එනවා නම් හරි පාරෙන් එන්න…

telephone x 1

එනවා නම් හරි පාරෙන් එන්න…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු විය හැකි බවට රාවයකි. ඒ පිළිබඳ තක්සේරුව කුමක්ද? ජනාධිපතිවරණය පැවැත්වුවහොත් ඉදිරිපත්වනවාද? මේ ඒ සම්බන්ධයෙන් විමසමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්ඡාවකි.

ඔබ දැන් ජනාධිපතිවරණයට සූදානම් ද?
ජනාධිපතිවරණයට සූදානම් වෙන්න ජනාධිපතිවරණයක් නෑනේ. හැබැයි මම එකක් කියන්නම්, මේ එළඹෙන ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව 2019 දී වගේ මාධ්‍ය නාටකවලට, ඒ වගේම සමාජ මාධ්‍ය කූට නාටකවලට, ඒ වගේම අද වෙනකොට කෘත්‍රිම බුද්ධියෙන් හදන නාටකවලට, ඒ වගේම කළු සල්ලිවලින් හදන ප්‍රතිරූපවලට අහුවෙලා කටයුතු කළොත් මේ රටේ අන්තිම වෛද්‍යවරයාත් මේ රටේ අන්තිම වරලත් ඉංජිනේරුවාත් මේ රටේ අන්තිම ආචාර්ය,මහාචාර්යවරයාත් නැති රටක් ඉදිරි අවුරුදු කිහිපයේ දී නිසැකවම බිහිවෙනවා. ඒ නිසා කළමනාකරණය හැකියාව ඇති අවංකත්ව ය ඇති නව දේශපාලන වටපිටාවක් පැන්ඩියම් එකක් හදන්න පුළුවන් පිරිස් ගැන විශ්වාසය පළ කරලා ඡන්දය පාවිච්චි කරන්න ඕනෑ. ඒ වගේම නව පරපුරකට ඒක ඇතුළේ වැඩි ඉඩකඩක් දෙන්න ඕනෑ, ඒත් ඒ ජනාධිපතිවරණය ආවොත්..
ඇයි ආවොත් කියන්නේ?
දැන් අප දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති පුටුවට ඡන්දයෙන් තොරවයි ආවේ කියලා. පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂගේ සරණින් තමා ආවේ. ඒ නිසා දැන් උත්සාහ කරන බව අපට පේනවා ජනාධිපතිවරණය පවත්වන්නේ නැතිව අර කවුද කිව්වා වගේ ඉත්තා කැපෙන්න යනකොට දාම් බෝඩ් එක පෙරළනවා වගේ ජනාධිපතිවරණය නැති කිරීම සඳහා මැතිවරණ ක්‍රමය සංශෝධනයක් හා ජනාධිපති ධුරය අහෝසි කිරීමක් පිළිබඳව ක්‍රියාවලියක් ආරම්භ කරන්න යන බව වාර්තා වෙනවා. ඒ ගැන ඔබේ අදහස ?
එකම දෙයයි කියන්න තියෙන්නේ. ව්‍යවස්ථාව කියන්නේ එක එක්කෙනාගෙ පෞද්ගලික හැදෑරීම්වලට යොදාගත්තා. ජේ. ආර්. ජයවර්ධනගේ ඉඳන් යොදාගෙන තියෙනවා. මේ වර්තමාන ජනාධිපතිවරයා දක්වාම ආයෙමත් ඒ සෙල්ලම ට මේ රටේ ඉඩ දෙන්න බෑ. මොකද ව්‍යවස්ථාව කියන්නේ අනම්‍ය දෙයක්. ඒක වෙනස් කරනවා නම් ඒකට ක්‍රියාදාමයක් තියෙනවා. පාර් ලිමේන්තු තේ රීම් කාරක සභාවක් පත් කරලා. ඒකට පාර් ලිමේන් තුවේ අනුමැතිය අරගෙන, ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය අරගෙන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ක්‍රියාදාමයක් තියෙනවා. එවැනි ක්‍රියාදාමයකින් තොරව පිටස්තර ආකාරයට කටයුතු කිරීමට ඉඩ දෙන්න බෑ. මොකද මහ ජනයට දැන් අවශ්‍ය මේ පැරැණි සම්ප්‍රදායෙන් ගැලවෙන්න . ඒ ගැලවෙන්න තියෙන වැදගත් අවස්ථා තමයි මහ මැතිවරණය හා ජනාධිපතිවරණය කියන්නේ. ඒ නිසා ඒ සඳහා මහ ජනතාවට ඉඩකඩ ලබා දෙන්න ඕනෑ.
1978 ඉඳන්ම විධායක ජනාධිපති ධුරයට එරෙහිව වාම බලවේග-ප්‍රගතිශීලී බලවේග අරගල කළා. දැන් පළමු වරට විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න එජාපයෙන් යෝජනා වෙනවා. ඒකට ඔබට සතුටු වෙන්න බැරිද?
එජාපයත් කිව්වනේ කීප වතාවක්. දැන් උදාහරණයක් හැටියට 2010 ජනාධිපතිවරණයේ දී එජාපය සරත්ෆොන්සේකා මහතා හරහා මේක අහෝසි කරන්න ගියා. ඒ වගේම 2016 දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හරහා එහෙම උත්සාහයක් කළා.
නමුත් ඔය අවස්ථා දෙකේ දීම ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඍජුව ඔය ගැන කියලා නෑ.
ඔව්. ඒක ඇත්ත. ජනමත විචාරණයකට තුඩු දෙන්නේ නැති ව්‍යවස්ථා සංශෝධන විතරයි කරනවා කිව්වේ . ඒවා තුළින් පවා උත්සාහ කළේ මේ ජනාධිපති ධුරය අහෝසි කරනවට වඩා ජනාධිපතිවරයාගේ බලතල අගමැතිවරයාගේ අතට ගන්නයි. ජනාධිපති ධුරය අහෝසි කරනවා නම් මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි.
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. මැතිවරණ ක්‍රමය කැබිනට් එකම වෙනස් කරන්න බෑනේ. පාර්ලිමේන්තුවේදී ඒ සඳහා තේරීම් කාරක සභාවක් පත් කරලා ඒක කරන්න ඕනෑ. එතැන දී දැන් ප්‍රධාන මැතිවරණ දෙ කක්ම ඇණහිටලා තියෙනවනේ. පළාත්! පාලන මැතිවරණය ඇණහිටලා තියෙනවා. පළාත් පාලන මැතිවරණය ඇණ හිටලා තියෙ නවා. පළාත් සභා මැතිවරණය ඇණ හිටලා තියෙ නවා. එයින් පළාත් සභා මැතිවරණය ඇණහිටලා තියෙන්නේ . මැතිවරණ ක්‍රමයේ වෙනසක් කළා. ඒකේ තියෙන අඩුපාඩුවක් පාර් ලිමේන්තුව තුළ සම්මත නොවීම නිසයි. පළාත් පාලන මැතිවරණය ඇණහිටලා තියෙන්නේ බලහත්කාරයෙන් ඒකට මුදල් නොදීමේ ක්‍රියාවලිය මත. ඉතින් ඒ නිසා මැතිවරණය ක්‍රමය වෙනස් කරන්න හා අදහස අවංකනම්, ඒක පිටිපස්සේ කිසිම පෞද්ගලික න්‍යාය පත්‍රයක් නැත්නම් , කරන්න ඕනෑ, කවදද පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ තියෙන්නේ . මහ මැතිවරණය කවද්ද තියෙන්නේ . ඒ විදියට මේ සංයුක්ත කාරණා සියල්ලම සම්බන්ධයෙන් ඇති කරගන්නා එකඟතාවක් මගින් පමණයි අපි නම් ඕවට සහයෝගය දෙන්නේ.
ජනාධිපති රනිල් ලොකු උගුලක් අටවලා තියෙන්නේ ? එහෙම නේ ද?
නෑ. මම එහෙම කියන්නේ මේ රට තවත් වතාවක් මාලිගා කුමන්ත්‍රණවලට යට කරන්න දෙන්න එපා.
රට මේ වැටිලා තියෙන ප්‍රමාණය ඇති. දැන් මහජනයාට අවස්ථා වක් දෙන්න. තීරණයක් ගන්න. අපට මාලිගා කුමන්ත්‍රණවලට එකතු වෙන්න බෑ. එනවා නම් හරි පාරෙන් එන්න. ජනාධිපති ධුරය අහෝසි කරනව නම් රටට ස්ථාවරත්වය අවශ්‍යයි. ස්ථාවරත්වය එන්න නම් පැරැණි මැතිවරණ ක්‍රමයට ඒ කියන්නේ ආසන මට්ටම ට මැතිවරණ ක්‍රමයකට යන්න ඕනැ.
දැන් රටේ ආසන 160ක් තියෙනවා. නමුත් දැන් ජන සංයුතිය බරපතළ විදියට වෙනස් වෙලා තියෙනවා. සමහර ආසනවල ඉතා සුළු ජනතාවක්. සමහර ආසනවල ඉතා විශාල ජනතාවක්. එහෙම නම් බහු මන්ත්‍රී කොට්ඨාස ඇති කරන්න වෙයි. ඒ වගේම සමහර ආසනවල භූගෝලීය තත්ත්වය වෙනස් කරන්න වෙයි. උදාහරණයක් ගත්තොත් දෙහිවල කියන්නේ කුඩා ආසනයක්. නමුත් හෝමාගම කියන්නේ ලක්ෂ 2 කට වඩා ඡන්දදායකයන් ඉන්න ආසනයක්. ඒ වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. නැගෙනහිර අනුරාධපුරය කියන්නේ දැවැන්ත ආසනයක්. අම්පාරත් එහෙමයි. තිස්සමහාරාමය කියන්නේ දැවැන්ත ආසනයක්. භූගෝලීය වශයෙන් වන්නි දිස්ත්‍රික්කයේ ආසන ඉතා විශාලයි. ඒ නිසා මෙතැන සලකා බලන්න අලුත් කොන්දේසි ගණනාවක් තියෙනවා. ඒ නිසා මේක මේ තමන්ගේ පැවැත්ම උදෙසා පෞද්ගලික පත්‍රයකට කරන්න ඉඩ දෙන්න හොඳ නෑ.
මොකක්ද ඔබේ දේ ශපාලන වැඩ පිළිවෙළ? එහෙම වැඩපිළිවෙළක් තියෙනව ද?
පැහැදිළිවම. අපි හිතනවා දේශපාලනඥයෝ හැටියට මේ රටේ මහජනයයි අපි සියලු දෙනයි කල්පනා කරන්න ඕනා එක්තරා නිශ්චිත පිරිසක් මේ රට බංකොළොත් කිරීමට ක්‍රියා කළ බව ඇත්ත. හැබැයි ඒ පිරිස බලයට ගෙනාවේ මේ රටේ ජනතාව. ඒ නිසා 225 ට බැනලා හැමෝටම බේරෙන්න බෑ. මැති ඇමැතිවරු හැටියට වගකීම් දරපු අය හැටියට සාමාන්‍ය ජනතාවට වඩා විශේෂ වගකීමක් අපට තියෙනවා. අපි අපේ අමාත්‍යාංශ ආර්ථික වශයෙන් ශක්තිමත්ව ගෙනිච්චා. ලාභ උපයන ආයතන බවට පත් කළා. දූෂණයෙන් තොරව අමාත්‍යාංශ කරන හැටි පෙන්නුවා. පාර්ලිමේන් තුවට කැබිනට් එකට සාමුහික වගකීම් තියෙනවා කියලා කිව්ව ට අවසාන අර්ථයෙන් මහ ජනතාවටනේ වගකීම තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිත් මහ ජනතාවට ඒත්තු ගන්වන්න අසමත් වෙලා තියෙනවා මේ සිද්ධ වෙන දේ ගැන.
මේ ආර්ථික අර්බුදය ගැන මම අනතුරු ඇඟවීම කළේ 2012 දී. ආලාපාලු ආර්ථිකය කියන පොත ලියලා මහින්ද රාජපක්ෂ මහත්මයගෙ ඇස් ගිනිකණ වැටෙන සංවර්ධනය යනකොට ‘හා මේකෙ යට අර්බුදයක් තියෙනවා.’ කියලා මුලින්ම කියපු මිනිහා මම. ඒ නිසා මට විශාල වද වේදනාවන්ට ලක්වෙන්න සිද්ධ වුණා. නමුත් මටත් වගකීමක් තියෙනවා අපටත් ස්වයං විවේචනයක් තියෙනවා මේවා වළක්වන්න අපටත් බැරි වුණා නේද කියලා. ඒ නිසා මේ වගකීම 225 ට දාලා අර පවුලට දාලා විතරක් දැන්හරියන්නේ නෑ. අපි සියලු දෙනාම බාර අරගෙන මෙතැනින් ගැලවෙන මගක් විතරක් නොවෙයි අලුත් දේශපාලන සංස්කෘතියක් නව ආණ්ඩුකරණයක් රට තුළ ඇති කරන්න ගමන් කළ යුතුයි. එතැන දී ඕනෑ පැහැදිලි වැඩපිළිවෙළක්. අපි ජනතාවට කියන්න ඕනෑ… මෙන්න මේකයි අපේ වැඩපිළිවෙළ… කියලා.
කෝ තවම ඔබවත් ඉදිරිපත් කරලා නෑනේ?
වැඩපිළිවෙළ විතරක් නොවෙයි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අපේ කණ්ඩායම මේකයි කියලත් ඉදිරිපත් කරන්න ඕනෑ. මම උදාහරණයක් කියන්නම් මේ රටේ මුලින්ම විසඳගන්න ඕනෑ සෞඛ්‍ය ප්‍රශ්නයයි. ඒකේ ප්‍රශ්න තුනක් තියෙනවා. එකක් ඖෂධ පිළිබඳ ගැටලුව. ඖෂධ ගේන්න ඩොලර් නෑ. ප්‍රමිතියෙන් යුත් ඖෂධ එන්නේ නෑ. එහෙම නම් කොහොමද අඩු ඩොලර් ප්‍රමාණයකින් ඖෂධ ප්‍රශ්නය විසඳන්නේ. ඊළඟ ප්‍රශ්නය තමයි සෞඛ්‍ය උපකරණ හිඟය. ඒ වගේම තමයි ගොඩනැගිලි ප්‍රශ්නය. සමහර රෝහල්වල ගොඩනැගිලි බාගෙට ඉදිකරලා තියෙ නවා. සමහර ගොඩනැගිලි කඩා වැටිලා තියෙනවා. සෞඛ්‍යයට ප්‍රමුඛස්ථා නය දැන් දෙන්න ඕනෑ. අධිවේගී පාරවල් ගුවන් පාලම් නොවෙයි දැන් ප්‍රශ්නය, ඒ වගේම තමයි වෘත්තියවේදීන් රට හැර යාමේ ප්‍රශ්නය, වෙද හෙද කාර්ය මණ්ඩල රට හැර යාම. ඒ ක්ෂේත්‍රවලට විශ්වාසය ඇති කරන්න ඕනෑ. මේකත් එක්කම ගැට ගැහිලා තියෙනවා. අධ්‍යාපන ගැටලුව. ඒකත් එක්කම ගැටගැහිලා තියෙනවා. ආහාර ප්‍රශ්නය මෙතැන දී බලන්න ඕනෑ ආහාර ඵලදායිතාව වැඩි කරගන්න ගන්න ඕනෑ ක්‍රියාමාර්ග මොනවද කියලා. හැම ක්ෂේත්‍රයකම තියෙන කළමනාකරණ ගැටලුව විසඳිය යුතුයි.
ඔබේ කණ්ඩායම කෝ? කවුද ඉන්නේ?
අපි ළඟදීම එළියට දානවා. මම ඇතුළු මගේ කණ්ඩායම තමයි 2015 දී කාගෙ වත් බලපෑමක් අපට තිබුණේ නෑ. ලංකා විදුලි බලමණ්ඩලය ගාස්තු අඩු කරලා ලාභ කළා. ඒ වගේම ඉන්ධන මිල අඩු කළා. 158ට තිබුණු පෙට්‍රල් රුපියල් 117ට දුන්නා. රුපියල් 134 ට තිබුණ ඩීසල් රුපියල් 95ට දුන්නා. එහෙම කරලත් පෝලිම් ප්‍රශ්න, ඩොලර් ප්‍රශ්න නැතිව ගොඩ ගත්තෙ . එතැනදී පෙන්වලා තියෙන්නේ මොකක්ද? එතන තියෙන්නේ කළමනාකරණයයි. අකාර්යක්ෂමතා ,දූෂණය, නාස්තිය, ප්‍රසම්පා දනයෙන් කරන කෝටි ගණන් ගැහිලි මහ ජනතාව මත පටවලා හරියන්නෙ නෑ. මේ ප්‍රශ්න විසඳන්න ඕනෑ අභ්‍යන්තර බලගතු කළමනාකරණයෙන්. ඒ වගේම ලංකාවේ විදුලිබල ප්‍රශ්නයට පිළිතුර තමයි මේ සූර්යාලෝකය පාවිච්චි කිරීම, ලංකාවේ පළමුවැනි වහල මත සූර්ය පැනල ගහන ව්‍යාපෘතිය ආරම්භ කළේ මම. ඒ ජන බල විදුලි බලාගාර කියලා. ඒ බලාගාර තාම තියෙන්නේ හතළිස් පන්දාහයි. මේක ලක්ෂ දෙකහමාරක් කරන්න ඕනෑ. ඒ වගේම රටේ තියෙ න සුළං බලය විදුලි ඉල්ලුමට වඩා ලොකුයි. ඒ සුලං බලය සඳහා ශීඝ්‍ර වැඩපිළිවෙළක් අවශ්‍යයි. රටේ තියෙනවා ගෑස් සම්පතක්. ඒ ගෑස් සම්පත අපට ප්‍රයෝජනයට ගත හැකි වැඩපිළිවෙළක් අවශ්‍යයි.
මේවා හැමදාමත් කතා කරපු දේවල්? කතා කළාට විසඳිලා ද?
පොදු ප්‍රවාහනය ගන්න. මේක නංවන්න අපි බස් රථ සේවාවක් ගේන්න හැදුවා රටට. මේ දැන් තියෙන්නේ ලොරි බස්. ඒ ලොරි බස් වෙනුවට මිනිසුන්ට යන්න පුළුවන් බස් පන්දාහක් ගෙනල්ලා බස් ප්‍රමුඛතා මංතීරු හදලා පටන් ගත්තා. විරුවා ආවා විතරයි ඒක නතර කළා. අපේ දුම්රිය පද්ධතිය නවීකරණය වැඩ පිළිවෙළක් තිබුණා. මරදානේ ඉඳන් හෝමාගමට. කැලණිවැලි දුම්රිය ශක්තිමත් කරන වැඩපිළිවෙළක්. මුහුදුබඩ දුම්රිය මාර්ගය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් තිබුණා. ඒවා ඔක්කොම විරුවා නැවැත්තුවා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට මොකද වුණේ කියලා කවුරුත් දන්නවා. බහුවිධ මධ්‍යස්ථා න ජාලයක් ගොඩනගන්න සැලසුම් හැදුවා. කොළඹ කුණු ප්‍රශ්නය, කැලණි මිටියාවතේ ගංවතුර ප්‍රශ්නය විසඳුවා. කවුද විසඳුවේ. අපියි විසඳුවේ. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් ඒවා සුරංගනා කතා සුන්දර වචන කියලා. අපි කරලා පෙන් නුවා. අපිට එහෙම කරන්න හොඳ කණ්ඩායමක් හිටියෙ. ඉදිරියෙ දී අපිට ඊටත් වඩා බලගතු කණ්ඩායමක් ඉදිරියට ගේනවා.
ඊළඟ මාස තුන ඇතුළත ඒ බලගතු කණ්ඩායම අපි ගේනවා. රට හදන වැඩ පිළිවෙළයි කණ්‍ඩායමයි අපි රටට ඉදිරිපත් කරනවා. අපි කියනවා අනික් ප්‍රතිවාදී කණ්ඩායම්වලටත් වැඩපිළිවෙළයි කණ්ඩායමයි ඉදිරිපත් කරන්න කියලා. සුන්දර වචනවලට අමතරව කියලා.
සජිත් ප්‍රේමදාසත්, අනුර දිසානායකත් කෙළින්ම කියලා තියෙනවා ‘‘අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා’’ කියලා. ඇයි ඔබ එහෙම කෙළින් නොකියන්නෙ?
2015 ජනාධිපතිවරණයෙ දී 2019 නොවැම්බර් මාසය වෙනකම් මහින්ද රාජපක්ෂ මොකක්ද කිව්වෙ. රනිල් කිව්වා මම තමයි පක්ෂය හා පොදු සන්ධානයේ අපේක්ෂකයා කියලා. මහින්ද රාජපක්ෂ මොකක්ද කිව්වේ . ‘‘මම තමයි අපේක්ෂකයා. මට ප්‍රතිවාදියෙක් නැතිව ඉන්නේ. මම ෂැඩෝ බොක්ෂින් ගහන්නේ කියලා. 2019 දී මොකද වුණේ. 2019 අප්‍රේල් මාසය වෙනකම් අර පාස්කු කූට නාටකය එනකම් අපේක්ෂකයෝ කවුද හිටියේ. රනිල් වික්‍රමසිංහ මේ පැත්තෙන් හිටියා, මහින්ද රාජපක්ෂ අනික් පැත්තෙන් හිටියා. අප්‍රේල් කූට නාටකයෙන් තමයි ඒ ලේ මතින් තමයි ගෝඨාභය ආවේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි සජිත් ප්‍රේමදාස ආවේ. ඒ නිසා අපි කලබල වෙන්න ඕනෑ නෑ. ජනාධිපතිවරණයට තව අවුරුද්දක් තියෙ නවා. දැන් ඉඳන් ඕනෑ කෙනෙ කුට ඇඳුම් අඳින්න පුළුවන්. ඒක ඔවුන්ගේ අයිතිය. හැබැයි මතක තියාගන්න ඊළඟ අවුරුද්දෙ ජනාධිපතිවරණය අපි ගත යුතුයි. ව්‍යවස්ථා හා මාලිගා කුමන්ත්‍රණවලින් මේක මගහරින්න දෙන්න බෑ. මේක ගත යුතුයි. මොකද මේක ජනතාවගේ ඉරණම විසඳන දෙයක්. ඒ අවස්ථාවේ දී තමයි තීරණය වෙන්නෙ ඔය අපේක්ෂකයෝ ඉල්ලයි ද? නැත්නම් වෙන අය ඉල්ලයිද කියලා. ඒ නිසා අපි කලබල නෑ.

2023.10.25 ඉරිදා ලංකාදීප

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *