හෝමාගම ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධත්ව විහාරස්ථානයේ අයිතිය සන්නස් පත්‍රයක් මඟින් ලබාදීමට මූලික වූ පාඨලී චම්පික රණවක මැතිතුමාට විහාරස්ථාන දායක සභාවේ කෘතගුණ… දැවැන්ත ලෙස පරිසර අර්බුධයකට ලක්වෙමින් තිබෙන ප්‍රදේශයක පිහිටි හෝමාගම ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධ විහාරය සතු අක්කර 08 ක භූමිභාගය සන්නස් පත්‍රයක් මඟින් නීතිමය වශයෙන් ලබා දී ඇත. එලෙස අර්බුධයකට ලක්ව තිබූ මෙම පන්සල් භූමිය නීතිමය වශයෙන් සමතයකට පත්කිරීමට මූලිකත්වය ලබාදෙන ලද්දේ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ලේකම් පාඨලී චම්පික රණවක මහතාය. එයට පුණ්‍යානුමෝදනා පළකිරීමට එම විහාරස්ථානයේ විහාරාධිකාරී යහමුල්ලේ අනුරවංශ හිමිපාණන් වහන්සේ සහ දායක පිරිස පැමිණි අවස්ථාව මෙම ඡායාරූප වලින් දැක්වේ.