“බලශක්තියෙන් සපිරි රටක්” සැලසුම එළිදකී

telephone x 1

“බලශක්තියෙන් සපිරි රටක්” සැලසුම එළිදකී

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

“බලශක්ති සැලසුමේ පදනම වන්නේ බලශක්ති සුරක්ෂිතතාවයයි”. මෙය අපේ රටට ඉතා වැදගත් වන්නේ රාජ්‍යයේ ස්ථාවරත්වය පිළිබඳ, බලශක්ති ස්ථාවරත්වය පිළිබඳව, අපේ දියුණුවේ පදනම බවට බලශක්ති සුරක්ෂිතතාවය පත්ව ඇති නිසයි. බලශක්ති සුරක්ෂිතතාවය නැති රටක් සුරක්ෂිත රටක් නෙමෙයි. ස්ථාවර රටක් නෙමෙයි. එහෙම රටකට ස්ථාවර තිරසර දියුණූවක් ලබාගන්න බැහැ. ඒ නිසා අපි සැම විටම උත්සාහ ගතයුත්තේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරගැනීමට ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා හරිත බලශක්ති වැඩිදියුණූ කරන්න. දැන් සියයට පනහක් පමණ හරිත බලයෙන් විදුලිය ලැඛෙනවා. විශේෂයෙන් සුළං සූර්ය වැනි පුනර්ජනනීය ප්‍රභවයන් වලින් ලැඛෙන විදුලිය 2020 දී සියයට විස්සකින් වැඩි කරනවා. ඒ වගේම අපි ඒ අතරේ බලාපොරොත්තු වෙනවා සියළු දෙනාටම මේ වසර අවසන් වනවිට විදුලිය ලබාදෙන්න. බලශක්ති නාස්තිය අඩුකරන්නත්, බලශක්ති සංරක්ෂණය වැඩි කරන්නත් බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රය ඉන්ධන මත යැපීම අඩු කරගැනීමටත්, මේ සිංහල අවුරුද්දට ප්‍රථම විදුලි මෝටර් රථ සඳහාවන පළමු චාර්ජින් සෙන්ටර් එක ඇති කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එසේම විදුලිබල මණ්ඩලයේත්, ඛනිජතෙල් සංස්ථාවේත් ණය බර අවම කරගැනීමට බලශක්ති බැදුම්කර නිකුත් කිරීමටත් සැලසුම් කර තිඛෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *