පෙබරවාරි 14 වනදා එක්සත් ජනරජ පෙරමුණ විසින් ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ නමින් ජනගත කරනු ලැබූ පොදු අවම වැඩපිළිවෙළ සබැඳිව සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ජා සිදුකිරීමට යෝජනා වූ අතර, එහි එක් පියවරක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් එක්සත් ජනරජ පෙරමුණ වෙත ආරාධනයක් සිදුකරනු ලැබ තිබිණ.
එම ආරාධනය අනුව, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රමුඛ පක්ෂයේ නායකයන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකයන් අතර සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයේ දී පෙබරවාරි 24 අදාළ කරුණ සම්බන්ධ සාකච්ජාවක් පැවැත්විණ.
මේ අවස්ථාව සඳහා, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, රොනල්ඩ් පෙරේරා හා එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් වන නීතිඥ ශිරාල් ලක්තිලක හා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරුන් ද සම්බන්ධ විය.