පැන්ඩෝරා කාගේ පෙම්වතියද ?

telephone x 1

පැන්ඩෝරා කාගේ පෙම්වතියද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

පැන්ඩෝරා ග්රීක දේවකතාවල එන පළමු ගැහැණු චරිතයයි. සියස් විසින් මවනු ලබන ඇය විවෘත කරනා මංජුසාවක් නිසා ලොවේ සියළු කම්කටොළු, දුක්ගැහැට, යක්ෂ දෝෂ ඇතිවූ බව කියැවේ.
පසුගියදා බ්රිතාන්ය BBC සේවය (2021.10.03) වාර්තා කළේ ‘පැන්ඩෝරා පත්රිකා’ නම් මිලියන 12 ක් තරම් විශාල එතෙක් රහසිගතව තිබූ ලෝක බලවතුන්ගේ වත්කම් පිළිබඳව හෙළිදරව්වක් වී ඇති බවය. මේ පිටුපස අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්යවේදී සංසදයක් (ICIJ) සිටින බවද හෙළිදරව් විය.
බලවතුන් හා බලවත් රටවල රහසිගත යුධ, දේශපාලනික හා මූල්ය තොරතුරු හෙළිදරව්ව ආරම්භ වූයේ අද ඊයේ නොවේ.¬¬ මේ සියවසේ එය ප්රචලිත වූයේ ‘විකිලීක්ස්’ නිසාය. එමෙන්ම ඉහත කී ICIJ ආයතනය විසින් හා පුද්ගලයින් විසින් 2012-13 අක්වෙරළ සමාගම් පිළිබඳව, ලක්සම්බර්ග් ලීක්ස් (2014), ස්විස් ලීක්ස් (2015), පැනමා පත්රිකා (2016), පැරඩයිස් පත්රිකා (2017), ෆින්සෙන් (Fincen) ගොනුව (2020) හා පැන්ඩෝරා පත්රිකා (2021) හෙළිදරව් කර ඇත. මේවායින් ඇතැම් දෑ සාමාන්ය ව්යාපාරික තොරතුරු වන අතර තවත් දෑ ලොවේ ඒ ඒ රටවල සිදුවූ නීත්යානුකූල ගණුදෙනු ද වෙයි. නමුත් තවත් දෑ ලොවේ ධනවත්, බලවත් අය අයථා ක්රමයට උපයා ගත් ධනය හා වත්කම් පිළිබඳව තොරතුරු වෙයි. ඒවා ගැන සෙවීම ඒ ඒ රටවල වගකීම හා යුතුකම බව පැහැදිළිය.
අක්වෙරළ සමාගම් හා අක්වෙරළ ගිණුම් හා වත්කම් වලට මගේ නම ද ඈඳීමේ තුච්ඡ උත්සාහයක් ඇතැම් පක්ෂ, විපක්ෂ මන්ත්රීවරු, රාජ්ය හා පුද්ගලික ඇතැම් මාධ්යයද ගෙනයති. එයට හේතුව වන්නේ 2016 අප්රේල් මස හෙළිදරව් වූ පැනමා පත්රිකාවල අපගේ මහනගර අමාත්යාංශයේ උපදේශකවරයෙකු හා විදුලිබල අමාත්යාංශයේ හිටපු සභාපති විද්යා අමරපාල මහතාගේ නම ගෑවී තිබීමය. මේ පිළිබඳව ඒ මහතා විසින්ම පැහැදිළි කිරීම් ගණනාවක් 2013 වසරේ සිටම සිදුකරනු ලැබීය.
මුලින්ම අක්වෙරළ සමාගම් හා ඒවායේ අධ්යක්ෂකවරු පිළිබඳ හෙළිදරව්වක් 2013 දී සිදුවිය. ඒ පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් ප්රශ්න කිරීමක්ද සිදුකළ අතර අමරපාල මහතා එයට පිළිතුරු ලබාදුන්නේය.
දෙවනුව මොසැයික් ෆොන්සේකා (පැනමා) නම් නීති හා ලේඛන කටයුතු පිළිබඳ ආයතනය විසින් පහසුකම් සපයන ලද අක්වෙරළ සමාගම් හා බදු පාරාදීසයන් (Tax Haven) ගැන තොරතුරු හෙළිදරව් විය. ලංකාවේ ඇතැම් මාධ්ය ‘පැනමා පත්රිකා’ නමින් ප්රචලිත වූ එකී හෙළිදරව්ව සමඟ 2013 අක්වෙරළ හෙළිදරව්වද නැවත පළ කළේය. එහෙයින් විද්යා අමරපාල මහතාගේ නම පැනමා පත්රිකාවලද ඇතැයි මතයක් වාර්තා විය. එවකට (2016) ඔහු සේවය කළේ අපගේ අමාත්යාංශයේය. එවිට අප කළේ කුමක් ද ?
පළමුව ඔහුට ඉල්ලා අස්වන ලෙස ප්රකාශ කර අභ්යන්තර පරීක්ෂණයක් හිටපු අමාත්යාංශ ලේකම්වරයෙකු යටතේ පැවැත්වීමය. දෙවනුව මගේ පුද්ගලික ලේකම්තුමා අදාළ බලධාරීන්ට (පොලිස්පතිතුමාගේ මඟ පෙන්වීම මත) ලිඛිතව පැමිණිලි කිරීමය. (2016.04.12) ඒ අනුව රාජ්ය විමර්ශන අංශ ගණනාවක් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර පවත්වාගනු ලැබීය.
යහපාලනය කාලයේ මේ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් නොවීය යන්න අමූලික බොරුවකි. තවදුරටත් කියන්නේ නම්, පැමිණිල්ල කළේම අප විසිනි.
මේ සම්බන්ධයෙන් වූ අධිකරණ ක්රියාදාමයක් ද ආරම්භ විය. මේ පිළිබඳව 2016.06.02 දාතමින් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති මූල්ය අපරාධ අංශය විසින් මා වෙත ලිඛිතව දන්වා සිටියේ,
i.අදාළ අක්වෙරළ සමාගම (Sovereign Capital Corporation) ආතර් සේනානායක මහතාට අයත් IWS හෝල්ඩින්ග්ස් ආයතනයේ සිංගප්පූරු ඒකාබද්ධ සමාගමක් බවය. (එය අද දක්වා පවතී)
ii.විද්යා අමරපාල මහතා IWS හෝල්ඩින්ග්ස් හි රැකියාව කර ඇති අතර (2003-10 කාලයේදී) සේනානායක මහතා විසින් උක්ත සමාගමෙහි අධ්යක්ෂකවරයෙකු ලෙස පත්කර ඇත.
iii.ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති වශයෙන් වැඩභාර ගැනීමේදී එකී අක්වෙරළ සමාගමෙන් පමණක් නොව IWS ආයතනයෙන්ද ඉල්ලා අස්වී ඇත.
iv.විද්යා අමරපාල මහතා නමින් කිසිදු ගිණුමක් හෝ එකී සමාගම විසින් ඔහුට කිසිදු ගෙවීමක් හෝ එම කාලයේදී සිදුකර නැත.
මේ තොරතුරු පසුව අධිකරණයටද වාර්තා වී ඒ සම්බන්ධ පැමිණිල්ල ඉවත්කර ගන්නා ලදි.
ඉහත කී සමාගම තවමත් පවතින අතර එය ලංකාවේ සුප්රකට ව්යාපාරිකයෙක් (IWS) සිය ව්යාපාරික කටයුතු සඳහා අද දක්වා යොදාගන්නා අක්වෙරළ සමාගමකි.

අක්වෙරළ වත්කම් මොනවාද ?
යුරෝපයේ ලිබරල්වාදය මතුවූ මුල් අවස්ථාවේදීම පුද්ගලික නිදහසේ වෙන්කළ නොහැකි අංගයක් ලෙස පුද්ගලික දේපොළ හා පුද්ගලිකව ධනය රැස්කිරීමට ඇති අයිතිය පිළිගන්නා ලදි. මෙය සමාජවාදීන් හා සමාජ ප්රජාතන්ත්රවාදීන් නිතර ප්රශ්න කළ දෙයක් වූ අතර අධික ධනය උපදවන්නන් සමාජයේ පොදු යහපත උදෙසා බදු වශයෙන් ධනය ලබාදිය යුතුය යන්න පසුව බොහෝ දුරට ස්ථාපිත වූයේ පැරණි ලිබරල්වාදීන් හා කොන්සර්වේටිව්වාදීන්ගේ විරෝධය මතය.
19 වැනි සියවසේදී යුරෝපයට ධනය ගොඩගැසෙද්දී ඉඩම් හා නිශ්චල දේපොළ වෙනුවට ධනය ගබඩා කිරීම බලවත් මූලිකම වත්කම බවට පත්විය.
බදුසහන සහිත බදු පාරාදීසය (Tax Haven) පිළිබඳ අදහස් පැමිණියේ, පළමු ලෝක සංග්රාමයෙන් පසු ණය වී සිටී ප්රබල යුරෝපීය රාජ්යයන් (එංගලන්තය, ජර්මනිය, ප්රංශය, ඉතාලිය, තුර්කිය) සිට රටවල ධන උත්පාදනය කරන්නන් සඳහා ඉහළ ආදායම් බදු, දේපොළ බදු (72% දක්වා) අය කිරීමෙන් පසුය. යුද්ධයේදී නිර්පාක්ෂික වූ ස්විස්ටර්ලන්තය තම රටේ මුදල් තැන්පත්කරන්නන්ට බදු නැති, නම් හෙළිදරව් නොකරන, පෙරළා ආයෝජනයද කළහැකි ‘ස්විස් බැංකු’ ක්රියාවලිය හඳුන්වා දුන්නේ ඒ සමඟය. ඒ හා සමඟ ලෝකයේ බොහෝ රටවල මෙවැනි බදු පාරාදීසයන් ඇති විය. ලන්ඩනයේ කැනරිවෝන්, වර්ජින් අයිලන්ඩ්, පුවටරිකෝ, පැනමාව, ඩුබායි, සිංගප්පූරුව, හොංකොං, මැකෝවා ආදී ස්ථාන 100 කට අධික ප්රමාණයක් දැනට ඇති අතර ලංකාවේ පෝට්සිටිය ද එවැනි බදු පාරාදීසයක් වීමට තරඟ කරයි. මේවා බොහෝ රටවල් පිළිගත් නීත්යානූකූල සම්ප්රදායක් වී ඇත. පසුගිය කාලයේ ගූගල්, ෆේස්බුක් වැනි දැවැන්ත ආයතනද HSBC වැනි දැවැන්ත බැංකුවලටද සිය ලාභාංශ සඟවන බවට චෝදනා එල්ල විය.
2015 දී සිදු කරන ලද සමීක්ෂණයකට අදාළව (ග්රේබ්රියෙල් සුමාන්) ලොවේ සියලු මූල්ය වත්කම් වලින් 8% ක් (ආසන්නයෙන් ඩොලර් ට්රිලියන 7.6 ක්) මෙලෙස බදු පාරාදීසවල ඇත. තවත් අය කියන්නේ මේ මුදල් ඩොලර් ට්රිලියන 21-32 තරම් ඉහළ අගයක් (ජේම්ස් හෙන්රි) බවය.
වර්තමානයේ ක්රමයෙන් ප්රචලිත වී ගෙන එන බ්ලොක්චේන් (Block chain) තාක්ෂණය හා ක්රිප්ටෝකරන්සි ක්රියාවලියද රහස්ය ලෙස ධනය සැඟවීමට යොදාගන්නා බව කියැවේ. (එහිදී අනාගත මූල්ය ප්රවාහයක් නැත)
පවතින විවෘත ආර්ථික ක්රමය තුළ මෙවැනි බදු පාරාදීසයන් කරා ධනය උපදවන්නන් ඇදීයාමට හේතු ගණනාවකි.

i.ඉහළ ධනය උපදවන සමාගම් නිවැරදිව සිය ආදායම් නොපෙන්වා ඒවා විදේශවල තැන්පත් කරලීම. මෙය බොහෝ දුරට ජාත්යන්තර වෙළෙඳාමේ නියැලෙන අය විසින් ද සිය අපනයන වල අගය අඩු කිරීමෙන්ද (Under Invoice ) ආනයනවල අගය ඉහළ දැමීමෙන්ද (Over Invoice) සිදු කරයි.

ii.සිය රට තුළ ආදායම් බදු, වානීජ බදු හා වෙනත් බදු මඟහැරීම පිණිස සිය මූල්ය ප්රවාහය හා ලාභාංශ බදු පාරාදීසවල ඇති තමන්ගේම ව්යාජ සමාගම් වෙත යොමුකිරීම.

iii.ආයෝජන හා සංවර්ධන කාර්යන්හිදී උපදේශක සේවා හෝ වෙනත් කොමිස් ආකාරයෙන්ද, ආයෝජන භාණ්ඩ ගෙනඒමේ හෝ විනෝදාස්වාද ක්රියා (කැසිනෝ, ප්රසාංගික සංදර්ශන, ක්රීඩා) හරහාද ධනය බදු පාරාදීස වෙත ගෙනයාම.
iv.මත්ද්රව්ය, අවි වෙළෙඳාම, මානව වෙළෙඳාම හෝ නීති විරෝධී භාණ්ඩ වෙළෙඳාම මඟින් උපයන ධනය බදු පාරාදීසය වෙත ගෙනගොස් ඒවායින් කොටසක් නීත්යානුකූල ලෙස ආයෝජනය කිරීමට යෙදවීම.
සහ වෙනත් හේතූන්ද සහිත සංකීර්ණ ක්රියාවලියකි.

ශ්රී ලංකාවේ තත්ත්වය

වසර 2015 දී Global Financial Intergrity Report කදිම හෙළිදරව්වක් (2004-14) ශ්රී ලංකාවේ විදේශ ඉපැයීම් පිළිබඳව කළේය. එමඟින් පෙන්වා දුන්නේ, රාජපක්ෂ දශකය තුළ අපනයන සඳහා අඩුවෙන් මිළ ගණන් පෙන්වීම (ඩො.මි. 3,849), ආනයන සඳහා වැඩි ගණන් මිළ සැපයීම (ඩො.මි. 13,453) හා හඳුනා නොගත් විදේශ මුදල් සංසරණය (ඩො.මි. 2,665) මඟින් අයථා ලෙස රටට අහිමි වූ විදේශ මුදල් ප්රමාණය ඩො.මි. 19,967 ක් බවය ! ඒ වකවානුවේ එය ශ්රී ලංකා ආණ්ඩුවේ සමස්ත විදේශ ණය බරින් 76% ක් විය !
මේ පිළිබඳව මවිසින් 2016 ජුනිමස පළකරන ලද ‘මූල්ය අගාධයක් ඉදිරියෙනි’ නම් කෘතියේ සඳහන් කළ අතර රට තුළ ප්රමාණවත් අවධානයක් එයට යොමුනොවී සිල්රෙදි, කැරම්බෝඩ්, අවුරුදු ලිත් ආදී වංචා කෙරේ වැඩි අවධානය යොමු කෙරිණි.

ශ්රී ලංකාව කැරලි කිහිපයකට මුහුණ දුන් අතර ශ්රී ලංකාව රාජ්ය අනුග්රහයෙන් කරනා සුළු අවිජාවාරම්වලට සම්බන්ධ සමාගම්වලට රැකවරණය දෙන බවට ජාත්යන්තර චෝදනාවක් වෙයි. ප්රහාරක ගුවන් යානා, යුධ අවි හා උපාංග මිලදී ගැනීමේදී සිදුවූ මහා අක්රමිකතා වලින් සමහරක් හෙළිදරව් වී ඇත. එමෙන්ම රාජ්යයට අභියෝග කළ කොටි සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ ද කැරලිකාරී යුගයේ උපයාගත් ධනය හා ඒවා ආයෝජනය කර ඇති ආකාරය ගැන විධිමත් වෝහාරික විමර්ශනයක් මෙතෙක් සිදුකර නැත. විශේෂයෙන්ම කොටි සංවිධානයේ ගිණුම් 1,582 ක් ඇති බවට වූ ආණ්ඩුවේම හෙළිදරව්ව (2009) මත සිදුකළ කිසිදු විමර්ශනයක් වාර්තා වී නැත.

ශ්රී ලංකාවේ වැදගත් භූ ගෝලීය පිහිටීම, අද මත්ද්රව්ය ජාවාරම්කරුවන්ගේ ගෝලීය මධ්යස්ථානයක් බිහිකර ඇත. විටින් විට පාතාල ලෝකයේ නායකයින් සංදර්ශන සහිතව වෙඩිකා මියයන අතර ඔවුනගේ වත්කම් වලට සිදුවූ දෙයක් වාර්තා වී නැත. 1980-90 කාලයේ කොලොම්බියාව, මෙක්සිකෝව ආදිය හසුව තිබූ ආකාරයේ මත්ද්රව්ය රාජ්යයක් (Narco State) බවට ලංකාව පත්වෙමින් දේශපාලනය, මාධ්ය හා ව්යාපාරික ලෝකය කළුසල්ලි විසින් අතික්රමණය වන තත්ත්වයක් උදාවී ඇත. දැන් මේ කළු සල්ලි යොදාගැනෙන්නේ ප්රතිවාදීන් නාඳුනන තුවක්කුකරුවන්ට ගොදුරුකිරීමට නොව, ඔවුනගෙන් සමහරෙකුගේ චරිත ඝාතනය කරනා අතරේ තවත් අයගේ චරිත මිලදී ගැනීම සඳහාය. මේ නිසා රටම පාදඩ දේශපාලනයක අත්අඩංගුවට පත්ව ඇත.

විසඳුම

බදු පාරාදීසයන් ලංකාවේ අපට පමණක් තනිව මර්දනය කළ නොහැක. මෙයට එක්සත් ජනපදයේ FATCA නීතියට සමාන්තර ජාත්යන්තර නීති පද්ධතියක් අත්යාවශ්යය.

එමෙන්ම බදු පාරාදීසයන් වෙතින් බදු අයකරගෙන, ඒවා මූලිකව එම මුදල් නිපදවූ රටට ලැබෙනා ආකාරයේ නව බදු නීති පද්ධතියක් ජාත්යන්තරව අවශ්යය.

ජාතික හා ජාත්යන්තර ලෙස දේශීය සමාගම් පමණක් නොව අක්වෙරළ සමාගම් ද නිරීක්ෂණය කරනා, නියාමනය කරනා යාන්ත්රණයක් අවශ්යය.
පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් හෙළිදරව්වලින් පසු මෙවැනි යාන්ත්රණයන් ලොව තුළ හා රටතුළ ඇතිකිරීමට ජනමතයක් දැන් අවශ්යව තිබේ.

පැන්ඩෝරා යනු තවත් මාධ්ය සංදර්ශනයක් නොවී, ලෝකයේ සාමාන්ය ජනතාවට හා ධනවතුනට එක නීතියක් පවතින බව ලොවට දැනෙන්නට වැඩපිළිවෙළක් යෙදීම ශ්රී ලංකාවේද, යුගයේද අවශ්යතාවයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *