බලශක්ති සංරක්ෂණය දේශපාලන විහිළුවක් කරගතයුතු නැහැ. මේක කෙටිකාලීනව පමණක් නෙමෙයි, දිගුකාලින වශයෙන් රටකට, ජාතියකට අත්‍යාවශ්‍යවන ක්‍රියාවලියක්. “පුංචි පුංචියට හරි ඉතිරි කළොත් මහා බලවේගයක් බවට පත්වෙන්න පුළුවන්. පුංචි වෑයමකින් පුළුවන් විශාල බලයක් නිපදවන්න. අපි එදා 2011,2012 බලශක්ති අර්බුදයක් ඇතිවු අවස්ථාවේද පුංචි ඉල්ලීමක් කළා එක විදුලි පහනක් නිවන්න කියලා. වොට් 60 විදුලි පහනක් නිව්වොත්, නිවාස පනස් ලක්ෂයක. මෙගාවොට් 300 ක්, පුත්තලම බලාගාරයට සමාන බලයක් ඉතිරි වෙනවා. පුංචි වෑයමකට සාමුහික ශක්තිය එකතු වුණාම විශාල බලයක් නිපදවෙනවා. බලශක්ති සංරක්ෂණය දේශපාලන විහිළුවක් කරගතයුතු නැහැ. මේක දිගුකාලිනව ජාතියකට අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක්. මේ වැඩපි ළිවෙල ඉදිරියට ගෙනියන්න ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ඉදිරියේදි ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධ කරගෙන මහා ජාතික වෑයමක් බවට පත්කරගන්නවා. මේ දු දරුවන්ගෙන්, සමස්ත ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ මහා ජාතික වෑයම ඉදිරියට ගෙනියන නියමුවන් බවට පත්වෙන්න කියා” යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ, 2012 වසරේදී, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය විසින්, ජන විදුලිබලාගාර සංකල්පය යටතේ පාසල් දරුවන් බලශක්ති සංරක්ෂණය වෙත යොමුකිරීමේ අරමුණෙන් සංවිධානය කළ පාසල් බලශක්ති තරගාවලියේ ජයග්‍රාහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අදාළ පාසල් වෙත ත්‍යාග සහ සහතිකපත් ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. මේ යටතේ දිවයිනේ පාසල් 24 ක් සහ ඒවායේ දරු දැරියන් ත්‍යාග සහ සහතිකපත් ලබාගන්නා ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා, “2012 මේ තරගය පැවැත්තුවත්, ත්‍යාග ප්‍රධානෝත්සවය පවත්වන්න බැරි වුණා. මේක අපේ දේශපාලන ව්‍යුහයේ නරක ලකුණක්. අඩුපාඩුවක්. සමහර ආයතනවල නරක දේවල් පවත්වාගෙන ගියාට හොඳ දේවල් ඉදිරියට ගෙනියන්න උනන්දුවක් නැහැ. අමතක වෙන්න ගිය මේ යහපත් දේ නැවතත් සිහිගන්වමින්, අපේ දූදරුවන් වෙනුවෙන් මේ යුතුකම ඉටු කරන්න ඉදිරිපත්වීම පිළිබඳව, ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා, මේ ගැටළුව අපට ඇතිවුණේ 2012 වසරේ. පුත්තලම ගල් අඟුරු බලාගාරය ඇතුළු බලාගාර නිසි පරිදි තිබුණනම් අපට විදුලිය සැපයීම ගැටළුවක් වෙන්නේ නැහැ. 2012 වසරේ සහ 2011 වසරේ අග භාගයේ සිට ජල විදුලිය අඩු වුණා මෝසම් වැසි නොලැබීමෙන්. ඒකෙන් විශාල විදුලි අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒකට පිළියම් කිහිපයක් තිබුණා. එකක් විදුලි කප්පාදුව. මේ කලාපයේ අනෙක් රටවලත් මේ විදුලි කප්පාදුව පවතිනවා. විදුලි ඉල්ලුම සපුරා ගන්න බැරි වෙනකොට දවසේ 24 පැයම විදුලිය සපයන්නේ නැහැ. නමුත් ඒ වකවානුවේ විදුලිය කැපුවානම්, ඒක විශාල සමාජ ප්‍රශ්නයක් වෙනවා. එහෙම කප්පාදුවක් නොකළානම්, කෙටි කාලීන වශයෙන් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න එක. ඒකට විශාල මුදලක් වැය වෙනවා. මිලියන 17,000 ක් වැනි විශාල මුදලක්. එහෙමත් නැතිනම් අනෙක් ක්‍රමය තමයි, විදුලි සංරක්ෂණය. ඒක අභියෝගාත්මක දෙයක්. ඒ සඳහා තමයි හෙට වෙනුවෙන් අද ව්‍යාපාරය ඇරඹුනේ. ඒකට ඉලක්ක වුණ පාසල් දරුවෝ ජාතික වීරවරයෝ කියලා හඳුන්වන්න පුලුවන්. අපි ඒ අවස්ථාවේ කිව්වේ ජල විදුලිබලාගාර සිඳුනත්. ජන විදුලිබලාගාර වලින් විදුලිය ලබාගන්න පුළුවන් කියලා. මේ ගැන ඇතැම් පිරිස් සැක පහල කළා මේක කරගන්න පුළුවන්ද කියලා. මේ රටේ ජාවාරම්කාරයෝ බලන් ඉන්නවා රටේ අර්බුධයක් ඇතිවෙනකල් ඒකෙන් ප්‍රයෝජන අරන්, තම තමන්ගේ මඩි තරකරගන්න.. අපි ආඩම්බර වෙනවා අපේ පාසල් දරුවන් නිසා එදා ඒ ගැටළුවෙන් රට මුදා ගත්තට. අද අපි ඉතාමත් විෂම යුගයක ජීවත් වෙන්නේ. මිනිසා නිර්මාණශීලියි. මේ නිර්මාණශීලීත්වයේ පළවෙනි අංගය ඇති වෙන්නේ භාෂාවෙන්. සන්නිවේදනයෙන්. දෙවැනි අංගය තමයි මිනිසා පරිසරයෙන් දේවල් ලැබෙනකල් ඉන්නේ නැහැ. ඔහු දේවල් ලබා ගන්නවා. මේ ලෝකයේ මුලින්ම ධාන්‍ය වගාකරපු රටක් තමයි ශ්‍රී ලංකාව. ඒක අපේ මිනිසුන් ලබාගත්ත ප්‍රධාන නිර්මානශීලිත්වයක්. තුන්වන වැදගත් දේ තමයි හුවමාරුව. මේක මිනිසාගේ වැදගත් දෙයක්. නිර්මානශීලිත්වයේ අනෙක් දේ තමයි නිතිය. නිර්මාණශීලීත්වයේ ඉතාම වැදගත් දේ තමයි ශ්‍රමය වෙනුවට බලශක්තිය යොදවා ගැනීම. අපේ රටේ මේ සඳහා යොදා ගත්තේ පෝල්තෙල්. වෙනත් රටවල සත්ව තෙල් ආදියත් යොදා ගත්තා. අද අපිට හැමදේම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ විදුලිය නිසා. තෙල් ගල් අඟුරු ගෑස් ඉතා ඉක්මණින් සිඳීයාමට නියමිතයි. වැඩිම වුණොත් තව දශක 4 ක් පවතියි. ඉන් අනතුරුව රටට බලශක්ති සපයා දීමට විකල්ප බලශක්තිය අවශ්‍ය වනවා. ඒ සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් හරිත බලශක්ති ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න සැලසුම් කරනවා. ලංකාවේ විදුලි බලාගාර වලට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් බලය සපයන්නේ දර වලින්. ඒක නොදියුණුකමේ ලක්ෂණයක් නෙමෙයි. අපි අපේ ආහාර වවා ගන්නවා සේම බලශක්තියත් වවා ගතයුතුයි. බලශක්ති ගොවිතැන මේ ඊලඟ දශක තුනේදි ලෝකයේ ඉතාම වැදගත් කර්මාන්තය බවට පත්වෙනවා. ලෝකයේ වැදගත්ම දේ තමයි කාර්යක්ෂමතාව වැඩිදියුණු කරගැනීම. අපි නිතරම ඉල්ලුම ගැන හිතුවා මිසක්, බලශක්ති කළමනාකරණය ගැන හිතුවේ නැහැ. ඉල්ලුම වැඩිවෙද්දි, ඒකට බලාගාර කීයක් හදන්න ඕනද කියලා හිතුවා මිසක්, බලශක්තිය ඉතිරි කරන්න අපි හිතුවේ නැහැ. ලංකාවේ විදුලි ඉල්ලුම වැඩිවෙන්නේ වර්ෂයකට 3% ක් 4% කින්. ඒ ප්‍රමාණය පාසල් දරුවෝ බලශක්තිය ඉතිරි කිරීමෙන් ලැබෙනවානම්, අළුතෙන් බලාගාර ඉදිකරන්න ඕන නැහැ. ඒ නිසා අපි තීරණයක් ගත්තා විදුලිය පමණක් නෙමෙයි ඉන්ධන, ගෑස් අදාල සියලුම ක්ෂේත්‍රයන් කැටිකරගත්ත මහා ඉතුරුම් ව්‍යාපාරයකට යන්න. අපි ඉන්ධන මිල අඩු කළා. අපි හිතුවා ඒ අඩුවූ මිල නිසා මිනිසා ඒ වැයවූ මුදල් ඉතිරි කරයි කියලා. නමුත් සිද්ධ වුණේ මිල අඩු නිසා මිනිසුන්ගේ ගමන් වැඩිවුණ එක විතරයි. මේක අපේ නරක පුරුද්දක්. ඉන්ධන ඉතිරි කරගත යුතුයි. ඉන්ධන තව වැඩි කළක් පවතින්නේ නැහැ. බංග්ලාදේශයේ ගෑස් නිකන් දෙනවා. ඒ නිසා ඒ රටේ මිනිස්සු ගැස් ලිප නිවන්නත් කම්මැලි වෙලා. ආණ්ඩුවට වෙලා තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ගෑස් නිධි තව වසර කිහිපයකින් ඉවරයි. නමුත් දැන් මේ නොමිලේ දෙන එක නැවැත්තුවොත්, ආණ්ඩුව පෙරලෙනවා. පකිස්ථානයේ අද පැය 18 ක් විදුලිය කපනවා. බලශක්ති ඉතිරුම නොදන්නකම නිසා තමයි ඒ රට බංකොලොත් වෙලා තියෙන්නේ. ඒ නිසා බලශක්ති සැපයුම වගේම බලශක්ති ඉතුරුම සඳහාත් යොමුවිය යුතුමයි. බංග්ලාදේශය, පාකිස්ථානය වගේ තත්ත්වයකට මේ රටත් පත්වෙන්න පුළුවන්, අපි බලශක්ති සංරක්ෂණ ක්‍රමවේදයකට අනුගත නොවුණොත් “යැයි පැවසීය මෙම අවස්ථාවට පාසල් 24 ක ගුරුභවතුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා ට්‍රාන්ස්ෆෝමරස් ආයතනය යන ආයතනයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි විශාල පිරිසක් සහභාගී වූහ.