වසර 70 ක කොමියුනිස්ට් පාලනය..

telephone x 1

වසර 70 ක කොමියුනිස්ට් පාලනය..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ලෙනින්ගේ මරණයෙන් පසු බලයට පත් වූ ජෝශප් ස්ටැලින් මේ මහා සම්පත් සහිත රට මධ්යගත මහා බලයක් වූ රාජ්යයක් කළේය. එමෙන්ම බලසම්පන්න යුද හමුදාවක් තැනුයේය. යෝධ තාක්ෂණික ඉදිරි පිම්මක් පැන්නේය. එක්සත් ජනපදයට තරගයක් දිය හැකි සම්පත් සහිත රටක් බවට සෝවියට් සංගමය පත් විය. න්යෂ්ටික අවි, නාවික, ගුවන් බලය, අභ්යාවකාශ බලය ආදී සෑම පියවරක්ම සමග සෝවියට් සංගමය පෙරට යන්නට විය. ලොව පුරා ලොකු කුඩා රාජ්ය ගණනාවක්, සෝවියට් සංගමය අනුව යමින් කොමියුනිස්ට් මාර්ගයෙන් ගමන් කිරීමට පටන් ගත්තෝය.
70 දශකය, සෝවියට් සංගමයේ දශකය විය. 1973-74 තෙල් අර්බුදය සමග ඛනිජ තෙල් මිල අහසට නැග්ගේය. මෙයින් විපුල ඵල ලැබුණේ සෝවියට් සංගමයටය. බටහිර ලෝකය අවුල් ජාලයක් විය. ලෝකය පුරා කොමියුනිස්ට් විප්ලවවලට සෝවියට් උපකාර ලැබෙන්නට විය. වියට්නාමය, ලාඕසය හා කාම්පුචියාව, ඇමරිකා එක්සත් ජනපදය පරදවා කොමියුනිස්ට් සංගමයේ උච්ඡ අවස්ථාව සනිටුහන් කළේය. 1979-80 අතර ඉරාන අර්බුදය සමග යළිත් තෙල් මිල ඉහළට ගියේය. සෝවියට් සංගමය නැවතත් බලවත් විය. සෝවියට් සංගමයේ ආදායම්වලින් 67% ක් එනම් තුනෙන් දෙකක් ලැබුනේ තෙල් හා ගෑස් වලිනි.

යුරි ඇන්ද්රපොව්ගෙන් පසු සෝවියට් සංගමයේ බලධාරියා ලෙස මිහායිල් ගොර්බචොව් පත්විය. මුල පටන්ම ගැටළු ගණනාවකට මුහුණ දීමට ඔහුට සිදුවිය. පළමුව 1985 දී තෙල් මිල පහළ යාම නිසා ඇති වූ අවුල් සහගත තත්ත්වයට මුහුණ දීමට සිදුවිය. එය 1986 චර්නොබිල් අනතුර සමග බලශක්ති අර්බුදයක් විය. ඊළඟට එය ආර්ථික අර්බුදයක් විය.

ඒ සමගම සෝවියට් පන්නයේ ආර්ථිකයක ඇති වන අකාර්යක්ෂමතාවය පිළිබඳ කණගාටුදායක තත්ත්වය ලොවට පෙනෙන්නට විය.

සෝවියට් සංගමය විසුරුවා හරිමින් එහි ජනාධිපති මිහායිල් ගොර්බචොව් මෙසේ ප්රකාශ කළේය.
“බලයෙන්, සැලසුම් සහගත බවින්, හමුදාමය විනයෙන් සමන්විත න්යෂ්ටික අවි, ග්රහලෝක තරණය කරන අභ්යාවකාශ අංගන හා රොකට්ටු සතු අපි වැනි දියුණු ජාතියක් දැනට ලොව තුළ නොමැත. නමුත් අපේ රට තුළ කාන්තාවන්ගේ යට ඇඳුම් පට (Panty hose) හිඟයක් පවතී. සබන් හිඟයක් පවතී. දත් බෙහෙත් හිඟයක් පවතී. ස්පුට්නික් අභ්යාවකාශයට යැවූ අපිට සබන්, දත් බෙහෙත් හා කාන්තා යට ඇඳුම් සැපයීමට නොහැකි වීම කවර ඛේදවාචකයක් ද?”
සොවියට් සංගමයේ ජනාදිපති ලෙස මා කල කාර්යය අදසිට අවසන් වන අතර,සොවියට් සංගමයද විසුරුවාහරිනු ලැබේ

සෝවියට් ඛේදවාචකය අවසන් වීමට වැඩි කලක් ගියේ නැත.. චර්නොබිල් න්යෂ්ටික බලාගාරය පුපුරා යෑමත් සමග 1986 දී ආරක්ෂාව පතා සෝවියට් දේශයේ න්යෂ්ටික බලාගාර වසා දමන ලද්දේය. තෙල්, ගෑස් මිල වැටීමත්, න්යෂ්ටික බලය අහිමි වීමත් සමග සෝවියට් ආර්ථිකය බිඳ වැටීම ඇරඹිනි. ගොර්බචොව් එය දේශපාලන ප්රශ්නයක් ලෙස ගෙන දේශපාලන ප්රතිසංස්කරණ හඳුන්වා දෙන්නට පටන් ගත්තේය. එය අවසන් වූයේ යෝධ මහජන නැගිටීමක්, හමුදා කුමන්ත්රණයක් හා පූර්ණ විප්ලවයක් සිදු වීමෙනි.

වසර 70 ක කොමියුනිස්ට් පාලනය එකදු වෙඩිල්ලක් හෝ පත්තු නොකර අවසන් වූයේ එලෙසිනි.

බලය සහා බලය පිටු අංක 168 – පාඨලී චම්පික රණවක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *