එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා සිදුකරන ලද අනුරාධපුර සංචාරයට සමගාමීව ඉසුරුමුනිය, ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය යන පූජනීය ස්ථාන වැඳපුදා ගැනිමටද එක්විය. ඉසුරුමුනි හා රුවන්වැලි සෑ විහාරාධිපති හිමිවරුන්ට එක්සත් ජනරජ පෙරමුණ විසින් මහා සංඝරත්නය වෙත සිදුකෙරෙන ආයාචනය සදහන් ලිපියද බාරදෙන ලදී.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ අම්පාර ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයින් හා වෘත්තීයවේදීන් පිරිසක් අතර සුහද හමුවක් අද (05) සවස අම්පාරේදී පැවැත්විණ.