වාලච්චේන කඩදාසි කම්හලේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව..

telephone x 1

වාලච්චේන කඩදාසි කම්හලේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

වාලච්චේන කඩදාසි කම්හල නිදහසින් පසු ලංකාවේ ඇතිවූ කාර්මීකරණයේ ප්‍රතිඵලයකි. ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක මහතා හා ඔහුගේ අනුගාමිකයන් 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට විශ්වාස කළේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම ගැනය. ඒ සඳහා පැරණි රජරට වාරිකර්මාන්තය නගා සිටුවීම ගොවි ජනපද ව්‍යාපාරයේ මුලික සංවර්ධන ක්‍රියාදාමය විය. නමුත් ආණ්ඩුවට එක්වී සිටි සමස්ත ලංකා දෙමල කොංග්‍රසයේ නායක ජී.ජී. පොන්නම්බලම් මහතා වාලච්චේන කඩදාසි, පරන්තන් රසායන, කන්කසන්තුරේ සිමෙන්ති ආදී බැර කර්මාන්ත කිහිපයක් උතුරු හා නැගෙනහිර පිහිටුවීය. නමුත් විදුලි බලය ආශ්‍රිතව කාර්මීකරණයක් කිරීමට විමලසුරේන්ද්‍ර මහතා ගත් උත්සාහය ලක්ෂපාන බලාගාරයෙන් එපිටට නොගියේය.
ශ්‍රී ලංකාව තුළ සෝවියට් පාලනයෙන් රජය සතු බැර කර්මාන්ත රැසක් බණ්ඩාරනායක පාලන සමයේදී ලැබිණි. කඩදාසි කම්හල් ද ඒ අනුව පුළුල් කෙරිණි.
ශ්‍රී ලංකාවේ කාර්මීකරණය හා නවීකරණය පිළිබඳ වෙනස් මාදිලියන් යෝජනා කෙරුනේ 1967 වර්ෂයේදීය. ඒ ‘සෙනෝයි’ නම් විද්වතා විසින් ඉදිරිපත් කළ අපනයන අභිමුඛ ලිබරල්කරණ වැඩපිළිවෙල මගිනි. එහි අනුගාමිකයන් වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහ හා ජේ.ආර්. ජයවර්ධන මහත්වරුන්ය. එය ක්‍රියාත්මක කිරීම හා ‘ආසියාන්’ සංවිධානයට එක්වීම ඩඩ්ලි සේනානායක මහතා ප්‍රතික්ෂේප කිරීම නිසා එය ක්‍රියාත්මක කිරීමට ජයවර්ධන මහතා 1977 වන තෙක් බලා සිටියේය.
එහෙත් පැවති සේනානායක – බණ්ඩාරනායක ආණ්ඩුවල ආනයන භාණ්ඩ ප්‍රතික්ෂේප වීම හා ඒවා රටතුල නිපදවීම නොහොත් දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ විවෘත ආර්ථිකයත් සමඟ අවසන් විය. ජයවර්ධන ජනාධිපතිතුමන් නිදහස් වෙළඳ කලාප හා වාණිජ ව්‍යාපාර ආදිය සඳහා පුළුල් ඉඩකඩක් ලබාදුන් නමුත් ගොඩනැගී තිබූ දේශීය කෘෂි හා කර්මාන්ත සහමුලින් අමතක කළේය. කළයුතුව තිබුණේ ඒවා නවීකරණය කිරීමය. රාජ්‍ය දේපල පුද්ගලීකරණය සුළු පිරිසකගේ මංකොල්ලයක් බවට පත්වූවා මිස ඒවා නවීකරණ ක්‍රියාවලියක් කිරීමට ජයවර්ධන යුගය අසමත් විය.
වාලච්චේන කඩදාසි කම්හලට වූයේද ඒ ඉරණමට මුහුණ දීමටය. ක්‍රමයෙන් අඩපණ වූ එකී ආයතන දැන් රජයේ ආයතන වලින් ඉවතලන කඩදාසි ප්‍රතිචක්‍රීයකරණයට සීමාවී ඇත.
මෙය නැවත පණගැන්වීමට නව යන්ත්‍ර සූත්‍ර හා ආයෝජකයන් අවශ්‍ය වේ. එහි විශාල ගොඩනැගිලි – ඉඩම් වල අනවසර පදිංචිවීම් හා ගව – අලි සතුනගේ තෝතැන්නක් බවට පත්වී ඇත.
මෙහි එක් කොටසක මධ්‍යම පාන්තික මහල් නිවාස සංකීර්ණයක්, වෙළඳ සංකීර්ණයක්, සූර්ය බල උද්‍යානයක්, කඩදාසි ඇතුළු ෂීට් කර්මාන්ත ව්‍යාපාරයක්, මත්ස්‍ය හා කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා ඉතාම උචිතය.
දැනට එම ප්‍රදේශවල පවතින තදබදය, සවිමත් නාගරීකරණය, විරැකියා තරුණ පිරිස මගින් රටේ ආර්ථිකයට අවශ්‍යම පිටුබලය ලබාගත හැකිවනු ඇත.
පාඨලී චම්පික රණවක
2023.11.05
     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *