“ඇමති චම්පිකගේ ප‍්‍රධානත්වයෙන් අටමස්ථාන සංවර්ධනයට පියවර”

telephone x 1

“ඇමති චම්පිකගේ ප‍්‍රධානත්වයෙන් අටමස්ථාන සංවර්ධනයට පියවර”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අටමස්ථාන සංවර්ධන කටයුතු පසුගියදා ආරම්භ විය. ඊට සමගාමීව 600 නමක් විෂයෙහි සංඝත දක්ෂිණාවක් ද රුවන්වැලිසෑය අභියසදී සිදු කෙරිණි. පොසොන් පුර පසලොස්වක පොහොය දිනට සමගාමීව මෙම කටයුතු සිදු කෙරිණි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරියේ අධික්ෂණය මත අටමස්ථාන ප‍්‍රතිසංස්කරණ කටයුතු හා ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. ඒ අනුව මුලින්ම රුපියල් මිලියන 23 ක වියදමකින් ථූපාරාම සංඝාවාසයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ද රුපියල් මිලියන 36 ක වියදමින් ලංකාරාමය විහාරයේ නව විහාර මන්දිරය සංවර්ධන කටයුතු ආරම්භ විය. එසේම අභයගිරි විහාරයේ අඩුපාඩු සොයා බලමින් නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයා එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන් කරන ලදි.

තවද රුපියල් මිලියන 38 ක වියදමකින් ඉසුරුමුණි විහාරයේ විහාරගෙයි ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණු අතර රුපියල් මිලියන 36 ක වියදමකින් ඉදිකිරීමට නියමිත මිරිසවැටිය විහාරයේ දාන ශාලාවට මුල් ගල් තබන ලදි

මෙම සංවර්ධන කටයුතු කි‍්‍රයාත්මක කිරීම සඳහා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ආයතනයන් හි නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *