Visit to Ceylon Petroleum Corporation area office at Kandy.
ශ්‍රී දළදා මාලිගාවට නවීන බහුකාර්යය ගොඩනැගිල්ලක්....... අපගේ සංකල්පයකට අනුව, විදුලිබල අමාත්‍යංශය සහ එයට අනුබද්ධිත සියලු ආයතනවල ධන පරිත්‍යාගයෙන් රු. මිලියන 25 ක වියඳමින් ඉදිවන බහුකාර්යය ගොඩනැගිල්ලේ වැඩකටයුතු අද දිනයේ ආරම්භ කෙරිණ. භූමියේ පවතින ඉඩ ප්‍රමාණය අනුව මෙය දළදා මාලිගා පරිශ්‍ර භූමිය තුල ඉදිවන අවසන් ගොඩනැගිල්ල වනු ඇත. මෙමගින් දළදා මාලිගා පරිශ්‍රය තුල සිදුකෙරෙන සියලු පුණ්‍ය කටයුතු සඳහා පහසුකම් සපයා ගතහැක. මේ උතුම් කාර්යය සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙනුයේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජයසේකරරාමයේ අභිනවයෙන් ඉදිකල සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ බෝධිඝරය නිරාවරණය කිරීමේ උත්සවය. මෙහිදී තවත් පිළිම වහන්සේ නමකට මුල්ගල් තැබීමද සිදුවිය.
අතිඋතුම් වෙසක් දිනයේ මහරහතුන් වහන්සේලාගේ ධාතු වන්දනා කිරීමට මා පුණ්‍යවන්ත වූ අතර එම පුණ්‍යකර්මය ශ්‍රී ලංකාවාසී ඔබ සැමට උදාකරදීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වුනෙමි. මහාබෝධී විහාරයේ සිට සිරස වෙසක් කලාපයට සැරියුත් සහ මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වැඩම කරවීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිතුමාත් සමග සහභාගී විය.