මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව සියලු පක්ෂ හා සංවිධාන එකමුතුව කටයුතු කිරීමේ වැදගත්කම හා ඒ සඳහා ගත යුතු ඉදිරිපියවරයන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා අද (14) දින වෘත්තීය සංවිධාන රැසක් එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ මුලස්ථානයට පැමිණ
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හමුවූ අවස්ථාව. මෙම සාකච්ජාව සඳහා වෘත්තීය සමිති වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති රවී කුමුදේශ් මහතා, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා මහතා, ලංකා ගුරුසේවා සංගමය නියෝජනය කරමින් ජෝසප් ස්ටර්ලින් මහතා සම්බන්ධ විය.