සරසවි ශිෂ්‍ය නායකයා

telephone x 1

සරසවි ශිෂ්‍ය නායකයා

පාඨලී ගේ සරසවි දිවිය

ඇදවැටුනු ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනැගූ අයුරු

1983දී සියළු විශ්ව විද්‍යාල ශිෂ්‍ය සභා තහනම් විය. ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය සහමුලින් අඩපණ කෙරිනි. එවන් තත්ත්වයක් තුළ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු අධ්‍යාපනය පුද්ගලීකරණය සඳහා වූ එවකට ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහා ඉතා සුළු පිරිසකගේ මූලිකත්වයෙන් කෙටි කලක් තුළ යෝධ ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩනගන්නට චම්පික රණවක දායක විය. ඔහු එකසිතින් වැඩකට බැස්සොත් එය ජයගන්නා බව සනාථ කරමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරවීමට ඔහුගේ නායකත්වයෙන් (1988) එදා හැකිවිය. පොදු ශිෂ්‍යයන් ගොඩනැගූ ශිෂ්‍ය ව්‍යාපාරය ජවිපෙ විසින් සන්නද්ධ අරගලයට යොදාගැනීම වැලැක්වීම සඳහාද ඔහු මරණ වරෙන්තු යටතේ ධෛර්ය සම්පන්නව ක්‍රියා කළේය. ඔහුගේ අරගලය කෙතරම් විදග්ධවූයේද යත් එවකට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රෙය් සිටි ඉහළම නිලධාරීන් ඔහු සමග දේශපාලනයට පිවිසියෝය.

ජාතික මතය ශිෂ්‍ය ව්‍යාපාරයට

1935 සමසමාජ පක්ෂය බිහිවූ දා සිට ශිෂ්‍යයන් අතර ප්‍රධාන වූයේ මාක්ස්වාදී, සමාජවාදී ව්‍යාපාරයන්ය. 1965 ජවිපෙ බිහිවීමෙන් පසු එය බොල්ෂෙවික් විප්ලවය පදනම් කරගත් ක්‍රියාවලියක් විය. මාක්ස්වාදයේ සීමා දැනගත් චම්පික රණවක ජාතිකවාදය ශිෂ්‍ය ව්‍යාපාරයට ගෙන ඒමට ධෛර්යවන්තව ක්‍රියා කළේය. ඒ සඳහා එවකට ජාතික චින්තන මතය දැරූ භික්ෂු-ශිෂ්‍ය නායකයින් සමග එක්විය. විවිධ මාක්ස්වාදී ගුරුකුල තුළ මරණ තර්ජන යටතේ බුද්ධිමත් ශිෂ්‍ය නායක පිරිසක් ජාතික මතයට දිනාගන්නට ඔහුට හැකිවිය. පසුව ලාංකීය දේශපාලනයේදීද ඔහු මේ සමත්කම පෑවේය.

1983 දී විශ්ව විද්‍යාල ශිෂ්‍ය සභා තහනම් විය. ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය සහමුලින් අඩපණ කෙරිනි. කෙටි කලක් තුළ යෝධ ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩනගන්නට පාඨලී දායක විය. පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරවීමට ඔහුගේ නායකත්වයෙන් (1988) එදා හැකිවිය.

මාක්ස්වාදයේ සීමා දැනගත් පාඨලී ජාතිකවාදය ශිෂ්‍ය ව්‍යාපාරයට ගෙන ඒමට ධෛර්යවන්තව ක්‍රියා කළේය. 1986 දී පළාත් සභා ක්‍රමය පසුපසට යවන්නටද, 1987 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිවද, 1988 යළිත් පළාත් සභා ක්‍රමයට එරෙහිව උපවාස, සත්‍යග්‍රහ, පෙළපාලි ආදී සාමකාමී විරෝධතා ඇති කරන්නටද ඔහු තරුණ ශිෂ්‍ය මෙහෙයුමක් කළේය. එය 1988 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම දක්වා දුරදිග ගියේය.

1987 අත්අඩංගුවේ පසුවූ පාඨලී සඟවා තිබූ ජවිපෙ කතාව නිර්භීතව ලිපි පෙළක් මාර්ගයෙන් ‘ලක්මිණ’ පුවත්පතින් (1990-91) ද සමකාලීනව ‘දිවයින’ පුවත්පතේ පළවූ ‘අමු සොහොනක විලංගු ලා’ නම් ලිපි පෙළ මගින් වධකාගාරවල සත්‍ය තත්ත්වය රටට හෙළි කළේය.