එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ජනවාරි 26 ගාල්ල තෙල්වත්ත තොටගමු රන්පත් රජමහා විහාරය වෙත ගොස් එහි විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ බැහැදැක, ආශිර්වාද ලැබ අනතුරුව එක්සත් ජනරජ පෙරමුණේ ප්රතිපත්ති ප්රකාශනය පිළිගැන්වීම සිදු කරන ලදී.
මේ අවස්ථාව සඳහා ජනරජ පෙරමුණේ ගාල්ල දිස්ත්රික් සම්බන්ධීකාරක තුසිත හේවගේ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී විය.