එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, නිදහස ජනතා සභාව සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) සමග මින් පෙර සාකච්ඡා කරන ලදී.
එහි තවත් පියවරක් ලෙස දෙමළ ප්රගතිශීලී පෙරමුණ සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් පෙබරවාරි 29 දින පාමංකඩ ප්‍රදේශයේ පිහිටි දෙමළ ප්රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතාගේ නිවසේ දී පැවැත්විණ.
දෙමළ ප්රගතිශීලී පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්, M. උදයකුමාර් සහ M.වේලු කුමාර් යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
தமிழ் முற்போக்கு கூட்டணி க்கும் ஐக்கிய குடியரசு முன்னணிக்கும் இடையிலான கலந்துரையாடல் ஒன்று இன்று (29) பாமாங்கட பிரதேசத்தில் உள்ள தமிழ் முற்போக்கு முன்னணியின் தலைவர் திரு.மனோ கணேசனின் இல்லத்தில் நடைபெற்றது.
ஐக்கிய குடியரசு முன்னணியினால் பெப்ரவரி 14ஆம் திகதி வெளியிடப்பட்ட ‘நாட்டுக்காக ஒன்றிணையும் முயற்சி’ என்ற பிரசுரத்தின் உள்ளடக்கம் இங்கு விவாதிக்கப்பட்டது.
தமிழ் முற்போக்கு கூட்டணியின் சார்பில் அதன் தலைவர் பாராளுமன்ற உறுப்பினர் மனோ கணேசன், பாராளுமன்ற உறுப்பினர் பழனி திகாம்பரம், எம்.உதயகுமார், ஐக்கிய குடியரசு முன்னணியின் சார்பில் எம்.வேலு குமார், அதன் தலைவர் பாராளுமன்ற உறுப்பினர் பாட்டலி சம்பிக்க ரணவக்க. இந்த நிகழ்வில் பொலிட்பீரோ தலைவர், முன்னாள் பிரதி அமைச்சர் திரு.பரணவிதான, சிரேஷ்ட உப தலைவர் திரு.நிஷாந்த ஸ்ரீ வர்ணசிங்க மற்றும் பலர் கலந்துகொண்டனர்.