රටක අභිවෘද්ධිය, පැවැත්ම සහ සංවර්ධනය සඳහා නිර්මාණශීලී පුද්ගලයන් වැඩි වශයෙන් අවශ්‍ය වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. නිර්මාණශීලී ආර්ථිකයක් උදෙසා නිර්මාණශීලී පන්තිය දිරිගැන්වීමේ අවශ්‍යතාවයේ වැදගත්කම ද ඔහු පෙන්වා දෙයි.
රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ ජූනි 30 කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති, පුෂ්පා මල්දෙණිය මහත්මිය විසින් මෙහෙයවන ලද කේශාලංකරණ, රූපලාවන්‍ය සහ මනාලියන් හැඩ ගැන්වීමේ පාඨමාලාවන් හී සහතික පත් සහ සම්මාන ප්රදානය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වෙමිනි. නිර්මාණශීලී පන්තිය දිරිගැන්වීම උදෙසා සංවිධානය කෙරුණු එම වැඩසටහන පාඨලී චම්පික රණවක මහතාගේ විශේෂ අගැයීමට ලක් විය.
‘ජනරජ කාන්තාවෝ’ සභාපති ධාන්‍යා සමරසිංහ මහත්මිය විසින් මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලදී.