The Carter Center සංවිධානයේ නියෝජිතයින් හා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්රමුඛ නියෝජිතයින් අතර සුහද හමුවක් අද (17) ජනරජ පෙරමුණු මූලස්ථානයේදී පැවැත්විණ.
මෙහිදී දෙපාර්ශවය අතර රටේ වත්මන් දේශපාලන තත්ත්වය, ඉදිරි මැතිවරණ වලදී ඇතිවිය හැකි අභියෝග යනාදී කාලීන මාතෘකා සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පැවැති අතර, පාඨලී චම්පික රණවක මහතා සභාපතීත්වය දරන පාර්ලිමේන්තුවේ ක්රම සහ විධි කාරක සභාව සහ එහි කාර්යභාරය සම්බන්ධ කරුණු පැහැදිලි කිරීමක් ද සිදු කෙරෙන ලදී. අදාළ කාරක සභාවේ පළමු වාර්තාව සහ එක්සත් ජනරජ පෙරමුණේ ‘හදමු’ ප්රකාශනය ද, The Carter Center සංවිධාන නියෝජිතයන් වෙත පිළිගන්වනු ලැබිණ.