එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රත්නපුර, කලවාන ආසනයේ සිදු කරන නිරීක්ෂණ චාරිකාවට සමගාමීව කලවාන මූලික රෝහල වෙත ගියේය.
ඉතා අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන කලවාන මූලික රෝහලේ අලුතින් ඉදි කරගෙන ගිය ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ද, රට තුළ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ නවතා දමා තිබේ. මේ හේතුවෙන් විශේෂයෙන් ම ග්‍රාමීය දිළිඳු ජනතාව බලවත් අපහසුතාවට පත්ව සිටින අතර, කුඩා රෝගාබාධයක් සඳහා ප්‍රතිකාර ගැනීමට පවා දුර බැහැර ගෙවා රත්නපුර මහ රෝහල වෙත යාමට ඔවුනට සිදුව තිබේ.
කලවාන මූලික රෝහලේ තත්ත්වය සහ කාර්ය මණ්ඩලයේ කටයුතු සහ ගැටළු සම්බන්ධයෙන් මෙහිදී රණවක මහතා වෛද්‍ය නිලධාරීන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය සමග සිදු කළ සාකච්ඡාවේ දී මෙවැනි ගැටළු රැසක් අනාවරණය විය.