සර්වඥ ධාතු වන්දනාව දෙහිවල ප්‍රදේශයේ සංවිධානය කර තිබු "බුද්ධාංජලී 2015" වෙසක් කලාපයේ සර්වඥ ධාතූන් වහන්සේලා වැදපුදා ගැනීම සහ එම උත්සව අවස්ථාව මහජනයාට විවෘත්ත කිරීමේ පුණ්‍යකර්මයට දායක විය.
නැගෙනහිර පළාතේ විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගොඩනැගිල්ල විවෘත්ත කිරීමේ අවස්ථාව අප විසින් මීට ඉහත විදුලිබල මණ්ඩලයේ වගකීම් දරපු අවධියේ මුල්ගල් තබන ලද මෙම ගොඩනැගිල්ල වැඩ නිමකොට නැගෙනගිර පළාත තුල සිටින ජනතාවගේ සේවා අවශ්‍යතා පුළුල් කිරීම උදෙසා විවෘත්ත වූ වගයි.
"Workshop on Downstream Petroleum Industry" - Supply, Quality, Pricing and Regulatory Issues, organized by the Public Utilities of Sri Lanka
බලශක්තියෙන් සපිරි රටක්, බලශක්තියෙන් ස්වයංපෝෂිත රටක් අපේ අභියෝගයයි. මීළඟ අභියෝගය නම් ඉන්ධන, ගල් අඟුරු මත යැපෙන්නේ නැතිව තිරසර බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමයි. ඒකට අවශ්යත සැලසුම් අපි සකස් කරලා තියෙන්නේ. මේක විශාල අභියෝගයක්. ඉදිරියේදී මේ අභියෝගයට අපි මුහුණ දිය යුතුයි. රටේ දේශීය හරිත බලශක්තිය ඉදිරියට ගෙනියන්න අපි රට සූදානම් කළ යුතුයි. මෙහි මුල් පියවර කෝට්ටේ ඓතිහාසික නගරයෙන් ආරම්භ කරන්න අපට හැකිවුණා. රටේ අනාගතයට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් අරඹන මේ කටයුතු සාර්ථකවී, මේ නව තාක්ෂණික දියුණුවෙන් අපේ මව්බිම සුහුරු සුමට, සුපිරි බලයක් සහිත රටක් බවට පත්කරමු.