එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාර්තු 26 පොල්ගහවෙල මයික්‍රෝ හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මේ අවස්ථාවට එක් වූ මේ අවස්ථාවට එම සමාගමේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා මයික්‍රෝ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුළුල් පැහැදිලි කිරීමක් සිදු කළේ ය. උපාලි විජයවර්ධන මහතා විසින් ආරම්භ කරන ලද මෝටර් රථ එකලස් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගියේ නම්, ශ්‍රී ලංකාව මැලේසියාව සහ ඉන්දියාවට පෙර වාහන නිෂ්පාදනය කරන රටක් බවට පත් වීමට ඉඩ තිබූ බව මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, මෙම වාහනවලට අවශ්‍ය ඇතැම් කොටස් ශ්‍රී ලංකාව තුළ ම නිපදවන බව ද මෙහිදී අනාවරණය විය. මෙවැනි සැපයුම් දාම ඇති වීම සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත වර්ධනය වීමට අත්‍යවශ්‍ය සාධකයක් බවත්, මෙම කර්මාන්තය වර්ධනයට තවමත් ඉඩක් පවතින බවත් ආචාර්ය ලෝරන්ස් පෙරේරා මෙහිදී අවධාරණය කළේය. එය රඳා පවතින්නේ මෙවැනි කර්මාන්තකරුවන්ට දිරිදෙන අනාගත රජයක නිවැරදි ප්‍රතිපත්තිය මත ය.
මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක, ඉංජිනේරු සුමේධ රත්නායක මහතා ඇතුළු පිරිසක් ද එක් විය.
මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලද්දේ ගයාශාන් තේනුවර මහතා විසිනි.