එළඹෙන මහමැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල, උතුරු කොළඹ මැතිවරණ මෙහෙයුමේ සමාරම්භක රැළිය ඊයේ(01) මෝදර ප්‍රදේශයේදී, පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සජිත් ප්‍රේමදාස මහතාගේ සහ පාඨලී චම්පික රණවක මහතාගේ උතුරු කොළඹ සම්බන්ධීකාරක දේශබන්දු රොෂාන් පෙරේරා මහතා සංවිධානය කල මෙම ජනහමුවට බෞද්ධ භික්ෂූන්වහන්සේලා ප්රමුඛ සර්ව ආගමික පූජක උතුමන්ලා, හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා, උතුරු කොළඹ සමගි ජන බලවේගයේ සංවිධායක CYP රාම් මහතා ඇතුලු ක්‍රියාකාරීන් රැසක් සහභාගී විය.