතිරි කළොත් මහා බලවේගයක් බවට පත්වෙන්න පුළුවන්. පුංචි වෑයමකින් පුළුවන් විශාල බලයක් නිපදවන්න. අපි එදා 2011,2012 බලශක්ති අර්බුදයක් ඇතිවු අවස්ථාවේද පුංචි ඉල්ලීමක් කළා එක විදුලි පහනක් නිවන්න කියලා. වොට් 60 විදුලි පහනක් නිව්වොත්, නිවාස පනස් ලක්ෂයක. මෙගාවොට් 300 ක්, පුත්තලම බලාගාරයට සමාන බලයක් ඉතිරි වෙනවා. පුංචි වෑයමකට සාමුහික ශක්තිය එකතු වුණාම විශාල බලයක් නිපදවෙනවා. බලශක්ති සංරක්ෂණය දේශපාලන විහිළුවක් කරගතයුතු නැහැ. මේක දිගුකාලිනව ජාතියකට අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක්. මේ වැඩපි ළිවෙල ඉදිරියට ගෙනියන්න ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ඉදිරියේදි ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධ කරගෙන මහා ජාතික වෑයමක් බවට පත්කරගන්නවා. මේ දු දරුවන්ගෙන්, සමස්ත ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ මහා ජාතික වෑයම ඉදිරියට ගෙනියන නියමුවන් බවට පත්වෙන්න කියා" යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ, 2012 වසරේදී, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය විසින්, ජන විදුලිබලාගාර සංකල්පය යටතේ පාසල් දරුවන් බලශක්ති සංරක්ෂණය වෙත යොමුකිරීමේ අරමුණෙන් සංවිධානය කළ පාසල් බලශක්ති තරගාවලියේ ජයග්රාහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අදාළ පාසල් වෙත ත්‍යාග සහ සහතිකපත් ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. මේ යටතේ දිවයිනේ පාසල් 24 ක් සහ ඒවායේ දරු දැරියන් ත්‍යාග සහ සහතිකපත් ලබාගන්නා ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා, "2012 මේ තරගය පැවැත්තුවත්, ත්‍යාග ප්‍රධානෝත්සවය පවත්වන්න බැරි වුණා. මේක අපේ දේශපාලන ව්‍යුහයේ නරක ලකුණක්. අඩුපාඩුවක්. සමහර ආයතනවල නරක දේවල් පවත්වාගෙන ගියාට හොඳ දේවල් ඉදිරියට ගෙනියන්න උනන්දුවක් නැහැ. අමතක වෙන්න ගිය මේ යහපත් දේ නැවතත් සිහිගන්වමින්, අපේ දූදරුවන් වෙනුවෙන් මේ යුතුකම ඉටු කරන්න ඉදිරිපත්වීම පිළිබඳව, ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා, මේ ගැටළුව අපට ඇතිවුණේ 2012 වසරේ. පුත්තලම ගල් අඟුරු බලාගාරය ඇතුළු බලාගාර නිසි පරිදි තිබුණනම් අපට විදුලිය සැපයීම ගැටළුවක් වෙන්නේ නැහැ. 2012 වසරේ සහ 2011 වසරේ අග භාගයේ සිට ජල විදුලිය අඩු වුණා මෝසම් වැසි නොලැබීමෙන්. ඒකෙන් විශාල විදුලි අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒකට පිළියම් කිහිපයක් තිබුණා. එකක් විදුලි කප්පාදුව. මේ කලාපයේ අනෙක් රටවලත් මේ විදුලි කප්පාදුව පවතිනවා. විදුලි ඉල්ලුම සපුරා ගන්න බැරි වෙනකොට දවසේ 24 පැයම විදුලිය සපයන්නේ නැහැ. නමුත් ඒ වකවානුවේ විදුලිය කැපුවානම්, ඒක විශාල සමාජ ප්‍රශ්නයක් වෙනවා. එහෙම කප්පාදුවක් නොකළානම්, කෙටි කාලීන වශයෙන් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න එක. ඒකට විශාල මුදලක් වැය වෙනවා. මිලියන 17,000 ක් වැනි විශාල මුදලක්. එහෙමත් නැතිනම් අනෙක් ක්‍රමය තමයි, විදුලි සංරක්ෂණය. ඒක අභියෝගාත්මක දෙයක්. ඒ සඳහා තමයි හෙට වෙනුවෙන් අද ව්‍යාපාරය ඇරඹුනේ. ඒකට ඉලක්ක වුණ පාසල් දරුවෝ ජාතික වීරවරයෝ කියලා හඳුන්වන්න පුලුවන්. අපි ඒ අවස්ථාවේ කිව්වේ ජල විදුලිබලාගාර සිඳුනත්. ජන විදුලිබලාගාර වලින් විදුලිය ලබාගන්න පුළුවන් කියලා. මේ ගැන ඇතැම් පිරිස් සැක පහල කළා මේක කරගන්න පුළුවන්ද කියලා. මේ රටේ ජාවාරම්කාරයෝ බලන් ඉන්නවා රටේ අර්බුධයක් ඇතිවෙනකල් ඒකෙන් ප්‍රයෝජන අරන්, තම තමන්ගේ මඩි තරකරගන්න.. අපි ආඩම්බර වෙනවා අපේ පාසල් දරුවන් නිසා එදා ඒ ගැටළුවෙන් රට මුදා ගත්තට. අද අපි ඉතාමත් විෂම යුගයක ජීවත් වෙන්නේ. මිනිසා නිර්මාණශීලියි. මේ නිර්මාණශීලීත්වයේ පළවෙනි අංගය ඇති වෙන්නේ භාෂාවෙන්. සන්නිවේදනයෙන්. දෙවැනි අංගය තමයි මිනිසා පරිසරයෙන් දේවල් ලැබෙනකල් ඉන්නේ නැහැ. ඔහු දේවල් ලබා ගන්නවා. මේ ලෝකයේ මුලින්ම ධාන්‍ය වගාකරපු රටක් තමයි ශ්‍රී ලංකාව. ඒක අපේ මිනිසුන් ලබාගත්ත ප්‍රධාන නිර්මානශීලිත්වයක්. තුන්වන වැදගත් දේ තමයි හුවමාරුව. මේක මිනිසාගේ වැදගත් දෙයක්. නිර්මානශීලිත්වයේ අනෙක් දේ තමයි නිතිය. නිර්මාණශීලීත්වයේ ඉතාම වැදගත් දේ තමයි ශ්‍රමය වෙනුවට බලශක්තිය යොදවා ගැනීම. අපේ රටේ මේ සඳහා යොදා ගත්තේ පෝල්තෙල්. වෙනත් රටවල සත්ව තෙල් ආදියත් යොදා ගත්තා. අද අපිට හැමදේම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ විදුලිය නිසා. තෙල් ගල් අඟුරු ගෑස් ඉතා ඉක්මණින් සිඳීයාමට නියමිතයි. වැඩිම වුණොත් තව දශක 4 ක් පවතියි. ඉන් අනතුරුව රටට බලශක්ති සපයා දීමට විකල්ප බලශක්තිය අවශ්‍ය වනවා. ඒ සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් හරිත බලශක්ති ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සැලසුම් කරනවා. ලංකාවේ විදුලි බලාගාර වලට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් බලය සපයන්නේ දර වලින්. ඒක නොදියුණුකමේ ලක්ෂණයක් නෙමෙයි. අපි අපේ ආහාර වවා ගන්නවා සේම බලශක්තියත් වවා ගතයුතුයි. බලශක්ති ගොවිතැන මේ ඊලඟ දශක තුනේදි ලෝකයේ ඉතාම වැදගත් කර්මාන්තය බවට පත්වෙනවා. ලෝකයේ වැදගත්ම දේ තමයි කාර්යක්ෂමතාව වැඩිදියුණු කරගැනීම. අපි නිතරම ඉල්ලුම ගැන හිතුවා මිසක්, බලශක්ති කළමනාකරණය ගැන හිතුවේ නැහැ. ඉල්ලුම වැඩිවෙද්දි, ඒකට බලාගාර කීයක් හදන්න ඕනද කියලා හිතුවා මිසක්, බලශක්තිය ඉතිරි කරන්න අපි හිතුවේ නැහැ. ලංකාවේ විදුලි ඉල්ලුම වැඩිවෙන්නේ වර්ෂයකට 3% ක් 4% කින්. ඒ ප්‍රමාණය පාසල් දරුවෝ බලශක්තිය ඉතිරි කිරීමෙන් ලැබෙනවානම්, අළුතෙන් බලාගාර ඉදිකරන්න ඕන නැහැ. ඒ නිසා අපි තීරණයක් ගත්තා විදුලිය පමණක් නෙමෙයි ඉන්ධන, ගෑස් අදාල සියලුම ක්ෂේත්රයන් කැටිකරගත්ත මහා ඉතුරුම් ව්‍යාපාරයකට යන්න. අපි ඉන්ධන මිල අඩු කළා. අපි හිතුවා ඒ අඩුවූ මිල නිසා මිනිසා ඒ වැයවූ මුදල් ඉතිරි කරයි කියලා. නමුත් සිද්ධ වුණේ මිල අඩු නිසා මිනිසුන්ගේ ගමන් වැඩිවුණ එක විතරයි. මේක අපේ නරක පුරුද්දක්. ඉන්ධන ඉතිරි කරගත යුතුයි. ඉන්ධන තව වැඩි කළක් පවතින්නේ නැහැ. බංග්ලාදේශයේ ගෑස් නිකන් දෙනවා. ඒ නිසා ඒ රටේ මිනිස්සු ගැස් ලිප නිවන්නත් කම්මැලි වෙලා. ආණ්ඩුවට වෙලා තියෙන ලොකුම ප්රශ්නය තමයි ගෑස් නිධි තව වසර කිහිපයකින් ඉවරයි. නමුත් දැන් මේ නොමිලේ දෙන එක නැවැත්තුවොත්, ආණ්ඩුව පෙරලෙනවා. පකිස්ථානයේ අද පැය 18 ක් විදුලිය කපනවා. බලශක්ති ඉතිරුම නොදන්නකම නිසා තමයි ඒ රට බංකොලොත් වෙලා තියෙන්නේ. ඒ නිසා බලශක්ති සැපයුම වගේම බලශක්ති ඉතුරුම සඳහාත් යොමුවිය යුතුමයි. බංග්ලාදේශය, පාකිස්ථානය වගේ තත්ත්වයකට මේ රටත් පත්වෙන්න පුළුවන්, අපි බලශක්ති සංරක්ෂණ ක්‍රමවේදයකට අනුගත නොවුණොත් "යැයි පැවසීය මෙම අවස්ථාවට පාසල් 24 ක ගුරුභවතුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ට්රාන්ස්ෆෝමරස් ආයතනය යන ආයතනයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි විශාල පිරිසක් සහභාගී වූහ.
විදුලිබල ක්ෂේත්රයේ සැබෑ අයිතිකරුවන් වශයෙන් විදුලි පාරිභෝගිකයාට නිල අයිතිවාසිකමක් තියෙනවා, මේ ක්ෂේත්රය සම්බන්ධව කටයුතු කරන්න. පසුගිය කාලේ ධනයට, බලයට, රාජ්‍ය බලයට ජනතාවගේ ජන විඤ්ඤාණය පාලනය කළා. ඒත් ඒ එක් සීමාවකට පමණයි. සෑම කෙනෙක්ටම ඉතිහාසයෙන් බැස යාමට අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී ඔහු බැස යා යුතුමයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. "පාලනාධිකාරිය, වෘත්තීය සමිති වලට අමතරව විදුලි පාරිභෝගිකයා කියන අලුත් බලය අද ශක්තිමත් වෙලා තියෙනවා තුන්වෙනි බලවේගය විදිහට. "මේ ක්ෂේත්රයේ අයිතිකරුවෝ අපි" කියලා යම් යම් ආයතන, සංවිධාන, ක්ෂේත්‍ර කතා කළාට, මේ විදුලි ක්ෂේත්රයේ සැබෑ අයිතිකරුවන් වශයෙන් විදුලි පාරිභෝගිකයාට අද ඉඳන් නිල අයිතිවාසිකමක් තියෙනවා මේ ක්ෂේත්රය සම්බන්ධ කටයුතු කරන්න" යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් ප්‍රකාශය සහ සැපයුම් සේවා සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා, අපේ රටේ විදුලිබල ක්ෂේත්රය එක්තරා අවිධිමත් ක්රමවේදයකයි පවතින්නේ. එයට හේතුව රජයන් විසින් ගනු ලැබූ ඇතැම් ප්‍රතිසංස්කරණ යෝජනා වෙනත් රජයන් විසින් වෙනස් කිරීමයි. පවතින තත්ත්වය වෙනස් කළ යුතු අවස්ථාවකයි අපි අද සිටින්නේ. 19 සියවසේ අගභාගයේ උතුරු ඇමරිකාවේ එංගලන්තයේ සහ යුරෝපයේ විදුලි පද්ධති ඇති වුණා. විදුලි මිල ක්‍රමය ඇති වුණා. බිල් සැපයුම ඇතිවුණා. ඒවා බොහෝ දුරට කෙරුනේ පුද්ගලික සමාගම් වලින්. ඒ සමාගම් විවිධ මිල අයකිරීම් කළ නිසාත්, වෙනත් කිසිඳු ප්‍රභවයක් විදුලිය ලබාගැනීමට නොතිබුණ නිසාත් විදුලි නියාමනය අවශ්‍ය වුණා. ඒ අනුව තමයි නියාමන කොමිෂන් ඇති වුණේ. මේ රටේ විදුලි ඒකාධිකාරයක් ලංවිමට තිබුණා. 1969 නව පනතකින් විදුලිබල මණ්ඩලය බිහිකරද්දි රටේ ජනතාවගෙන් 4% කටයි විදුලිය තිබුණේ. විදුලියන අනුපාතය වැඩිවෙලා අද 100 % ක විදුලිය ලබාදෙන තත්ත්වයක් ඇති වෙලා. ඇත්තටම 56 ලක්ෂයක් වන පිරිසෙන් ලක්ෂයකට වගේ තමයි අද විදුලිය නැත්තේ. නමුත් සෑම ගමකටම අද විදුලි පහසුකම සපයලා තිබෙනවා. නිවාස 60,000 ක් පමණ තාවකාලික නිවාස වලට විදුලිය ලබාගනීමේ ගැටළුවකුත් තියෙනවා. දකුණු ආසියාවේ හොඳම විදුලියන අනුපාතය පවතින රට බවට ලංකාව පත්වෙලා. ලංවිම පාඩු ලබන අකාර්යක්ෂම ආයතනයක් බවට සමාජ මතයක් ඇතිවීමේ ප්‍රතිපලයක් හැටියට විදුලිබල මණ්ඩලය කොටස් 6 කට වෙන්කරනු ලැබුවා. ඛනිජ තෙල් ක්ෂේත්‍රයත් කොටස් 3 කට වෙන්කරලා. විවිධ සමාගම් අතර බෙදාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ඒ අවස්ථාවේදී මේ ක්ෂේත්‍ර සම්බන්ධව යම් නියාමනයක් අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේ තමයි මහජන උපයෝගීතා කොමිසම පිහිටෙව්වේ. විදුලිය , ඛනිජ තෙල් සහ ජලය යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මේ මහජන උපයොගීතා කොමිසම පිහිටෙව්වා. නමුත් අද වෙනකල් විදුලි ක්ෂේත්රය පමණයි මේ මහජන උපයෝගීතා කෙමිසමට සම්බන්ධ වෙලා තිබෙන්නේ. අපේ බොහෝ විට සංසන්දනය වන අංශ දෙකක් තමයි විදුලිබල ක්ෂේත්රය සහ දුරකතන. දුරකතන සේවය පුද්ගලීකරණය වනවිට විශාල භීතියක් තිබුණා මිල වැඩි වෙලා සේවා තත්ත්වය පහළ මට්ටමකට වැටෙයි කියලා. නමුත් සිදුවුණේ ඒකේ අනිත් පැත්ත. මිල අවම වෙලා වඩාත් ගුණාත්මක සේවයක් ලබාදෙන්න දුරකතන සේවයට හැකිවුණා. විදුලි ක්ෂේත්රය සම්බන්ධයෙනුත් ඒ අවස්ථාවේ බලවත් ලෙස තර්ක මතුවුණා. දැනට රජයේ කිසිඳු තීරණයක් නැහැ විදුලි ක්ෂේත්රය මේ තියන තත්ත්වය වෙනස් කරන්න. අපිට දැන් තියෙන්නේ දැනට පවතින මේ ක්ෂේත්රය කාර්යක්ෂමව පවත්වා ගැනීම. අපි එක ඉලක්කයක් සාර්ථක කරගත්තා. ඒ තමයි රට පුරාම විදුලිය ලබාදීම. අපේ අනෙක් ඉලක්කය තමයි 24 පැයම විදුලිය ලබාදීම. ඒකත් යම්කිසි මට්ටමකට සාර්ථක තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. අද ලෝකයේ සෑම ක්ෂේත්රයක්ම තොරතුරු තාක්ෂණ ක්‍රියාවලියක් සමග බැඳිලා තියෙන්නේ. පාරිභෝගික අයිතිය, වගකිම පිළීබඳව, සන්නිවේදන තාක්ෂණයෙන් අපට තොරතුරු ලබාදීමට බැඳිලා ඉන්නේ. මහජනතාවට අයිතියක් තියෙනවා තමාගේ බිල සකස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. ඕන ඕන ගණන් සපයන්න හැකියාවක් නැහැ. අපි ඒ ගැන මහජනයාට වගකිව යුතුයි. විදුලි ක්ෂේත්රය අපේ අකාර්යක්ෂමතාව නිසා පාඩු ලබනවානම්, මහජනයාගේ මුදලින් තමයි ඒ පාඩු ගෙවන්නේ. මේක ඉතාම හොඳ වැදගත්, විප්ලවිය අවස්ථාවක්, විදුලි පාරිභෝගිකයාට තමන්ගේ වගකීම සහ අයිතිවාසිකම් දැනගැනීමට. අපි සෑම කෙනෙක්ම විදුලි පාරිභෝකයෙක්. මේ ආයතනයේ සභාපතිවරයාත්, සාමාන්‍යාධි කාරිවරයාත්, වෘත්තීය සමිතිවල අයත්, ඇමතිවරුත් පාරිභෝගිකයෝ. ඒ නිසා විදුලි පාරිභෝගිකයාට අවස්ථාව ලැබෙනවා දේශපාලනමය වශයෙන් වුවත් ලංකා විදුලිබල මණ්ඩලයේ, ලෙකෝ ආයතනයේ අනාගතය තීරණය කරන්න. මේ ආයතන වල සිදුවන ක්‍රියාදාමය මොකක්ද. ගනුදෙනු මොනවාද යන්න මීට වඩා බලාත්මකභාවයක් උසුලන්න ඕන පාරිභෝගික ජනතාව. පසුගිය කාලේ ධනයට බලයට රාජ්‍ය බලයට ජනතාවගේ ජන විඤ්ඤාණය පාලනය කරන්න පුළුවන් වුණේ එක් සීමාවකට පමණයි. සෑම කෙනෙක්ම ඉතිහාසයෙන් බැස යාමට අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී ඔහු බැස යායුතුමයි. ඒ වගේම ඕනෑම බලවන්තයෙක්, බලගතු දර්ශනයක්, සිද්ධාන්තයක් ඒ අවට පරිසරයේ වෙනස්වීමට නතු වන්නේ නැත්නම්. ඒවා වඳවී යනවා. වෙනස්වීමට නොහැකිවන තත්ත්වය යටතේ ඕනෑම දෙයක් වඳවෙනවා. ඉතාම බලවත් ශක්තිමක් ඩයිනෝසරයන් වඳවී ගියා. බලගතු රාජ්‍යයන්, අධිරාජ්‍යයන් වඳවී ගියා. ඒ නිසා මේ විදුලි පාරිභෝගික තත්ත්වයත් සියලු දෙනා අවබෝධ කරගත යුතුයි. පැරණි තාලයටම අපට හැමදාමත් කටයුතු කරන්න බැහැ. අපට මොන විදිහේ දේශපාන ශක්තියක් තිබුණත් වෙනස්වීමට අනුව වෙනස් වෙන්න බැරිනම්, අප වඳවීයාමට ගොදුරු වෙනවා. අපේ ජනතාව බලාත්මක කරන්න, වෙනස්වීමට සුදුසු ආකාරයෙන් වෙනස් වෙමින් කටයුතු නොකළොත්, ජනතාව අපව වෙනස් කරාවි. ඒ නිසා විදුලි පාරිභෝගික සමිති මේ රටේ විදුලිබල ක්ෂේත්රය පාලනය කරනු ලබන පාලනාධිකාරිය බවටම පත්වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා" යැයි පැවසීය. මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, ලංවිම සභාපති අනුර විජේපාල, සාමාන්‍යාධිකාරි එම්. සී. වික්‍රමසේකර , ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති බන්ධුල චන්ද්‍රසේකර, සාමාන්‍යාධිකාරි එච්.එස්. සෝමතිලක, මහජන උපයෝගී කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
අපේ ගම්වල ඉන්න ඕනම දරුවෙකුට, ලෝකයේ ඕනම උසස් තැනකට යන මාවත, මේ කම්බි දිගේ ගමට එන විදුලියෙන් විවෘත වෙලා තියෙනවා. පාඨලී චම්පික රණවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය. "අපේ ලොකුම ශක්තිය දරුවන්ගේ අධ්‍යාපනය. එදා අපිට විදුලිය තිබුණේ නැහැ. අපි කුප්පි ලාම්පුවෙන් ඉගෙන ගත්තේ. අපේ දරුවෝ කුප්පි ලාම්පුව නැතිව, විදුලි ආලෝකයෙන් ඉගෙන ගෙන උසස් තැන් වලට එනවට අපි ආසයි. අපේ ගම්වල අයට හැමදාම කුඹුරු කොටන්න, ගස් ගෙඩි කඩන්න ඕන නැහැ. අපේ දරුවන්ට හොඳ අනාගතයක් තියෙනවා. ඒකට අවශ්‍ය පසුබිම දැන් සකස් වෙලා. ඕනම කෙනෙකුට දැන් මේ රටේ ජනාධිපති ධූරයට පත්වෙන්න පුළුවන් කියලා මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ඔප්පු කරලා පෙන්නුවා. මේ අපේ ගම්වල ඉන්න ඕනම දරුවෙකුට, ලෝකයේ ඕනම උසස් තැනකට යන මාවත, මේ කම්බි දිගේ ගමට එන විදුලියෙන් විවෘත වෙලා තියෙනවා " යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළකළේ, පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ, ආනමඩුව ආසනයේ පැවති විදුලි යෝජනා ක්‍රම 02 ක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා, "2010 මම විදුලිබල ඇමති විදිහට වැඩ භාරගන්නකොට, අපේ ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ, 2018 දී 100%ක් විදුලිය දෙන්න .අපි ඒක කඩිනම් ව්‍යාපෘතියක් කළා 2012 දි සැමට විදුලිය කියලා. ඉරාණ ආධාර වලින් තමයි මේක කරන්න හැදුවේ. නමුත් ඉරාණයට සම්බාධක පැනවීමෙන් ඒක කරගන්න බැරිවුණා. මේ වසරේ විදුලිය ලබදෙන්නේ ලංවිම අරමුදල් වලින්. රජයේ ණයක්, සහනයක් ලැබෙන්නේ නැහැ. වයඹ පළාතේ මේ වෙද්දි 98% ක් විදුලිය ලබාදීලා තිබෙනවා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ දුෂ්කරම ප්‍රදේශ. අපි අතීතයේ අනුගමනය කළ ප්‍රතිපත්තිය තමයි එක නිවසකට රු. ලක්ෂ 2ක ට වඩා වැය වෙනවානම්, ඒවා පස්සට දාන්න. නමුත් දැන් අපි ඒ ක්‍රමය වෙනස් කරලා සැමටම විදුලිය ලබාදෙනවා. මේ හල්මිල්ලමැන්ඩිය විදුලි ව්‍යාපෘතිය යටතේ එක නිවසකට විදුලිය දෙන්න, රු. 440,000.00 ක් වැය කරලා තිබෙනවා. ඔබට නොයෙක් සහනාධාර රජයෙන් ලැබිලා ඇති. සමෘද්ධි, පොහොර, ජලය වගේ. නමුත් එක පවුලකට කවදාකවත් රු. 440,000 ක සහනාධාරයක් ලැබිලා නැතිව ඇති. ඒක විශාල මුදලක්. ඒ නිසා අපි ඔබගෙන් බලාපොරොත්තු වෙනවා එක දෙයක්. ගමකට විදුලිය ලැබුණම ඒ ගම් වැසියෝ එක දේකට පෙළඹෙනවා. ඒ තමයි නොයෙක් ප්‍රචාරණ වලට, පෙළඹවීම් වලට නතුවෙලා, ණය වෙලා හරි විදුලි උපකරණ ගෙදර ගොඩගහගන්නවා. විදුලිය දෙන්න කලින් ලංවිම නිලධාරීන් පෙනෙන්නේ දෙවිවරු වගේ. නමුත් ගෙදර බඩුමුට්ටු ගොඩගහගත්තම, ලොකු ලයිට් බිලක් එද්දි, ඒ ලංවිම දෙවිවරු යක්ෂයෝ වගේ පේනවා. ඉතින් මම මේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. විදුලිය ලැබුණට ගෙදර විදුලි උපකරණ ගොඩගහගන්නේ නැතිව, විදුලිය අත්‍යාවශ්‍ය දේවලට පමණක් භාවිතා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම පුංචි පුංචි කර්මාන්ත වලටත් මේ විදුලියෙන් ලැබෙන්නේ මහත් සහනයක්. ශක්තියක්. ඒ සහනය, ශක්තිය යොදාගෙන තමන්ගේ ආර්ථිකය දියුණු කරගන්න. පෙට්ටිකඩේ ග්‍රොසරියක් කරගන්න, ග්‍රොසරිය සුපර් මාකට් එකක් කරගන්න. එහෙම නැතිව රූපවාහිනය ඉදිරිපිට වාඩිවෙලා, අනවශ්‍ය දේවලට කාලය නාස්ති කරගන්න එපා. මේ කම්බි හරහා ගමට එන විදුලියෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අපි හැමදේම කරන්නේ දරුවෝ වෙනුවෙන්. ඒ නිසා ඔවුන්ගේ අධ්‍යාපනයට විදුලිය යොදා ගන්න, ඒ වගේම තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ව්‍යාපාර වලට විදුලිය යොදා ගන්න. විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා ඔබත් දිනන රටත් දිනන තත්ත්වයෙකට පත්වෙන්න. ඒ වගේම නීතිවිරෝධි ලෙස විදුලිය ලබාගන්නෙපා. විදුලි අනතුරු වලින් පරෙස්සම් වෙන්න. මේක භයානක බලශක්තියක්. ඒ නිසා ඉතාමත් පරෙස්සමින් පාවිච්චි කරලා, ඔබ සියලු දෙනාම ඔබේ දරුවන්ගේ මෙන්ම ඔබගේ ජීවිත ආලෝකමත් කරගන්න, ලෝකයම ජයගන්න, විදුලිය සම්පතක් කරගන්න කියා මා ඉල්ලා සිටිනවා" යැයි පැවසීය. මෙම අවස්ථාවට ප්‍රෙදේශයේ දේශපාලනාධිකාරිය ඇතුළු විශාල පිරිසක් එක්වි සිටියහ.
බෞද්ධ ජනයාගේ නිරතුරු වන්දනාවට පත්වන මිහින්තලා පුදබිම වන්දනා කිරීම සහ මිහින්තලා පුදබිම තුල හදිසි විදුලි බිඳවැටීමකදී නොකඩවා මුළු පුදබිමටම විදුලිය සැපයීමට හැකි විදුලි ජනන යන්ත්‍රයක් පූජා කිරීමේ අවස්ථාව.