UNFCC – Conference of Parties 28th Conference

telephone x 1

UNFCC – Conference of Parties 28th Conference

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

2023 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව – (UNFCC – Conference of Parties 28th Conference) 2023 නොවැම්බර් 30 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදී ආරම්භ වූ අතර, පරිසරය, ස්වභාවික විපත් සහ සහන සැළසීමට අදාළ කාර්යභාරයන් වෙනුවෙන් වූ පාර්ලිමේන්තු ආංශික කාරක සභා සියල්ලෙහිම සභාපතිවරුන්ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දෙයි. හදිසි සහන සහ ඒ ආශ්‍රිත ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ කරුණු විමර්ශනය කර නිර්දේශ ලබාදීමට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට බලය පැවරී ඇති අතර, ඒ අනුව මානව ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස වැනි ගෝලීය සංසිද්ධීන් යන දෙකින්ම ඇති වන ස්වාභාවික විපත් සඳහා දායක වන සාධක සහ ස්වාභාවික විපත් අවම කර කළමනාකරණය කිරීමේ ක්‍රම සළකා බැලීම ක්‍රම සහ විධි කමිටුවට අයත් කාර්යයභාරයන් වේ. පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා 2023 වසරේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විප‍ර්යාස පිළිබඳ සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටින්නේ ඒ අනුවය.
මෙම අවස්ථාව සඳහා රජය නියෝජනය කරන මැති ඇමැතිවරුන් මෙන්ම, විපක්ෂය නියෝජනය කරන එරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් ද එක්ව සිටියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *