අද( 24) උදෑසන පැවති ශ්‍රී ලංකා බලශක්ති කළමණාකරුවන්ගේ වාර්ෂික සැසිය . කොළඹ 04 , ඕෂෝ හොටලයේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිතයා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැමිණි අතර අපද්‍රව්‍ය වලින් බලශක්තියට මැයෙන්, බලශක්තියෙන් සවං පෝෂිත හෙටක් වෙනුවෙන් පෙරදැරි විද්වත් සාකච්ඡාවක පිරිස නිරිත විය.
ඊයේ සැන්දෑවේදී සහෝදර මැද කොළඹ ජනතාව හමු වී අදහස් දක්වමින්....
ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ රජත ජයන්ති සමුළුවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්
රැකියා දස ලක්ෂයක වැඩපිළිවෙලක්... # තනි පවුලකට පණ දෙනවාද පවුල් පනස් ලක්ෂයකට පණ දෙනවාද යන්න ජනතාව තීරණය කළ යුතුයි... ණය බරින් පවුල් බරින් නිදහස් රටක් ගොඩනඟන නව සමාජ ආර්ථික වෙළඳපොළ ක්‍රමයක්, නව නිෂ්පාදන ක්‍රමයක්, ඇති කරමින් රටේ දරුවන්ට රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීමේ පස් වැදෑරුම් වැඩපිළිවෙලක් ඇති කරන බව එක්සත් යහපාලන ජාතක පෙරමුණේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද (23) එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට එක්වෙමින් ප්‍රකාශ කළේය මෙහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා, "රටේ ආදායමට වඩා ණය සහ පොළිය වැඩි වී තිබෙනවා. පසුගිය දළ දේශීය නිෂ්පාදනය 7% ක් ලෙස දැක්වුවත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව එය සකස් කළා නම්, දළ දේශීය නිෂ්පාදනය වැඩි වන විට පවුලේ ආදායමත් වැඩිවිය යුතුයි. එහෙත් රාජපක්ෂ පාලනය තුළ එසේ සිදු වී නැහැ. අපි ඉදිරිපත් කරන නව වැඩපිළිවෙල මඟින් ගෝලීය ගෙවත්තක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේම ඉන්ධන වලින් ස්වයංපෝෂිත විශේෂ ආර්ථික කලාපයක් ඇතිකිරීමට බලාපොරොත්තු වෙනවා. රටට පණ දෙන්න අලුතෙන් පටන්ගන්න නම් අලුත් ප්‍රතිපත්ති අවශ්‍යයයි. අළුත් මිනිසුන් සිටින අළුත් ප්‍රතිපත්ති තියෙන තැන තමයි එක්සත් ජාතික පක්ෂය. ජනවාරී 08 වන දින අපට ලබාදුන් ජනවරම නොනැවතී ඉදිරියට ගෙනයෑමට අවශ්‍යයි. තනි පවුලකට පණදෙනවා වෙනුවට පවුල් පනස් ලක්ෂයට පණ දෙන්න අවශ්‍යයි. ඒ සඳහා හොඳම තැන එක්සත් ජාතික පක්ෂයයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ආ සමහර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ජාතික ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ. එහි ක්‍රියාත්මක වූයේ 2010 මහින්ද රාජපක්ෂ මහතාට ලබදුන් ජනවරමයි. එම නිසා ශක්තිමත් ජනවරමක්, නව ආණ්ඩුවක් බිහිකිරීමට අවශ්‍යයි. මහින්දට සහ මෛත්‍රීට එකට වැඩකිරීමට නොහැකි බව මේ වන විටත් තහවුරු වී හමාරයි. ව්‍යවස්ථාවෙන් බැලුවත් සදාචාරයෙන් බැලුවත් එකට කටයුතු කළ හැක්කේ මෛත්‍රී රනිල් සුසංයෝගයට පමණයි. නව යුගයක් ආරම්භ කරන්න බිය සැක නැති අලුත් රටක් බිහි කිරීමට ශක්තිමත් ආණ්ඩුවක අවශ්‍යතාවය තිබෙනවා. එය අගෝස්තු මස 17 වනදා එක්සත් ජාතික පක්ෂය මඟින් ඇතිකරනවා, යැයි පැවසීය.