J H Marketing සහ Kala Rasika Foundation මගින් සංවිධානය කෙරුණු "මහසිවරාත්රී" ජාත්‍යන්තර සංස්කෘතික නැටුම් උළෙල - කයිලේශ්වරම් නාට්යංජලී - 2024 මාර්තු 8 කොළඹ 5 මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ දී පැවැත්විණ. මෙම උළෙල සඳහා විශේෂ ආරාධිතයෙක් ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද එක් වූ අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick , බංග්ලාදේශ මහ කොමසාරිස් Tareq Md Ariful Islam, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, සී.බී. රත්නායක යන මහත්වරුන් ද, බෞද්ධ භික්ෂූන් වහන්සේ, කතෝලික පූජකතුමන් ප්රමුඛ ආගමික නායකයන් ද, ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.
ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් එක්සත් ජනරජ පෙරමුණ විසින් අද 8 විශේෂ වැඩසටහනක් සංවිධානය කෙරිණ. ජනරජ පෙරමුණේ කාන්තා අංශය වන 'ජනරජ කාන්තාවෝ' විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන ජනරජ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණේ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි. 'ජනරජ කාන්තාවෝ' සහ Trust Sri Lanka එක්ව පවත්වනු ලැබූ රූපලාවණ්‍ය හා මනාලියන් හැඩගැන්වීමේ ත්‍රයි මාසික පාඨමාලාවේ සහතිකපත් ප්රදානය, ජනරජ කාන්තාවෝ සංවිධායක පත්වීම් ලිපි ප්රදානය, ජනරජ කාන්තා තේමා ගීතය එළි දැක්වීම හා ජනරජ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන අජන්තා මහත්මිය අගැයීම සහ තිළිණයක් ප්රදානය කිරීම ඇතුළු අංග රැසකින් මෙම වැඩසටහන සමන්විත විය. මෙම වැඩසටහන සඳහා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජනරජ කාන්තාවෝ සභාපතිනී ප්‍රියදර්ශනී ආරියරත්න, ජනරජ මධ්‍යම කාරක සභික, හිටපු නාගරික මන්ත්‍රී සජිත් දුමින්ද පීරිස්, රූපලාවණ්‍ය පාඨමාලා අධ්‍යක්ෂිකා නුවනි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ද, රූපලාවණ්‍ය පාඨමාලාව හැදෑරූ ශිෂ්‍යාවන් සහ ඔවුනගේ දෙමාපියන් ද, විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන් ද, සංක්‍රාන්ති ලිංගික සමාජභාවී කණ්ඩායම් නියෝජනය කරමින් Heart to Heart සංවිධානයේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් සමග මේ වන විට සාකච්ඡා කර තිබේ. එහි තවත් පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් මාර්තු 07 කොළඹ, කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි සභාපති, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර, ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, නියෝජ්‍ය සංවිධායක විල්ෆ්රඩ් ජයසිංහ යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කුඩා ජනහමුවක් මාර්තු 06 සවස වැල්ලවත්ත 'ඔමේගා රීජන්සි' උත්සව ශාලාවේදී පැවැත්විණ. මෙම අවස්ථාව සංවිධානය කර තිබුනේ එක්සත් ජනරජ පෙරමුණ මධ්‍යම කාරක සභික, බටහිර කොළඹ සම්බන්ධීකාරක චන්දිම ලියනාරච්චි මහතා විසිනි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා විසින් රචිත 'මගේ කතාව' කෘතිය එළිදැක්වීමේ අවස්ථාව කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ දී මාර්තු 5 පස්වරුවේ පැවැත්විණ. මේ අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද එක්විය.
එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, නිදහස ජනතා සභාව සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) සමග මින් පෙර සාකච්ඡා කරන ලදී. එහි තවත් පියවරක් ලෙස දෙමළ ප්රගතිශීලී පෙරමුණ සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් පෙබරවාරි 29 දින පාමංකඩ ප්‍රදේශයේ පිහිටි දෙමළ ප්රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතාගේ නිවසේ දී පැවැත්විණ. දෙමළ ප්රගතිශීලී පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්, M. උදයකුමාර් සහ M.වේලු කුමාර් යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. தமிழ் முற்போக்கு கூட்டணி க்கும் ஐக்கிய குடியரசு முன்னணிக்கும் இடையிலான கலந்துரையாடல் ஒன்று இன்று (29) பாமாங்கட பிரதேசத்தில் உள்ள தமிழ் முற்போக்கு முன்னணியின் தலைவர் திரு.மனோ கணேசனின் இல்லத்தில் நடைபெற்றது. ஐக்கிய குடியரசு முன்னணியினால் பெப்ரவரி 14ஆம் திகதி வெளியிடப்பட்ட 'நாட்டுக்காக ஒன்றிணையும் முயற்சி' என்ற பிரசுரத்தின் உள்ளடக்கம் இங்கு விவாதிக்கப்பட்டது. தமிழ் முற்போக்கு கூட்டணியின் சார்பில் அதன் தலைவர் பாராளுமன்ற உறுப்பினர் மனோ கணேசன், பாராளுமன்ற உறுப்பினர் பழனி திகாம்பரம், எம்.உதயகுமார், ஐக்கிய குடியரசு முன்னணியின் சார்பில் எம்.வேலு குமார், அதன் தலைவர் பாராளுமன்ற உறுப்பினர் பாட்டலி சம்பிக்க ரணவக்க. இந்த நிகழ்வில் பொலிட்பீரோ தலைவர், முன்னாள் பிரதி அமைச்சர் திரு.பரணவிதான, சிரேஷ்ட உப தலைவர் திரு.நிஷாந்த ஸ்ரீ வர்ணசிங்க மற்றும் பலர் கலந்துகொண்டனர்.