එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කොට්ඨාස කණ්ඩායම් කුඩා ජනහමු කිහිපයක් ඊයේ (02) මොරටුව ප්‍රදේශයේදී පැවැත්විණ. රාවතාවත්ත උතුර වෘත්තිකයන් හමුව - හිටපු පරිපාලන ග්‍රාම නිලධාරි ධනපාල මහතාගේ නිවසේ දී පැවැත්වුණු අතර, එගොඩ උයන තරුණ නියෝජිත හමුව - එක්සත් ජනරජ පෙරමුණ තරුණ අංශ විධායක කමිටු සමාජික චමුද ජයශාන් මහතාගේ නිවසේ දී සංවිධානය කොට තිබිණ. ඉන් පසු ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා එගොඩ උයන උතුර කොට්ඨාස කමිටුව හමුවුණේ කොට්ඨාස සම්බන්ධිකාරක ගුවන් විදුලි තාක්ෂණික නිලධාරී ධම්මසිරි ප්‍රනාන්දු මහතාගේ නිවසේ දී ය. සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රම විහාරාධිපති පුජ්‍ය වැලිඋල්ලේ දමිත ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත් රණවක මහතා; සොයිසපුර කොට්ඨාස සංවිධායක සරත් නානායක්කාර මහතාගේ නිවසේ දී සොයිසාපුර ජනරජ කොට්ඨාස සාමාජිකයන් හමු විය. මෙම සියළු අවස්ථා සම්බන්ධීකරණය කරන ලද්දේ මොරටුව ආසන සම්බන්ධිකාරක සජිත් දුමින්ද පීරිස් මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ ස්වාධීන වෘත්තිය සමිති 19එක්ව සැදුම් ලත් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජිත හමුවක් අද (02) උදෑසන පැවැත්විණ. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම සහ වැටුප් විෂමතාවන් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡව සඳහා සහභාගී වූ වෘත්තීය සමිති සාමාජිකයින්, පී.එච්.ඩී.එස්.ප්‍රියන්ත - සම සභාපති, විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කේ.පී.ජී. කරුණාරත්න - සම ලේකම්,විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව බී.එස්.එම්. මෙන්දිස් - සම ලේකම්, විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව ඊ.ඒ.ඩී.එස්. උදයංග- ලේකම්, විශ්වවිද්‍යාල විධායක නිළධාරින්ගේ සංගමය බී.ජී.සී.එන්. බණ්ඩාර - භාන්ඩාගාරික, විශ්වවිද්‍යාල විධායක නිළධාරින්ගේ සංගමය විජයතිලක ජයසිංහ - සභාපති, අන්තර් විශ්වවිද්‍යාල සේවා වෘත්තීය සමිතිය ඒ. බටුවන්තුඩාව - සභාපති, තොරතුරු තාක්ෂණික නිළධාරින්ගේ සංගමය. මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලද්දේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ විශ්වවිද්‍යාල ලේකම් නිහාල් අබේවික්‍රම මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ දින (ඔක්. 31) මාතලේ දිස්ත්‍රික් ජනතාව හමුවීම සඳහා එම ප්‍රදේශය වෙත ගියේය. එහිදී, ප්‍රථමයෙන් ම ගලේවෙල දිවුල්ගස්කොටුව ප්‍රාථමික විද්‍යාලය වෙත ගිය පාඨලී චම්පික රණවක මහතා; ඉන් අනතුරුව ගලේවෙල මහා පල්ලිය, දඹුල්ල මහා පල්ලිය, මාතලේ ගොංගාවෙල ජුම්මා පල්ලිය යන මුස්ලිම් දේවස්ථාන වෙත ගොස් ඉස්ලාම් ආගමික නායකයන් මුණ ගැසී සුහද කතා බහක නිරත විය. සවස්වරුවේ මාතලේ අළුවිහාරය වැඳපුදා ගැනීමෙන් අනතුරුව, කළුදෑවල විහාරස්ථානයට ගොස් මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබාගත් රණවක මහතා; ඉන් අනතුරුව උකුවෙල මුස්ලිම් දේවස්ථානය වෙත ද, මාතලේ ශ්‍රී පත්තිනි අම්මාන් ප්‍රධාන දේවාලය වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළේය. මෙම අවස්ථාව තීක්ෂණ ගම්මන්පිල මහතා ප්රමුඛ මාතලේ දිස්ත්‍රික් කමිටුව විසින් සම්බන්ධීකරණය කරන ලදී.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (26) රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ මැතිවරණ කොට්ඨාසයේ මහජනතාව හමුවීමට සමගාමීව තලාපිටිය විමලාරාමයේ දී සබරගමු පලාතේ උප ප්‍රධාන සංඝනායක, පූජ්‍ය මුත්තෙට්ටුපිට විමලකීර්ති නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර, ජිලානි හෝටල් පරිශ්‍රයේ දී ආසන ක්‍රියාකාරී හමුවක් පවත්වන ලදී. මීට අමතරව, අප අතරින් වියෝ වූ එක්සත් ජනරජ පෙරමුණේ හිටපු උප සභාපතිවරයකු වූ එම්.අයි. මොහොමඩ් මහතා සිහි කර උපහාර දැක්වීමක් ද සිදු කරන ලදී. තොරණගොඩ පුෂ්පාරාමය වෙත ගිය පාඨලී චම්පික රණවක මහතා විහාරාධිපති, සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, අමරපුර නිකායේ එක්නැලිගොඩ පාර්ශවයේ ගරු අනුනායක පූජ්‍ය පලිගල නාරද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී අඹන්ඔළුව රජමහා විහාරාධිපති පූජ්‍ය හත්නාපිටියේ පියදස්සී හිමි සහ කොල්හීන් ආයතනයේ සහ සෙත්මිණි ආයතනයේ අධ්යක්ෂ, රත්නපුර පදවියේ අනුනායක, සීතාවක දිසාවේ දිසානායක ගරු ඩේමියන් ප්‍රනාන්දු පියතුමා ද බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට රණවක මහතා කටයුතු කළේය. පූජ්‍ය දන්දෙනියේ විපුලසීහ හිමි, රත්නපුර දිස්ත්‍රික් මව්ලවි සංගමයේ ලේකම් රිෆා මව්ලවිතුමා, නාගරුක්ඛාරාම විහාරාධිපති පූජ්‍ය මාරපන හේමානන්ද හිමි සහ සාසනාරක්ෂක බල මණ්ඩල සභාපති පූජ්‍ය ගල්ලෑල්ලේ ධම්මරතන හිමියන් ද හමු වූ පාඨලී චම්පික රණවක මහතා සුහද කතා බහක නිරත වී ආශිර්වාද ලබා ගත්තේය. පූජ්‍ය පොහොරබාවේ විමලතිස්ස හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීම සිදු වූයේ ඉද්දමල්ගොඩ දෙනවක රජ මහා විහාරයේ දී ය. පස්වරුවේ ඇහැලියගොඩ වෙළෙඳ ව්‍යාපාරික අනුර මහතා සහ පාඨලී චම්පික රණවක මහතා අතර හමුවක් ද සිදු විය.
මේ වසරට අදාළව තුන්වන වතාවටත් විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව හා එමගින් පීඩාවට පත්ව සිටින ජනතාවට අත්‍යවශ්‍ය සහන සැලසීමට ක්‍රියාකරන ලෙස බලකරමින් අද (23) දින රාමඤ්ඤ මහානිකයේ මහනායක ස්වාමීන් වහන්සේ ද, ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු මහ සංඝරත්නය හා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් නාරාහෙන්පිට රාමඤ්ඤ නිකායේ සංඝ මුලස්ථානයේදී පවත්වනු ලැබූ වැඩසටහනකට එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාද සම්බන්ධ විය. මෙම වැඩසටහන සඳහා මහ සංඝයා වහන්සේලා හා විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් දේශපාලන නායකයන් මෙන්ම විදුලි ගාස්තු වැඩිකිරීම නිසා පීඩාවට පත්ව සිටින ජනතාවද සම්බන්ධ වී සිටියහ.
ඊයේ දින (20) කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඩා ජන හමු කිහිපයක් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. යාපහුව ආසනයේ ප්‍රේමදාස මහතා විසින් සංවිධානය කරන ලද සාකච්ඡාව මඩහපොළදී පැවැත්වුනු අතර, මකුල්පොත පල්ලේකැලේ ප්‍රදේශයේ ජනතාව මුණ ගැසීම සඳහා ද රණවක මහතා එක් විය. එහිදී එම ප්‍රදේශයේ වනඅලි ගැටලුව, ඉඩම් වල හිමිකම පිළිබඳ ගැටලු ඇතුළු මහජනතාව මුහුණ දෙන පොදු ගැටලු සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කෙරිණ. දළදාගම නගරයේ දී යාපහුව ආසනයේ මහව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ජනතාව මුණගැසුණු රණවක මහතා, ගල්ගමුව මූලික රෝහලේ පවතින අඩුපාඩු පිළිබඳ සොයා බැලීම සඳහා එම රෝහල වෙත ද ගියේය. ගල්ගමුව නගරයේ සේනාධීර මහතා විසින් සංවිධානය කරන ලද ජනහමුවකට ද, පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය.