TIN අංකය ලබාදීමේ වැඩපිළිවෙලක් ගැන ආණ්ඩුවේ අවධානය යොමු කර තිබේ.

telephone x 1

TIN අංකය ලබාදීමේ වැඩපිළිවෙලක් ගැන ආණ්ඩුවේ අවධානය යොමු කර තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ජාතික හැඳුනුම්පත් අංකය උපයෝගී කරගෙන TIN අංකය ලබාදීමේ වැඩපිළිවෙලක් ගැන ආණ්ඩුවේ අවධානය යොමු කර තිබේ.
වසර 18 ට වැඩි සියලු දෙනා සඳහා බදු ලිපිගොනුවක් විවෘත කරලීම සඳහා 2022 අයවැයෙන් ද යෝජනා ඉදිරිපත් වී තිබුණි. බදු ලිපිගොනුව විවෘත කලද, ඒ ක්රමය සඳහා විවිධ දෙපාර්තමේන්තු සමඟ ලිපි හුවමාරු වී තිබුණ ද නිශ්චිත ක්රියාවලියක් හඳුනා නොගෙන තිබුණි. තවද මිලියන 18 ක් පමණ වන වයස 18 ඉක්මවූ අයගේ ලිපිගොනු තැනීම හා නඩත්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ධාරිතාවට කළ නොහැකි බවද පෙනී ගොස් ඇත. මේ සඳහා කළ යුතු විසඳුම වන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව හැඳුනුම්පත් අංකයට සමාන බදු ලිපිගොනුව අංකයක් (Tax File Number – TFN) සියළු වැඩිහිටි ජනයා වෙත නිකුත් කිරීමය. ඒ අංකය ඔවුන්ගේ සියලු ගනුදෙනු, බැංකු කටයුතු, ඉඩම් මිලදී ගැනීම් හා වෙනත් ලිපි ගොනුවල සඳහන් කර මේ සියල්ල පරිගණක මගින් අධීක්ෂණය කිරීමය. මේ සම්බන්ධයෙන් මුලින්ම යෝජනාවක් ඉදිරිපත් කරන ලද්දේ 43 සේනාංකය විසිනි. එහි නායක, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා මෙම යෝජනාව සිදු කරන්නේ 2023 පෙබරවාරි මාසයේ දීය. ආර්ථික ස්ථායීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරන ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ද රණවක මහතා විසින් මෙහි අවශ්යතාව නිරන්තරයෙන් අවධාරණය කරන ලදී.ජාතික හැඳුනුම්පත් අංකය උපයෝගී කරගෙන TIN අංකය ලබාදීමේ වැඩපිළිවෙලක් ගැන ආණ්ඩුවේ අවධානය යොමු කර තිබේ.
වසර 18 ට වැඩි සියලු දෙනා සඳහා බදු ලිපිගොනුවක් විවෘත කරලීම සඳහා 2022 අයවැයෙන් ද යෝජනා ඉදිරිපත් වී තිබුණි. බදු ලිපිගොනුව විවෘත කලද, ඒ ක්රමය සඳහා විවිධ දෙපාර්තමේන්තු සමඟ ලිපි හුවමාරු වී තිබුණ ද නිශ්චිත ක්රියාවලියක් හඳුනා නොගෙන තිබුණි. තවද මිලියන 18 ක් පමණ වන වයස 18 ඉක්මවූ අයගේ ලිපිගොනු තැනීම හා නඩත්තුව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ධාරිතාවට කළ නොහැකි බවද පෙනී ගොස් ඇත. මේ සඳහා කළ යුතු විසඳුම වන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව හැඳුනුම්පත් අංකයට සමාන බදු ලිපිගොනුව අංකයක් (Tax File Number – TFN) සියළු වැඩිහිටි ජනයා වෙත නිකුත් කිරීමය. ඒ අංකය ඔවුන්ගේ සියලු ගනුදෙනු, බැංකු කටයුතු, ඉඩම් මිලදී ගැනීම් හා වෙනත් ලිපි ගොනුවල සඳහන් කර මේ සියල්ල පරිගණක මගින් අධීක්ෂණය කිරීමය. මේ සම්බන්ධයෙන් මුලින්ම යෝජනාවක් ඉදිරිපත් කරන ලද්දේ 43 සේනාංකය විසිනි. එහි නායක, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා මෙම යෝජනාව සිදු කරන්නේ 2023 පෙබරවාරි මාසයේ දීය. ආර්ථික ස්ථායීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධීක්ෂණය කරන ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ද රණවක මහතා විසින් මෙහි අවශ්යතාව නිරන්තරයෙන් අවධාරණය කරන ලදී.
2023 පෙබරවාරි 02 වෙනිදා ‘වත්මන් බදු අර්බුදය හා විසඳුම්’ මැයෙන් 43 සේනාංකය විසින් පවත්වනු ලැබූ මාධ්ය හමුව,
Video Link -:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *