ශ්රී ලාංකීය ප්රජාවගේ අනාගතය සුරැකීමේ ජාතික දෙමාපිය සංසදය විසින් සංවිධානය කළ සුහද හමුවක් පෙබරවාරි 16 සවස කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වින.
මෙම අවස්ථාව සඳහා කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අසංක නවරත්න මහතාද සහභාගී විය.
මෙම හමුව සංවිධානය කළේ එම සංවිධානයේ සභාපති නිහාල් ගජසිංහ මහතා විසිනි.