ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් එක්සත් ජනරජ පෙරමුණ විසින් අද 8 විශේෂ වැඩසටහනක් සංවිධානය කෙරිණ.
ජනරජ පෙරමුණේ කාන්තා අංශය වන ‘ජනරජ කාන්තාවෝ’ විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන ජනරජ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණේ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි.
‘ජනරජ කාන්තාවෝ’ සහ Trust Sri Lanka එක්ව පවත්වනු ලැබූ රූපලාවණ්‍ය හා මනාලියන් හැඩගැන්වීමේ ත්‍රයි මාසික පාඨමාලාවේ සහතිකපත් ප්රදානය, ජනරජ කාන්තාවෝ සංවිධායක පත්වීම් ලිපි ප්රදානය, ජනරජ කාන්තා තේමා ගීතය එළි දැක්වීම හා ජනරජ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන අජන්තා මහත්මිය අගැයීම සහ තිළිණයක් ප්රදානය කිරීම ඇතුළු අංග රැසකින් මෙම වැඩසටහන සමන්විත විය.
මෙම වැඩසටහන සඳහා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජනරජ කාන්තාවෝ සභාපතිනී ප්‍රියදර්ශනී ආරියරත්න, ජනරජ මධ්‍යම කාරක සභික, හිටපු නාගරික මන්ත්‍රී සජිත් දුමින්ද පීරිස්, රූපලාවණ්‍ය පාඨමාලා අධ්‍යක්ෂිකා නුවනි වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ද, රූපලාවණ්‍ය පාඨමාලාව හැදෑරූ ශිෂ්‍යාවන් සහ ඔවුනගේ දෙමාපියන් ද, විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන් ද, සංක්‍රාන්ති ලිංගික සමාජභාවී කණ්ඩායම් නියෝජනය කරමින් Heart to Heart සංවිධානයේ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.