ඊයේ (21) පැවැති ජනාධිපතිවරණයේ දී ඇතැම් නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන පනතට අනුකූල නොවන අයුරින් ඡන්ද මධ්‍යස්ථානවල නිලධාරීන් පිටමං කිරීම, දෙවැනි සහ තුන් වැනි මනාපය ගණන් කිරීම දැනුම් දීමකින් තොරව සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අද (22) සමගි ජන සන්ධානය විසින් මාධ්‍ය හමුවක් පවත්වන ලදී.
එහිදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා;
“දැන් ඇත්තටම පළවෙනි අපේක්ෂකයෝ දෙන්නට අනික් අපේක්ෂකයෝ 36 දෙනා දමලා තියෙන දෙවෙනි තුන්වැනි මනාප ගණන් කිරීම තමයි සිදු කල යුතු ව තියෙන්නේ. 56 ලක්ෂයක් ඡන්ද ජාතික ජන බලවේගයට වැටුණා. ඒ පක්ෂයට අපි සුබ පතනවා ඒ ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම ගැන. නමුත් 84 ලක්ෂයක් ජනතාව ඒකට විරුද්ධව ඡන්දේ දීලා තියෙනවා. ඒක නිසා ලැබුණු විදිහට හැසිරීමේ අයිතියත් ජාතික ජන බලවේගය හෝ ඒ අයට නෑ. මොකද 84 ලක්ෂයක් ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කරලා තියෙන නිසා. ඒ නිසා ඒ ගැන එතුමන්ලාගේ සැලකිල්ලට ලක්විය යුතුයි. මොකද පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුවේ එතුමන්ලාගේ නියෝජනයක් තියෙනවා. ඒ නියෝජනයට ලැබිලා තියෙන්නේ මේ 56 ලක්ෂය. ඉතුරු අයට ලැබිලා තියෙනවා 84 ලක්ෂයක්. ඉතින් ඒ නිසා මේ ජනාධිපතිවරණයේ නිල වශයෙන් ගත් කල බහුතරයක් දෙනා විරුද්ධව තමයි ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම නැත්නම් වෙනත් අපේක්ෂකයින්ට තමයි ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන ඇතිවෙලා තියෙන ප්රශ්නය මේ ඇතැම් නිලධාරීන් මේ ඡන්ද ප්‍රතිඵලය එක්ක උත්කර්ෂයට පත් වෙලා, තමන්ගේ දේශපාලන හැඟීම මුල් කර ගෙන එකපාරම 50% ඉක්මවා ගියා අපේ අපේක්ෂකයා කියලා. මේ ඡන්ද මධ්‍යස්ථාන පනතට අනුකූල නොවන ආකාරයට ඡන්ද මධ්‍යස්ථානවල ඒ නිලධාරීන් පිටමං කිරීමත්. මොකද 10 දෙනෙක් තියා ගන්න ඕනෙයි කියලා පැහැදිලිව මේ මාර්ගෝපදේශවල කියලා තියෙනවා. අපේ නියෝජිතයන්ට යන්න කියලා තියෙනවා. ඉතින් ඒකෙන් පස්සේ හිටි අඩියේ මේ නිවේදනය ආවාට පස්සේ නැවත ඡන්ද ගණන් කිරීම කරලා තියෙන්නේ. ඡන්ද ගණන් කරන්න ඕනේ ඔව්. මේ නිවේදනය ආවේ මේ සුළු මොහොතකට පෙර. නමුත් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළේ ඊට කලින්. ඒ කියන්නේ රට දැන ගන්නත් කලින්, අපි දැන ගන්නත් කලින්, රහසේ මේ ඡන්ද ගණන් කිරීම, දෙවෙනි මනාපය ගණන් කිරීම, තුන්වැනි මනාපය ගණන් කිරීම, පටන් අරන් තියෙනවා. එතකොට ඒක, මේ පනතටත් විරුද්ධයි. මේ මැතිවරණ කොමිෂන් සභාව විසින්, තේරීම් භාර නිලධාරීන්ට ලබා දීලා තියෙන මේ මාර්ගෝපදේශයන්ටත් පැහැදිලිව පටහැනි ඉතින් මේ ගැන අපගේ විරෝධය අපි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති තුමාට, අපේ ලේකම් තුමා විසින් ඉදිරිපත් කළා. අපි කිසිසේත් ම මේ තීරණය අභියෝගයට ලක් කිරීමක් නෙමෙයි. නමුත් මේ ක්රියාදාමයේ දී මහජනයා ඉතා ම විනයානුකූලව හැසිරිලා තියෙද්දී දේශපාලන පක්ෂ ඉතා ම විනයානුකූලව හැසිරිලා තියෙද්දී, කිසි තැනක හොර ඡන්දයක් දැමූ බවට කිසිම වාර්තාවක් නැතිව තියෙන තත්වයක් තුල. කිසිම ප්රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවී තියෙන තත්වය තුළ මේ මැතිවරණ නිලධාරීන් සහ ඒ කොමිෂන් සභාවේ අතපසුවීම්, එහෙම නැත්නම් ඒ අයගේ පනතට පටහැනි ව ක්‍රියාත්මක වීම් ගැන අපේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා. ඒ මේ ප්‍රතිඵල නිත්‍යානුකූලව ලබා දෙයි කියලා හා මැතිවරණ කොමිෂන් සභාව අපි විසින් කරන ලද පැමිණිල්ලට අනුව විධිමත් පරීක්ෂණයක් කරලා මේ කටයුතු ආකාරයට හැසිරිච්ච නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගනී කියලා හා අපගේ අපේක්ෂකයාට අගතියක් වෙලා තියෙනවා නම් ඒ අගතිය නිවැරදි කිරීමට ක්‍රියා කරයි කියලා. අපි ඒ පිළිබඳ දැන් අදාළ සාක්ෂි සාධක අපගේ නියෝජිතයින් රැස් කර ගෙන යනවා. ඒ අනුව පූර්ණ වාර්තාවක් අපි ඉදිරි කාලයේ දී මැතිවරණ කොමිෂන් සභාවටත්, රටටත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ අපේක්ෂකයාට අගතියක් වීම වළක්වා ගැනීමයි අපට තියෙන්නේ. ඒක ජනතාව ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමෙන් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමේ ම කොටසක් හැටියටයි අපි සලකන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාට ම රටේ මහජනතාවට සාමකාමී ලෙස මේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්, ආරක්ෂක අංශවලට, ඒ වගේ ම සියලු ම නිලධාරීන්ට, මාධ්‍ය අංශවලට සියලු දෙනාට ම ස්තුතිය ප්‍රකාශ කරනවා.