එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ නිදහස ජනතා සභාව සමග මින් පෙර සාකච්ඡා කරන ලදී. එහි තවත් පියවරක් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් පෙබරවාරි 28 කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණ. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් හා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සමග මින් පෙර සාකච්ඡා කරන ලදී. එහි තවත් පියවරක් ලෙස නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් පෙබරවාරි 27 දින පස්වරුවේ නාවල, කොස්වත්ත නිදහස ජනතා සභාව කාර්යාලයේ දී පැවැත්විණ. මෙම සාකච්ඡාව සඳහා නිදහස ජනතා සභාව වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, නීතීඥ සුමිත් විජේසිංහ යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උපසභාපති, නීතීඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් ද එක්ව සිටියහ.
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමග මින් පෙර සාකච්ඡා කරන ලදී. එහි තවත් පියවරක් ලෙස සමගි ජන බලවේගය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාව අද සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ. මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාඨලී චම්පික රණවක, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතීඥ ශිරාල් ලක්තිලක, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන මහත්වරුන් ද එක්ව සිටියහ.
එක්සත් ජනරජ පෙරමුණේ බුලත්සිංහල ආසන ජනරජ සභාව පෙබරවාරි 25 දින පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් බුලත්සිංහල ඔප්සඳ උත්සව ශාලාවේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජනරජ කාන්තාවෝ සභාපති ප්‍රියදර්ශනී ආරියරත්න, කළුතර දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපති නීතිඥ මහේෂ් කාංචන, (ජනරජ කන්තාවෝ) කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක මධුරි රණසිංහ, කළුතර දිස්ත්‍රික් කළමනාකාර සේනක විජේනායක, පානදුර ආසන සම්බන්ධීකාරක කමල් ඉන්දික ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය. මෙම අවස්ථාව සංවිධානය කර තිබුනේ බුලත්සිංහල ආසන සම්බන්ධීකාරක ලක්මාල් ගමගේ මහතා විසිනි.
පෙබරවාරි 14 වනදා එක්සත් ජනරජ පෙරමුණ විසින් 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' නමින් ජනගත කරනු ලැබූ පොදු අවම වැඩපිළිවෙළ සබැඳිව සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ජා සිදුකිරීමට යෝජනා වූ අතර, එහි එක් පියවරක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් එක්සත් ජනරජ පෙරමුණ වෙත ආරාධනයක් සිදුකරනු ලැබ තිබිණ. එම ආරාධනය අනුව, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්රමුඛ පක්ෂයේ නායකයන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකයන් අතර සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයේ දී පෙබරවාරි 24 අදාළ කරුණ සම්බන්ධ සාකච්ජාවක් පැවැත්විණ. මේ අවස්ථාව සඳහා, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, රොනල්ඩ් පෙරේරා හා එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වන නීතිඥ ශිරාල් ලක්තිලක හා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් ද සම්බන්ධ විය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා, පෙබරවාරි 22 ඉන්දීය මහ කොමසාරිස් Shri Santos Jha මහතා හමුවිය. මහකොමසාරිස්තුමා හමුවී සුහද සාකච්ඡාවක නියැලුණු රණවක මහතා විසින් ජනරජ පෙරමුණේ 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශය ඔහු වෙත පිළිගන්වන ලදී. මේ අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ජාත්‍යන්තර කටයුතු නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනආරච්චි යන මහත්වරුන් ද එක්ව සිටියහ. Leader of the United Republic Front, MP Patali Champika Ranawaka met the High Commissioner of India HE Shri Santos Jha today (22). They engaged in a cordial discussion after presenting the High Commissioner with the booklet of the Untied Republic Front’s ‘A Step Forward With Unity For Our Nation’. Chairman of the United Republic Front, Specialist, Dr. Ajith Amarasinghe and Secretary, International Relations, Senior Prof. Rohana Mahaliyanarachchi were also present at the occasion.