කොවිඩ් වසංගතය නිසා විදේශ රටවල පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීකයින් වහාම නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම සදහා රජයට බලකරමින් සංවිධානය කල උද්ගෝෂණයක් අද(24) උදෑසන විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. “රට විරුවන්” යැයි පවසමින් විදෙස් ගත ශ්‍රමිකයින් මුලාවට ලක් නොකර ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී පාඨලී චම්පික රණවක මහතා රජයට බලකරමින් ඉල්ලා සිටියා.