මුලින්ම රාජ්‍ය ආයතන ටික ආණ්ඩුවට බදු ගෙවිය යුතුයි.
ජනතාව පෙළන වැට් බදු වැඩි කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ බලවත් විරෝධය
2024 වර්ෂයේදී මේ රටේ නව නිදහසක් කරා ගෙනයන බලගතු ජාතික ව්‍යාපාරයක් ගොඩනගනවා
– එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක.-
ඊයේ දින (11) වැනිදා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් 15% සිට 18% දක්වා ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද නොමග යවමින් වැට් බදු වැඩි කිරීමට කටයුතු කළ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ එක්සත් ජනරජ පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩි දුර අදහස් දැක් වූ රණවක මහතා,
මෙතෙක් කාලයක් වැට් බදු යොදා නොගත්ත තවත් භාණ්ඩ 97කට වැට් බදු එකතු කිරීම සිදුකළ බවත් ,ආණ්ඩුවට බහුතරය තිබුණ ද මේ ආකාරයට පාර්ලිමේන්තු සම්ප්රදාය මෙවැනි බලහත්කාරී අනුමත කිරීම් කර ගැනීමෙන් තමන්ගේ අසංවරකමත්, අශෝබන කමත් මේ සමාජයට පෙන් වූ බවත් ඊට ඔවුන්ගේ බලගතු විරෝධය පළ කරන බව ද, ප්‍රකාශ කළේය.
2022 තිබූ ආණ්ඩුවේ ආදායම් වලට වඩා 2025 වනවිට ආණ්ඩුවේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 6.5%කින් වැඩි කරගැනීමට අන්තර් ජාතික මූල්‍ය අරමුදල දැනුම් දී ඇති බවද වසර 3 ක් වැනි කෙටි කාළයක් තුළ ලොව කිසිදු රටකට අත්පත් කොට ගත හැකි තත්ත්වයක් නොවන බවද මන්ත්‍රිවරයා පැවසූවේය.
එය ආසන්න වශයෙන් රුපියල් බිලියන 2000 කට අධික ප්‍රමාණයක් බවද, එහිදී කුඩා දරුවෙකුගේ සිට මහල්ලෙක් දක්වා සියලුම දෙනා රු. ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවුරුදු තුනක් ඇතුළත (2023, 2024, 2025) ආණ්ඩුවට බදු වශයෙන් ගෙවීම සිදු කළ යුතු බවද පෙන්වා දුන් පාඨලී චම්පික රණවක මහතා වැට් බදු නැංවීම තුළින් රජය බිලියන 600 කට අධික ප්‍රමාණයක් එකතු කර ගැනීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.2% ක් බවත්, 2024 ආරම්භයේදීම ආණ්ඩුව එක් පුද්ගලයෙක්ගෙන් රු. 30,000 ක් බදු වශයෙන් උදුරා ගැනීමට මෙමගින් අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය. මේ ආකාරයට රටේ ජනතාව මත බදු බර නොදමා සීනි, පිටි, පොල්තෙල් වලින් බදු වංචා කළ අයගේ බදු ආදායම් සොයා ඒවා ආණ්ඩුව අය නොකර ගන්නේ මන්දැයි ප්‍රශ්න කළ රණවක මහතා ඉදිරි වසර තුළ ජනතාවට සහන සැපයීමට අවශ්‍ය කරන ඕනෑම තීන්දුවක් ගැනීමට සූදානම් බව ද පැවසීය.
තෙල් සංස්ථාවේ ලාභය බිලියන 88ක් වුවද එම ආයතනය ද බදු නොගෙවා ඇති බවත්, රාජ්‍ය ආයතන 52 ක ලාභය බිලියන 303ක් බවත් එම ආයතන වලින් ද, රජය බදු අය කර ගත යුතු බව පෙන්වා දුන් රණවක මහතා, පසුගිය මාසයේ ලංකා විදුලිබල මණ්ඩලේ ලාභය කෝටි 2600 ක් බවත් මේ මාසයේ කෝටි 3000 කට වඩා ලාභයක් අපේක්ෂා කරන බවත් පැවසූ අතර, එම ආයතන වලට බදු නොගෙවිය හැක්කේ මන්දැයි ප්‍රශ්න කළේය.
තවමත් බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන ආයතනයක් මුදල් අමාත්‍යාංශය ඔවුන්ගේ බලපත් අහෝසි කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු රිසි සේ කරගෙන යන බව ද සඳහන් කළේය. ඒ නිසා සෑම සතියකම කෝටි 10.6 ක් (දස කෝටි හැට ලක්ෂයක්) රටට අහිමි වන බව ද පෙන්වා දුන්නේය.
රෝහල් සියයක් වැසී යෑමේ තර්ජනයකට ලක්ව ඇති බවත් අධ්‍යාපනය ලැබීමට වසරකට 15000ක් ඕස්ට්‍රෙලියාවට සංක්රමණයවීම හේතුවෙන් ඩොලර් මිලියන 600කට අධික ප්‍රමාණයක් රටට අහිමි වන බව ද ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා අයැදුම් කිරීමෙන් ලොව 12 වැනි රට බවට අප රට පත් ව තිබෙන බව ද ඔහු පැවසීය.
නව බදු ප්‍රතිපත්තිය අනුව ඩීසල් ලීටරයක් රු.34 කින්, හා 92 පෙට්‍රල් ලීටරයක් රු. 38 කින් පමණ වැඩිවෙන බවත්, ලබන ලබන වසරේ ආර්ථිකය මේ ආකාරයට ධන ආර්ථිකයක් බවට පත් කර ගැනීමට උත්සාහ කළ ද ආර්ථිකය අනිවාර්යෙන්ම සෘණ වන බව ද ඔහු පැවසීය.
ඉලක්කගත බදු ආදායම ලබා ගැනීමට අවශ්‍ය නම් වියදම් කප්පාදු කොට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය දැනෙන සුළු අයට දැනෙන විදියට කළ යුතු බවත්, 2019 නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂටත්, 2020 අගෝස්තු මාසයේ දී පොහොට්ටුවට ඡන්දය දීමේත් ප්‍රතිඵලයක් ලෙසට සැමට ආදායම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂයක් අහිමිව ඇති බවත් පැවසුවේය.
එක්සත් ජනරජ පෙරමුණ තීරණාත්මක 2024 වර්ෂයේදී මේ රටේ නව නිදහසක් කරා ගෙනයන බලගතු ජාතික ව්‍යාපාරයක් වෙනුවෙන් ගොඩනගන බවත්, අයුක්තියට පත් ව සිටින රට පරාධීනත්වයට පත්ව තිබෙන රට ඉන් ගලවා ගැනීම සඳහා බොහෝ ක්‍රම ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුව සඳහා එක් වූ එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා රජය මගින් ඊයේ සම්මත කරගත් පනත මගින් නැවත භාණ්ඩ 97 කට වැට් එකතු කිරීම මඟින් රටේ ජනතාව පීඩනයට පත් කිරීම පිළිබඳවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ අනූ හතකට නැවත එකතු කිරීම මගින් රජය මේ රටේ සාමාන්‍ය ජනතාව මතට විශාල බරක් එකතු කොට ඇති බවත් පැවසීය.
ඉදිරියේදී මැතිවරණ පැවැත්වෙන බවත් එම මැතිවරණ වලදී අවශ්‍යවන අරමුදල් ලබා ගැනීමේ අරමුණින් බදු වංචාවලට අදාළ සමාගම් වලින් බදු අය කර ගැනීමට කටයුතු නොකොට සාමාන්‍ය ජනතාව මත බදු බර පටවන බවත් ඔහු පැවසීය. අත්‍යවශ්‍ය භාණ්ඩ වලට බදු පැනවීම හේතුවෙන් මන්දපෝෂණය වැඩි වන අතර, ඖෂධ නිෂ්පාදනය සඳහා යන්ත්‍ර වලටත් වැට් එකතු කිරීම මගින් ඖෂධ නිෂ්පාදනය අඩුවන බව ද, ඒ මහතා ප්‍රකාශ කළේය. ඩීසල් වලින් සිදු වන විදුලිබල නිෂ්පාදනය නිසා විශාල වශයෙන් විදුලි බිල ඉහළ ගොස් ඇති බවත් එයට ප්‍රතිකර්මයක් ලෙස සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය ජනතාව යොමු කළ යුතු වුව ද, ඒ සඳහා ද බදු පැනවීම හේතුවෙන් විදුලිය ඉන්ධන හරහා සිදුකිරීමට සිදු වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
බදු වැඩි කිරීම පිළිබඳව ජාතික සංවිධායකවරයා එක්සත් ජනරජ පෙරමුණේ බරපතළ විරෝධය ප්‍රකාශ කළේය.
ප්රශ්නය –
ඒ උනාට අපි දැක්කා නාමල් රාජපක්ෂ මැතිතුමා එතකොට තවත් පාර්ලිමේන්තුවේදීත් කිව්වා අපි මේ බදු අය කිරීමට අපිත් විරුද්ධයි කියලා. නමුත් මේ අය ඡන්දේ නම් ලබා දුන්නා.
පිළිතුර
බදු අය කරන්න වෙලා තියෙන්නේ රට බංකොලොත් වෙච්ච නිසානේ. ඉතින් බංකොලොත්භාවයට වගකිව යුතු වන්නේ එතුමාගේ පියාණන් එතුමාගේ බාප්පලා වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, බැසිල් රාජපක්ෂ මහත්මයා කියලා, එතුමන්ලාගේ උපදේශක වෙච්ච පී. බී. ජයසුන්දර හා අජිත් කබ්රාල් කියලා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග දීලා තියෙනවානේ. ඉතින් ඒ නිසා ඒ වගකීමෙන් මිදෙන්න ඔවුන්ට බෑ. ඒ බව ඔවුන් අවබෝධ කරගෙන අනාගතයේ දේශපාලනය කරනවා නම් හොඳයි, තවත් වහසි බස් කියන්නේ නැතුව. ඒගොල්ලෝ එළියේ කියනවා අපි මේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වලට විරුද්ධයි කියලා., ඊට පස්සේ ආපහු ඡන්දේ දෙනවා. ජනතාවට මොකක්ද කියන්න තියෙන්නේ? ජනතාවට අපිට කියන්න තියෙන්නේ ඔය පොහොට්ටුව හරහා සෞභාග්‍යමත් අනාගතයක් කරා යන්න ඡන්දේ දීලා දැන් රුපියල් ලක්ෂ දෙකක් එක පුද්ගලයෙක් නැති කරගෙන තියෙනවා. තුන්වේල කාපු මිනිස්සු දෙවේල කනවා. දෙවේල කාපු මිනිස්සු එකවේල කනවා. රටේ පිරිහිච්ච නැති තැනක් නෑ. කර්මාන්ත කඩා වැටෙනවා. ජීවත් වෙන්න බෑ. මේ වෙනකොට පන්ලක්ෂ පනස්දාහකගේ විදුලිය විදුලි බලය ගෙවා ගන්න බැරුව කපලා තියෙනවා. ඒ වගේම මේ රටේ ඇතැම් භික්ෂූන් වහන්සේලා කිව්වා නිවන් දකින්න ඡන්දේ දෙන්න කියලා පොහොට්ටුවට.. ඉතින් ඒකේ ප්රථිඵලයක් හැටියට අද පිරිවෙන්වල, ඒ වගේම විහාරස්ථානවල විදුලිය කපලා තියෙනවා. හැම වසරකම 2000 කට අධික පිරිසක් භික්ෂූන් වහන්සේ සිවුරු අරිනවා. මාසෙකට 175 ක් විතර සිවුරු අරින්න පෝලිමේ ඉන්නවා. අර බැමිණිටියාසාය ආවට පස්සේ, වළගම්බා යුගයේ අපට ඒ තත්වය අත්පත් කරලා දුන්නේ, අපේ රාජපක්ෂ කියන එක බොහෝම කණගාටුවෙන් හා දුකෙන් කියනවා. ඒ වගේම අපිට අභිමානයක් තියෙනවා මේ අයව අවුරුදු 10 කට කළින් 2014 දි හෙළිදරව් කරලා මේ කට්ටිය මෙහෙමයි කියලා ආණ්ඩුවෙන් එළියට බැහැලා සටන් කිරීම ගැන අපිට අභිමානයක් තියෙනවා.