රත්නපුර දිස්ත්රික්කයේ කොලොන්න හා ඇඹිලිපිටිය ප්රදේශයන්හි එක්සත් ජනරජ පෙරමුණ ක්රියාකාරී හමුවක් සංවිධානය කර තිබු අතර ඒ සඳහා එක්සත් ජනරජ පෙරමුණ නායක පාඨලී චම්පික රණවක මහතා පසුගියදා සහභාගී විය.
කොලොන්න අසන සංවිධායක සුරංග රාජපක්ෂ මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ. මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, තරුණ කටයුතු ලේකම් තීක්ෂණ ගම්මන්පිල, දිස්ත්රික් තරුණ සම්බන්ධීකාරක අමිත් ශ්රී පැතුම්, මොණරාගල දිස්ත්රික් සම්බන්ධීකාරක රමින්ද මදරසිංහ යන මහත්වරුන් ද සහභාගී විය.