එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් සමග මේ වන විට සාකච්ඡා කර තිබේ. එහි තවත් පියවරක් ලෙස මහජන පක්ෂය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් මාර්තු 28 දින එක්සත් ජනරජ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ. මහජන පක්ෂය වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඇතුළු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහභාගී වූ අතර, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, මධ්‍යම කාරක සභික සජිත් දුමින්ද පීරිස්, නිහාල් ගජසිංහ මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් මාර්තු 27 දින හෝමාගම පනාගොඩ කෙරේමුල්ල මල්කා ගුණසේකර මහත්මියගේ නිවසේදී පැවැත්වින. මෙම හමුව සංවිධානය කළේ හෝමාගම සම්බන්ධිකාරක තරිඳු දිලීප ගමගේ මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාර්තු 26 පොල්ගහවෙල මයික්‍රෝ හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මේ අවස්ථාවට එක් වූ මේ අවස්ථාවට එම සමාගමේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා මයික්‍රෝ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුළුල් පැහැදිලි කිරීමක් සිදු කළේ ය. උපාලි විජයවර්ධන මහතා විසින් ආරම්භ කරන ලද මෝටර් රථ එකලස් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගියේ නම්, ශ්‍රී ලංකාව මැලේසියාව සහ ඉන්දියාවට පෙර වාහන නිෂ්පාදනය කරන රටක් බවට පත් වීමට ඉඩ තිබූ බව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, මෙම වාහනවලට අවශ්‍ය ඇතැම් කොටස් ශ්‍රී ලංකාව තුළ ම නිපදවන බව ද මෙහිදී අනාවරණය විය. මෙවැනි සැපයුම් දාම ඇති වීම සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත වර්ධනය වීමට අත්‍යවශ්‍ය සාධකයක් බවත්, මෙම කර්මාන්තය වර්ධනයට තවමත් ඉඩක් පවතින බවත් ආචාර්ය ලෝරන්ස් පෙරේරා මෙහිදී අවධාරණය කළේය. එය රඳා පවතින්නේ මෙවැනි කර්මාන්තකරුවන්ට දිරිදෙන අනාගත රජයක නිවැරදි ප්‍රතිපත්තිය මත ය. මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක, ඉංජිනේරු සුමේධ රත්නායක මහතා ඇතුළු පිරිසක් ද එක් විය. මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලද්දේ ගයාශාන් තේනුවර මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මහර ආසන ජනරජ සභාව මාර්තු 23 දින "සෙනාරා වයිට් හවුස්" උත්සව ශාලාවේදී ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.. මේ සඳහා පක්ෂ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය. මෙම හමුව සංවිධානය කළේ මහර අසන සම්බන්ධීකාරක සනේෂ් නිමන්ත මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික්, බණ්ඩාරවෙල ජනරජ සභාව මාර්තු 31 දින බණ්ඩාරවෙල බිඳුණුවැව ලැවෙන්රා උත්සව ශාලාවේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වින. මේ සඳහා පක්ෂ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතාද සහභාගී විය. ජනරජ සභාව සංවිධානය කළේ පක්ෂ මධ්‍යම කාරක සභික, බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඉංජිනේරු අරුණ රුබසිංහ මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාර්තු 13 ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ (Mizoram University) ආරාධනය මත, එහි පැවැත්වෙන 'තිරසර සංවර්ධනය සඳහා දේශගුණික විපර්යාස සහ ස්වභාවික සම්පත් කළමනාකරණය" පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (International Conference on 'Climate Change and Natural Resource Management for Sustainable Development') සඳහා සහභාගී විය. විශ්ව විද්‍යාලයේ ආරාධනය පරිදි පාරිසරික යුක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රවේශය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් පැවැත්වූ පාඨලී චම්පික රණවක මහතා ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගී වූ දෙස් විදෙස් විද්වතුන් සමග විෂයානුබද්ධ සාකච්ඡාවක ද නිරත විය.