ඒකාධිපතියන් හා සිත් මංකොල්ලය..

telephone x 1

ඒකාධිපතියන් හා සිත් මංකොල්ලය..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

කෝවිඩ් අගුළුලෑමත් සමඟ Netflix වෙතින් මෙක්සිකානු චිත්රපටයක් නැරඹූවෙමි. එහි ඉංග්රීසි නාමය ‘Perfect Dictator’ වේ. ජාවාරම්කාර ගජ මිතුරකුගෙන් අල්ලසක් ගැනීම වීඩියෝවක පටිගතවීම නිසා දේශපාලනිකව අසරණ වී සිරගෙට යා යුතු වූ මෙක්සිකෝවේ පළාත් ආණ්ඩුකාරවරයෙක්, මාධ්ය මෙහෙයුමක් මඟින් රටේ ජනාධිපතිධුරය දක්වා ගමන් කිරීම එහි තේමාවයි. රාජ්ය ධනය කොල්ලකෑම, ඝාතන, හමුදා බලය අයථා ලෙස යොදාගැනීම, කුමන්ත්රණ, යුක්තිය ඉල්ලන පුද්ගලයින්ගේ චරිත ඝාතන, මාධ්ය ලෝකය – මාධ්යවේදීන් හා රාජ්ය ධනය කොල්ලය අතර ඇති සබැඳියාව මෙයින් මනාව පෙන්වා දී ඇත.

මෙය නරඹන ඔබට ලංකාවේ එයට බොහෝ සමීප චරිත බොහොමයක් හමුවනු ඇත. අප ජීවත් වන්නේ සත්ය හා බුද්ධිය යටපත් වූ, බුද්ධිය මෙන්ම හදවත ද මාධ්ය මෙහෙයුම් මඟින් සොරාගත් යුගයක බව ඔබට එවිට වැටහෙනු ඇත.

කතෝලික පල්ලියේ නායක පූජක උතුමන් නැවත නැවතත් ‘පාස්කු ප්රහාරය’ පිළිබඳ යුක්තිය ඉල්ලා අරගල කරමින් ඇත. පාස්කු ප්රහාරය දේශපාලන බලයක් අල්ලාගැනීම සඳහා කළ ජනඝාතක මාධ්ය මෙහෙයුමක් බව දැන් පල්ලියේ නායක පූජක උතුමන්ටද ප්රකාශ කිරීමට සිදුව ඇත.

මේ ජනාධිපතිවරයා හා මේ ආණ්ඩුව බලයට ආවේම සිංහල බුද්ධිය හා හදවත සොරාගෙන පාස්කු මහමොළකරුවන් අල්ලන බවට වූ රණවිරු ගී උත්කර්ෂයන් මතය.

පසුගිය වසර දෙකක කාලය තුළ එකදු නව වැදගත් සැකකරුවෙකු හෝ අල්ලා ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇත. එමෙන්ම පාස්කු ප්රහාරකයින් හා ඔවුන්ගේ මුල් ආගමික කන්ඩායම වූ ‘තවුහිද් ජමාත්’ ව්යාපාරය සමඟ බුද්ධි අංශ වල තිබූ සබැඳියාව නම් තව තවත් පැහැදිළිවෙමින් තිබේ. පාස්කු ප්රහාරයේ ඇතුළත කතාව යටගැසීමට ආණ්ඩුවට උවමනාවක් ඇති බව කතෝලික පල්ලියේ පූජකතුමන්ලා කියන්නේ ඒ අනුව විය යුතුය.

මේ පිළිබඳව දීර්ඝ ප්රකාශයක් මවිසින් පාස්කු කොමිසමට ලබාදෙන ලදි. 1980 ගණන්වල සිට ඇතැම් අන්තවාදීන්ට රැකවරණය ලැබුණු හැටි, 1990 න් පසු අවි ලැබුණු හැටි, 2010 න් පසු නීති විරෝධී අවි ගබඩා හා අවි පුහුණු මධ්යස්ථාන පවත්වාගෙන ගිය ආකාරය, තවුහිද් ජමාත් හා සහරාන්ට ශ්රී ලංකා ආරක්ෂක අංශ හා ඇතැම් දේශපාලන නායකයින් සමඟ තිබූ සබඳතා මා පමණක් නොව තවත් බොහෝ අය විසින් ද හෙළිදරව් කර ඇත.

එහෙත් පාස්කු කොමිසමේ වෙළුම් 22 ක් තවමත් රහසිගත වන අතර වාර්තා කර ඇති තොරතුරුද අසම්පූර්ණ වාර්තාකරණයකි.

රට දැන් පාස්කු ප්රහාරය මෙන් සියගුණයකට වඩා විශාල වසංගත උවදුරකට අපරාධමය නොසැලකිල්ල නිසා ගොදුරු වෙමින් ඇත. විටින් විට පාස්කු ප්රහාරයේ වගවීම් ලෙස වසංගත අපරාධය වසං කිරීමට අනුවේදනීය සිදුවීම් මාධ්ය මෙහෙයුම්කරුවන් විසින් යොදාගනිමින් ඇත.

මේ මාධ්ය මෙහෙයුමට යටින් සිදුවිය හැකි තවත් බරපතල ව්යසනයක් පවතින බව අප මතක තබාගත යුතුය. එය නම්, තලිබාන්වරු දකුණු ආසියාවේ බලවත්ම යුධ උපකරණ සහිත ‘ඉස්ලාමීය රාජ්යයක්’ යුධජයග්රහණයකින් පිහිටුවා ඇති බවය.

2012-14 කාලයේ සහරාන් ප්රමුඛ පාස්කු ප්රහාරකයින් උත්කර්ෂයට පත්වූයේ ISIS ස්වයං කලිපාතය (caliphate) හොහොත් ඉස්ලාමීය රාජ්යයක් ඉරාකයේ හා සිරියාවේ සීග්ර යුධජයග්රහණයකින් බිහිකළ නිසාය. එවැන්නක් නැවත සිදු නොවෙතැයි කිසිවෙකුට කිව නොහැක. ලංකාවේ අද පවතින අරාජික රාජ්යය, මාධ්ය මෙහෙයුම් විසින් අවුළුවා ඇති ආගමික සංවේදීතා හා විදේශීය බලවේගවල ලංකාව ගැන වූ අසහනය ආදිය විසින් තවත් ව්යසනයක් ඇතිවීමට ඉඩක් නැතුවා නොවේ. විරෝධතා පානා ගුරුවරුන්, සිසුන් හා සමාජ මාධ්ය සටහන් තබනා වෙද, හෙද කාර්ය මණ්ඩල හා සිය ඇත්ත දේශපාලන විරුද්ධවාදීන්ගේ කාර්ය මණ්ඩල පසුපස 24×7 ලුහුබැඳ යන ගෙස්ටාගෝ පන්නයේ ඇතැම් ආරක්ෂක අංශවල ක්රියාකාරීත්වය ද ජාතික ආරක්ෂාවට ඇති සත්ය තර්ජනය නොතකා ඇති බව පැහැදිළිය. ශ්රී ලංකාව පා තබමින් සිටින්නේ වසංගත, සාගත හා මූල්ය අර්බුද පිපුරුම් සහිත බිම්බෝම්බ අඩවියක පමණක් නොවන බව අප නැවතත් සිහි තබාගත යුතුය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *