පාඨලී චම්පික රණවක අමාත්‍යවරයෙකු වශයෙන් රාජ්‍ය ආයතන කාර්යක්ෂමව කළමනාකරණය කලේ කෙසේද? යන්න පිළිබඳව විග්රහ කෙරෙන විද්වත් සංවාද මණ්ඩපයක් ඊයේ(29) සන්ධ්‍යාවේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනෑක් හෝටලයේදී පැවැත්වුණා. එම අවස්ථාව සදහා සම්පත් දායකයින් වශයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති මහාචාර්ය අනුර විජේපාල මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ හිටපු සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති වරලත් ඉංජිනේරු නිහාල් සූරියාරච්චි මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා සහභාගී වූ අතර වැඩසටහන මෙහෙයවනු ලැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල් වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා විසින් ය.
“නිපුණත්වය 01 ට” යනුවෙන් සංවිධානය කල මෙම වැඩසටහනට වෘත්තීයවේදීන් සහ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී විය.