වාණිජ මණ්ඩල නියෝජිත සහ ව්‍යාපාරික හමුවක් පෙබරවාරි 07 පස්වරුවේ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ දී පැවැත්විණ.
මෙම හමුව සඳහා
* ලංකා තරුණ ව්‍යවසායක මණ්ඩලය – Chamber of Young Lankan Entrepreneurs (COYLE)
* ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය – Federation of Chambers of Commerce & Industry Sri Lanka (FCCISL)
* ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය – Chamber of Construction Industry (CCI)
යන ආයතනවල නියෝජිතයන් ඇතුලු ව්‍යාපාරික පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී බංකොලොත් බවින් මිදෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීභාවය යළි ඇති කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.