හදමු – දිරියෙන් නැගිටින මිනිසුන් වෙත…

telephone x 1

හදමු – දිරියෙන් නැගිටින මිනිසුන් වෙත…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

‘හදමු’ – දිරියෙන් නැගිටින මිනිසුන් වෙත’ එළඹුම අරඹමින් ජනරජ පෙරමුණ අද පානදුර ‘ලුමාලා’ කර්මාන්ත ශාලා පරිශ්‍රය වෙත ගිය අතර,
‘ලුමාලා’ නම් ජපාන සන්නාමය ශ්‍රී ලාංකිකත්වය වෙත පවරා ගනිමින් විද්‍යුත් පාපැදි ඇතුළු සියළුම වර්ගයේ පාපැදි සහ අමතර කොටස් නිෂ්පාදනය සිදු කෙරෙන මෙම ආයතනය දේශීය ආර්ථිකයට දක්වන අති මහත් දායකත්වය විමසා බලන ලදී.
දේශීයව පාපැදි නිෂ්පාදනය කරමින් දේශීය වෙළෙඳපොල මතු නොව විදෙස් වෙළෙඳපොළ ද ජයග්‍රහණය කිරීමට ‘ලුමාලා’ සමත්ව සිටීම විශේෂත්වයකි. ඒ අනුව ඉන්දියාව, පාකිස්ථානය ආදී ආසියානු රටවල්වලට මෙන්ම අප්‍රිකානු සහ යුරෝපා රටවල් සඳහා ද පාපැදි අපනයනය කිරීමට ‘ලුමාලා’ සමත් ව සිටී.
දෛනික පාපැදි නිෂ්පාදනය පාපැදි 2000 ක් දක්වා ඉහළ නැංවිය හැකි ධාරිතාවකින් සමන්විත ‘ලුමාලා’ කම්හල් නිෂ්පාදන ක්‍රියාන්විතය සඳහා අවශ්‍ය ආධාර අනුබල ලබාදීම මගින් දේශීය ආර්ථිකය ඔප් නංවන මෙම මහරු ව්‍යාපාරය අපේ රටේ අපනයන ආදායමට දක්වන දායකත්වය ද ඉහළ නංවා ගත හැකි බව සහතික ය.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රමුඛ ව බන්දුල චන්ද්‍රසේකර, සුමේධ රත්නායක, නන්දික බටේපොල, ලෙෂාන් විදානගමාච්චි යන මහත්වරුන් ඇතුළු ජනරජ පෙරමුණු නියෝජිතයන් පිරිසක් එක්ව සිටි අතර, ශාමේන්ද්‍ර තේනුවර මහතා මෙම කටයුත්ත සම්බන්ධීකරණය කළේය.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *