ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ අනාගතය සුරැකීමේ ජාතික දෙමාපිය සංසදය විසින් සංවිධානය කළ සුහද හමුවක් පෙබරවාරි 16 සවස කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. මෙම අවස්ථාව සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාද සහභාගී විය. මෙම හමුව සංවිධානය කළේ එම සංවිධානයේ සභාපති නිහාල් ගජසිංහ මහතා විසිනි.
'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' රට ගොඩනගන පොදු අවම වැඩපිළිවෙළක් ජනගත කිරීම පෙබරවාරි 14 දින කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ශාලාවේදී පැවැත්විණ. මේ අවස්ථාව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, දේශපාලන පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසක් සහභාගී විය. 'நாட்டிற்கு ஒன்றுபட்ட படி' நாட்டைக் கட்டியெழுப்புவதற்கான குறைந்தபட்ச பொது வேலைத்திட்டத்தை பிரபலப்படுத்தும் நிகழ்வு பங்குனி 14 கொழும்பு லக்ஷ்மன் கதிர்காமர் மண்டபத்தில் இடம்பெற்றது. இந்நிகழ்வில் முன்னாள் ஜனாதிபதி திருமதி சந்திரிக்கா பண்டாரநாயக்க, அரசியல் கட்சிகளை பிரதிநிதித்துவப்படுத்தும் அமைச்சர்கள், சிவில் அமைப்புக்களின் செயற்பாட்டாளர்கள், தொழிற்சங்க தலைவர்கள் மற்றும் பலர் கலந்துகொண்டனர். 'A Step Forward With Unity For Our Nation'; Unveiling the Common Minimum Plan to Resurrect the Nation was Held at the Lakshman Kadiragamer Hall in Colombo February 14. Former President Mrs. Chandrika Bandaranaike, Ministers Representing Their Political Parties, Activists from Civil Organizations, Union Leaders, and Interested Parties Participated in this Event.
එක්සත් ජනරජ පෙරමුණේ බණ්ඩාරගම ආසන ජනරජ සභාව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 11 දින කපිතාන් ගයාන් විතානගේ මහතාගේ නිවසේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, උප සභාපති මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන, පක්ෂ මහලේකම් බන්දුල චන්ද්‍රසේකර ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.
වාණිජ මණ්ඩල නියෝජිත සහ ව්‍යාපාරික හමුවක් පෙබරවාරි 07 පස්වරුවේ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ දී පැවැත්විණ. මෙම හමුව සඳහා * ලංකා තරුණ ව්‍යවසායක මණ්ඩලය - Chamber of Young Lankan Entrepreneurs (COYLE) * ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය - Federation of Chambers of Commerce & Industry Sri Lanka (FCCISL) * ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය - Chamber of Construction Industry (CCI) යන ආයතනවල නියෝජිතයන් ඇතුලු ව්‍යාපාරික පිරිසක් එක්ව සිටියහ. මෙහිදී බංකොලොත් බවින් මිදෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය යළි ඇති කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙබරවාරි 04, 76 වන නිදහස් දිනය නිමිති කරගෙන නුගේගොඩ තලපත්පිටිය බෞද්ධ සමාජ සේවා ආයතනයේදී පැවැත්වූ වැඩසටහනක් සඳහා සහභාගී විය. 'සොඳුරු ස්වයාමය' නමින් සංගීතමය වැඩසටහනක් ද පැවති අතර, 'මුහුද අපේ' නම් නව ගීතයක් එළි දැක්වීම ද මෙහිදී සිදුවිය. 'හෙළ සර' සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබිණ. පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.
එක්සත් ජනරජ පෙරමුණ කඩුවෙල ආසනයේ ජන හමුව අතුරුගිරියේ දි පෙබරවාරි 03 එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අතුරුගිරිය සුජානි ෆුඩ් සෙන්ටර් උඩුමහලේ දී ආසන නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ ශිරාල් ලක්තිලක, උප සභාපති මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් ද, කඩුවෙල මහා නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී කුමාරි පතිරගේ මහත්මිය ඇතුළු පිරිසක් ද සහභාගී වුහ . මෙම අවස්ථාව සංවිධානය කළේ කඩුවෙල සම්බන්ධීකාරක හිටපු නාගරික මන්ත්‍රී බෝසෙත් කළහේපතිරණ මහතා විසිනි.