ජනරජ භික්ෂු පෙරමුණේ ප්‍රධාන කැඳවුම්කරු දර්ශනපති පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන්ගේ කැඳවිමෙන් ජනරජ භික්ෂු හමුව පක්ෂ මුලස්ථානයෙ දී පක්ෂයේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මැතිතුමා සහ නිළධාරින් සහභාගිත්වයෙන් සිදුවිය. මෙම භික්ෂු හමුවේ මුලසුනේ දෙසුම සිදුකරනු ලැබුවේ ආචාර්යය දෙල්දුවේ ඥානසුමන නාහිමිපාණන් වහන්සේය. පිරිස පංචශිලයේ පිහිටුවිම, බුද්ධ වන්දනාව හා ප්‍රධාන අනුශාසනාව සිදුකරනු ලැබුවේ බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙන් අධ්‍යක්ෂක ප්‍රවීන ගත් කතුවර රොටඹු පේමරතන නාහිමියන් විසිනි. ආරම්භක ගථා සජ්ඣානය සිදුකරනු ලැබුවේ විශ්‍රාමික විදුහල්පති අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක ශාස්ත්‍රපති ඉඹුලපිටයේ ඉන්ද්‍රවංශ හිමියන් සිදුකළ ඇතර සභාව මෙහෙයවනු ලැබුවේ ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංස හිමියන් විසිනි. හිටපු අමාත්‍ය චම්පික රණවක මැතිතුමන් වර්තමාන දේශපාල තත්ත්වය හා භික්ෂු නායකත්වයේ වැදගත්කම අවධාරණය කරමින් විශේෂ දෙසුමක් පැවැත්විය. පුණ්‍යානුමෝදනාව හා විශේෂ කරුණු දැක්වීම විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සිදුකරන ලද්දේ පක්ෂ සභාපති ලෙසයි.
මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව සියලු පක්ෂ හා සංවිධාන එකමුතුව කටයුතු කිරීමේ වැදගත්කම හා ඒ සඳහා ගත යුතු ඉදිරිපියවරයන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා අද (14) දින වෘත්තීය සංවිධාන රැසක් එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ මුලස්ථානයට පැමිණ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හමුවූ අවස්ථාව. මෙම සාකච්ජාව සඳහා වෘත්තීය සමිති වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති රවී කුමුදේශ් මහතා, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා මහතා, ලංකා ගුරුසේවා සංගමය නියෝජනය කරමින් ජෝසප් ස්ටර්ලින් මහතා සම්බන්ධ විය.
මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව සියලු පක්ෂ හා සංවිධාන එකමුතුව කටයුතු කිරීමේ වැදගත්කම හා ඒ සඳහා ගත යුතු ඉදිරි පියවරයන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා අද (14) දින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ මුලස්ථානයට පැමිණ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හමුවූ අවස්ථාව. මෙම සාකච්ජාව සඳහා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරමින් ශිෂ්‍ය පිරිසක් සහභාගී විය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රත්නපුර, කලවාන ආසනයේ සිදු කරන නිරීක්ෂණ චාරිකාවට සමගාමීව කලවාන මූලික රෝහල වෙත ගියේය. ඉතා අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන කලවාන මූලික රෝහලේ අලුතින් ඉදි කරගෙන ගිය ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ද, රට තුළ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ නවතා දමා තිබේ. මේ හේතුවෙන් විශේෂයෙන් ම ග්‍රාමීය දිළිඳු ජනතාව බලවත් අපහසුතාවට පත්ව සිටින අතර, කුඩා රෝගාබාධයක් සඳහා ප්‍රතිකාර ගැනීමට පවා දුර බැහැර ගෙවා රත්නපුර මහ රෝහල වෙත යාමට ඔවුනට සිදුව තිබේ. කලවාන මූලික රෝහලේ තත්ත්වය සහ කාර්ය මණ්ඩලයේ කටයුතු සහ ගැටළු සම්බන්ධයෙන් මෙහිදී රණවක මහතා වෛද්‍ය නිලධාරීන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය සමග සිදු කළ සාකච්ඡාවේ දී මෙවැනි ගැටළු රැසක් අනාවරණය විය.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු පාඨලී චම්පික රණවක මහතා අද (07 ) දින රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ආසන නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි. එහි පළමු පියවර ලෙස රණවක මහතා කලවාන ජාතික පාසල වෙත ගිය අතර, මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන මහතා ද එක් විය. නීතිඥ හර්ෂණ දිසානායක මහතා විසින් මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලදී.