* රටේ ණය මුදල බිලියන 37 යි. ජවිපෙ, එල්ටීටීඊ කැරැලිවලින් ඒ වගේ පස් ගුණයක මුදලක් රටට අහිමි වුණා. * එතනෝල් වලින්, මත්කුඩු වලින්, අයිස් වලින්, දේශපාලනයට ඇවිල්ලා, ඒ හරහා ගෙනගිය දූෂිත දේශපාලනය සහ කැරලි හරහා ලේ ගලන විප්ලව හරහා අපේ දරුවන්ව වෙන අතකට යොමු කරලා, රටේ ජාතික දේපල විනාශ කරලා, වැඩ වර්ජන වලින් මේ රට අතීතයට අරන් ගිය, ඒ දේශපාලනය. අපට වරද්දපු තැන ඉන්න ඒ ප්‍රධාන ධාරාවන් දෙකම ලබන සැප්තැම්බර් 21 වෙනිදා පරාජය කරන්න ජනතාවට අද්විතීය අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි සජිත් ප්‍රේමදාසගේ මේ සන්ධානය රට වත්මන් අර්බුදකාරී තත්ත්වයට ඇද දැමූ පිරිසම නැවත වතාවක් මාධ්‍ය රැළි පවත්වමින් ජනතාව රවටමින් ඉදිරියට පැමිණ තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා, සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස කුරුණෑගල සත්‍යවාදී පිටියෙන් ආරම්භ කළ විජයග්‍රාහී මංගල ජන රැළිය අමතමින් ප්‍රකාශ කළේය. 76 වසරක දේශපාලන ඉතිහාසය තුළ ජනතාවට වැරදුනු, ජනතාවට වැරැද්දුව තැන පිළිබඳව නිවැරදිව හඳුනාගතයුතු බව පවසමින් රණවක මහතා කියා සිටියේ මේ රටේ දේශපාලනයට පැමිණි දූෂිත, අකාර්යක්ෂම, අනාගතය පිළිබඳව දැක්මක් නැති පිරිස් නිසා රටට වැරදුනු බවත්, රටේ කැරළි කෝලහාල ඇතිකිරීම තුළින් රටේ දේශපාලනය වෙනස් කිරීමට කටයුතු කර, ප්රජාතන්ත්රවාදී රාමුවට පිටින් ආණ්ඩු පිහිටුවා විප්ලව කිරීමට ගත ප්රයත්නයන් නිසා රටට වැරදුනු බවත්ය. රට මේ වන තෙක් ණය වී තිබෙන මුදල රුපියල් බිලියන 37ක් පමණකි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල නිසා, එල් ටී ටී ඊ කැරැල්ල නිසා රට ලබාගෙන තිබෙන බිලියන 37ක ණය මුදල මෙන් පස්ගුණයක් රටට අහිමි වී තිබේ, රණවක මහතා අවධාරණය කරමින් කියා සිටියේ රටට වරද්දපු තැන; රටේ දරුවන්ට අයිස්, කුඩු, එතනෝල් ආදී මත්ද්‍රව්‍ය අලෙවි කර ඒ හරහා ගෙන ගිය දේශපාලනය සහ රටේ භීෂණ ඇතිකර, ලේ ගලන විප්ලව හරහා, කැරලි කෝලහාල තුලින් රට විනාශ මුඛයට ඇද දැමූ දේශපාලනය යන ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම සිටින බව ය. එළඹෙන සැප්තැම්බර් 21 වන දින සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සමගි ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙලට මනාපය පළකිරීම තුළින් රට අගාධයට ඇද දැමූ දේශපාලන අංශ දෙකම එකවර පරාජය කිරීමට ජනතාවට සුවිශේෂී මොහොතක් උදාවන බව ද, පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා; “සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ ඔබේ අනාගතය පමණක් නෙවෙයි මතු උපදින ඔබේ දරුවන්ගෙත් අනාගතය තීරණාත්මක දවසක්. 2022 අප්‍රේල් 12 වෙනිදා මේ රට බංකොලොත් රටක් බවට පත් වෙලා අපට උරුම වෙලා තිබුනු ඒ ස්වෛරීභාවය එදා කන්ද උඩරට 1815 මාර්තු 2 වෙනිදා අපට අහිමි වුණාට පස්සේ මහා ජාතික අරගලයකින් නැවත නිදහස ලබාගෙන තිබුනු අපේ රටට අපේ ස්වෛරීභාවය අහිමි කරලා මේ රට අපේ ණය හිමියන්ට යටත් කරපු නින්දිත දවසක් තමයි 2022 අප්‍රේල් 12. මතක තියාගන්න මේ මහා ණය කන්ද, මේ අතීත ණය කන්ද, තව අවුරුදු 18 ක් ඔබට අපට, අපේ දරුවන්ට ගෙවන්න තියෙනවා. අන්න ඒ නිසා මේ ගැන ඉතාමත්ම කල්පනාවෙන්, ඉතාමත්ම වගවීමෙන් ඔබ අප සියලු දෙනාම කටයුතු කරන්න ඕන ඒ දිනයේදී. අපට මතකයි එදා මහනගර ඇමති හැටියට අපේ අමාත්‍යාංශයෙන් මේ කුරුණෑගල මහ නගරයක් කරන්න වැව රවුම හැදුවා. ඒ වගේම මේ නගරය අනාගතය කරා අවශ්‍ය කරන වැඩපිළිවෙල ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි ආරම්භ කළා. මේ රැස්වීම් භූමිය තියෙන තැන, කුරුණෑගල ප්‍රධාන ආර්ථික, සුපිරි වෙළඳ සංකීර්ණයක් එක්ක නිවාස සංකීර්ණයකට අවශ්‍ය මුල්ගල පවා අපි තිබ්බා. ඒ සියලු දෑ අද ඉතිහාසයේ අතීතයට තල්ලු කරලා දැම්මා. මොකද, මේ රටේ 2019 ඇති කරපු ඒ මහා කූට නාටකය, ඒ මාධ්‍ය නාටකයට දාහත් ලක්ෂයක් ඡන්ද තියෙන කුරුණෑගල ජනතාවත් හසුවීම නිසා. ඒ නිසා, නැවත වතාවක් නොයෙක් නාට්‍ය, මාධ්‍ය රැලි ඔබ අපට පෙන්නමින් එනවා. ඒ කිසිවකට හසු නොවී ලබන 21 වෙනිදා පළපුරුදු ඒ වගේම විශ්වාසනීය නායකත්වයකට සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක එකතු වෙන්න. අද කතා කරනවා 76 අවුරුද්දක් තිස්සේ මේ රටේ දේශපාලනයට මොකද උනේ කියලා මතක තියාගන්න අපට වරද්දපු තැන නිවැරදිව අපි හඳුනාගත යුතුයි. අපට වැරදුනා මේ රටේ දේශපාලනයට ආපු දූෂිත, අකාර්යක්ෂම, අනාගතය ගැන දකින්නෙ නැතුව තීරණ ගත්ත දේශපාලනයෙන් අපට වැරදුනා. ඒ වගේම අපට වැරදුනා. කැරලි ගහලා රටේ දේශපාලනය වෙනස් කරන්න උත්සාහ කරලා ප්රජාතන්ත්රවාදී රාමුවට පිටින් ආණ්ඩු පිහිටවලා විප්ලව කරන්න ගිහිල්ලා අපට වැරදුනා. අද මේ රට මේ මුළු කාලෙටම ණය වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 37 යි. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ, එල්ටීටීඊයේ කැරැල්ල නිසා ඒ වගේ පස් ගුණයක් අපට අපේ ජාතික ආදායම අහිමි කරලා තියෙනවා. ඒ වගේම වැඩ වර්ජන වලින්. මේ රටේ අනාගතය ගොඩනගන්න ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශාල පිරිසක් අපට නැති කරලා දාලා තියෙනවා. විශාල පරම්පරාවක් ඝාතනය කරලා. තවත් පරම්පරාවක් රටින් පලවා හැරලා, උගත් පිරිසට රට කරවන්න තියෙන අවස්ථා නැති කරලා. දැන් අපේ තරුණයින්ට රටවල් හදන්න කතා කරනවා සමහරු. මතක තියාගන්න, අපට වරද්දපු තැනේ, මේ ප්‍රධාන ධාරාවන් දෙකම ඉන්නවා. දූෂිත දේශපාලනය, එතනෝල් වලින්, මත්කුඩු වලින්, ඒ වගේම අපේ දරුවන්ට අයිස් වලින්, දේශපාලනයට ඇවිල්ලා, ඒ හරහා අපේ ජනතාව ගෙනගිය ඒ දූෂිත දේශපාලනය. ඒ වගේම කැරලි හරහා ලේ ගලන විප්ලව හරහා අපේ දරුවන්ව වෙන අතකට යොමු කරලා, රටේ ජාතික දේපල විනාශ කරලා, වැඩ වර්ජන වලින් මේ රට අතීතයට අරන් ගිය, ඒ දේශපාලනය. ඒ දේශපාලන දෙකම ලබන විසි එක් වෙනිදට පරාජය කරන්න ඔබට අද්විතීය අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි සජිත් ප්‍රේමදාසගේ මේ සන්ධානය සමහරු 76 අවුරුද්දකට සාප කලාට මේ 76 අවුරුද්දේ අපි විශාල වර්ධනයන් ලබාගෙන තියෙනවා. මේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍යට විශාල ඉදිරි ගමනක් ළඟා කරගෙන තියෙනවා. ඒ වගේම ආර්ථිකයත් බඩ ගගා නමුත් ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් අපි යම් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ නිසා ඒවාට ගරහ ගරහා කිසිම අත්දැකීම නැති කිසිම ආකාරයක රට පාලනය කිරීමේ කළමනාකාරීත්වයක් නැති බබ්බු රැලකට රට බාර දෙන්නැතුව පළපුරුදු ඒ වගේම අලුත් අත්දැකීම් තියෙන නවීන තරුණ පරපුරක් එක්ක එකට එකතු වෙච්ච නව කණ්ඩායමකට රට බාර දීමේ වගකීම ඔබ අප හැමෝටම තියෙනවා. කුරුණෑගල නගරය මහා නගරයක් හැටියට මේ කුරුණෑගල දිස්ත්‍රික්කය මහා බලගතු දිස්ත්‍රික්කයක් හැටියට රටේ ආර්ථිකයේ මර්මස්ථානයක් හැටියට ගොඩනගනවාද? එහෙමත් නැත්නම් තව අත්හදාබැලීම් සියයක් හරහා මේ රට නැවත අතීතයට ගෙනිහිල්ලා බංගලිදේශය වගේ නැති බංගස්ථාන වෙන කැරලි කාරයින්ගේ මර්මස්ථානයක් කරනවද කියලා අපි තීරණය කළ යුතුයි. ඔබට මතකයි එදා අපේ රටේ විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව විශාල මුලාවන් ප්‍රමාණයකට දැම්මා. මතකයි නේද? එදා මේ රටට වසංගතය ආපු වෙලාවේ මේක දූපත් රටක්. මේ දූපත් රටේ තැන් දෙකයි වහන්න තියෙන්නේ. වරායයි, ගුවන් තොටුපලයි. හැබැයි අත්හදා බැලීම් කරන්න ගිහිල්ලා, තිස්දහසකටත් මරණයට පත්වුණා. අර ධම්මික පැණිය කියලා එකක් ගෙනල්ලා, ඒ වගේම මුට්ටි හට්ටි ජීවම් කරලා, ගංගා වලට දාලා, වසංගතය නවත්තන්න පුළුවන් කියලා අපිට කිව්වා මතකයිද? තිස්දහසක් අපේ ජීවිත නැතිවුණා. අපේ දරුවන්ගේ අනාගතේ නැතිවුණා. රට ආපස්සට ගියා. ඒ ගොන්කම්වල ප්‍රතිඵල හැටියට. ඊළඟට, පොහොර නැතුව, ඒ වගේම අකාබනික ද්‍රව්‍ය නැතුව, ගොවිතැන් කරන්න පුළුවන්, හෙළ ගොවිතැන කරන්න ඕනේ කියලා, රට වටා ගෙන ගිය ක්‍රියාදාමය අපේ තුන් වේල කාපු ගොවියා ඇමරිකන් පිටි කන ඉන්දියාවේ ලුණු මිරිස කන හිඟන පිරිසක් බවට පත් කළා නේද? මතකද ඒ ක්‍රියාවලිය? ඊළඟට මහා පරිමාණයෙන් මහ බැංකුවේ සල්ලි අච්චු ගහලා, ඒ වගේම ධනපතියන්ට දැවැන්ත බදු සහන ලබා දීලා, රටේ මූල්‍ය ස්ථාවරත්වය කඩාකප්පල් කරලා, රටට ණය ගෙවන්න බැරි, හිඟන රටක්, ස්වෛරීත්වය අහිමි රටක් බවට පත් කළා. මතකයි, නේද? ඒවයේ කතා පවත්වපු කට්ටිය මතකයි නේද? ඒගොල්ලෝ අද විවිධ සලකුණු ඔස්සේ ඉදිරිපත් වෙලා ඉන්නවා. මතක තියාගන්න ඒ කොයි සලකුණෙන් ආවත්, ඒ හැම සලකුණෙන්ම ඇවිල්ලා ඉන්නෙ අපේ, අපේ දරුවන්ගේ ඛේදවාචකයට සෘජුව වගකිවයුතු පිරිස්, එක දේශපාලන වලේ වල දාන්න. ලබන 21 වෙනිදට ඉදිරියට එන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. මේ රට මෙතනින් ඉදිරියට ගෙනියන්න ඕනේ. මතක තියාගන්න මේ සැප්තැම්බර් මාසේ ඉඳන් නැවත අපිට ණය ගෙවීම ආරම්භ වෙනවා. අපට සිද්ධ වෙනවා මහා පරිමාණයෙන් අපි ගත් ණය ආපහු ගෙවන්න. හරිහමන් අධ්‍යාපනයක් නැති, ලෝකය දැකලා නැති, කළමනාකාරිත්වය දන්නේ නැති පිරිසක් අතට මේවා පත්කරන්න එපා, මේ රට පත්කරන්න එපා. මට මතකයි මේ ඊයේ, පෙරේදා තිබ්බා, අයි. ටී. සමුළු තාක්ෂණ සමුළුවක්. ඒ සමුළුවේ ගිහිල්ලා බොහොම බලගතු දේශන පවත්වනවා. හැබැයි මම අභියෝග කරනවා ඒ අයට අඩුගානේ එදා නිකුත් කරපු පොත කියවගන්නවත් ඒ අයට හැකියාවක් නෑ. අද මොකක්ද ප්‍රධාන තේමාව? දූෂණය නවත්තන්න. ඒ ගැන ෆයිල් තියෙනවලු මාලිමාවට. මේ රටේ ප්‍රධාන දූෂණයක් සිද්ධ වුණා. ඒ තමයි අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිතුමා ඇතුළු නිලධාරීන් සියලු දෙනා හිරේ දැම්මේ මාලිමාවේ අයද? නෑ. මේ අය නෙවෙයි. අර කාවින්ද ජයවර්ධන දොස්තර මහත්තයා, මේ වසන්ත යාපා මහත්තයා, ඒ වගේම චමල් සංජීව, අපේ අජිත් අමරසිංහ, ඒ වගේම මේ රටේ කැපවෙච්ච සමාජ සේවකයෝ ගණනාවක් උද්ඝෝෂණය කරලා තමයි, අද ඒ දඬුවම ලබාදීලා තියෙන්නේ. තාම අනුර දිසානායකගේ තියෙන්නේ, ෆයිල් ටික විතරයි. හැබැයි, එක අරගෙන, ඇමතිව හිරේ දැම්මේ, මේ රටේ ජන ක්‍රියාකාරීන් කියන එක අපි මතක් කරන්න ඕනේ. මේ ඊයේ පෙරේදා අපේ රවුෆ් හකීම් ඇමතිතුමා, මම, සුමන්දිරන් මන්ත්‍රීතුමා, අපි සියලු දෙනාම ගියා අධිකරණයට. මේ රටේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච විශාලතම වංචාවට විරුද්ධව. මොකක්ද ඒ? ඊ වීසා වංචාව. මේ රටේ ප්‍රකෝටි ගණන් ධනය විදේශික සමාගමකට දීලා තියෙනවා., රටේ පළවෙනි දේ තමයි, අපේ දේශසීමාව. ඒ දේශසීමාව ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙනුවට ඉන්දියාවේ පෙට්ටි කඩේකට ටිරාන් අලස් මේක බදු දීලා අපේ ස්වෛරීභාවය අපෙන් අහිමි කළා. ඒකට විරුද්ධව ඔය ඊනියා ජාතිමාමකයෝ එකෙක්වත් කතා කළාද? දූෂණය ගැන ෆයිල් ගැන තියෙන අනුර දිසානායකට, ටිරාන් අලස්ගේ නම මතකද? නෑ මිත්‍රවරුනි, එක ආවා විතරක් නෙවෙයි, අපි එක උසාවි ගෙනිහිල්ලා, ඒ ක්‍රියාවලිය මේ රටේ දේශ සීමාවත් රැකලා රටේ ජනතාවත් රකින්න උසාවි නියෝගයකුත් අපි ගත්තා. මේ රටට අද ආදායම් දෙකයි ප්‍රධාන වශයෙන් රටේ මිනිස්සු රට යනවා. ඒ වගේම රටෙන් පිටරටින් සංචාරකයෝ මෙහෙට එනවා. අද ඒ දෙකම නැවතිලා. සංචාරකයාට වීසා එක ගන්න විදිහක් නෑ. රටින් යන්න මිනිහට එක නෑ නේද? ජාවාරම අද කරගෙන යනවා. මිලියන පහක් පාස්පෝට් ගහන්න කියලා අරගෙන මොකද අද කරලා තියෙන්නේ? අපේ දරුවෙකුට රටින් යන එක නතර කරලා තියෙනවා. ඉදිරියේදී අපි ඒ සියල්ල ගන්නවා. ඒ නිසා මතක තියාගන්න දූෂණය නවත්තනවයි කියන අය අත්වල ලේ තැවරිලා, උගුරට එනකන් මිනී ගිලපු පිරිසක්, අද ව්‍යාජ සළුපිළි පැළඳගෙන, ඔබ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ අයගේ රැළිවලට අහුවෙන්න එපා. දූෂණය ඇත්තටම නවත්වපු පිරිසක් අපි. ඒ වෙනුවෙන් දඬුවම් දීපු පිරිසක් අපි. ඒ වෙනුවෙන් සටන් කරපු පිරිසක් අපි. ඒ නිසා, ව්‍යාජ බලවේග වලට රැවටෙන්නේ නැතුව, අනාගතය කරා යන අනාගතවාදයකට එකතු වෙන්න, ලබන සැප්තැම්බර් 21 වෙනිදා මේ මහජන ගඟ, විජයග්රහනයේ ජන ගඟක් බවට පත් වේවා.!” මෙම ජන රැළිය සඳහා සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, සමගි ජන බලවේගයේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයින්, සමගි ජන බලවේගයේ ජනතා නියෝජිතයින් ඇතුළු අති විශාල ජනකායක් ද සහභාගි වී සිටියහ.
මහජන ආරක්ෂක ඇමතිවරයා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අඩු ම වශයෙන් රටේ මිනිසුන් අතීතයේ සිට භුක්ති විඳි විදෙස් ගමන් බලපත්‍රයවත් නිකුත් කරගන්නට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් මෙම ආයතනය ගලවාගන්නා ලෙස ද, ඔහු ජනාධිපතිවරයාගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි. “මෙතන දැන් සැකයක් ඇතිවෙලා තියෙනවා මේ හරහා අලුත් ජාවාරමක් වෙනවද කියලා. අපි ඒ පිළිබඳව විධිමත් ආකාරයට බලාගෙන ඉන්නවා. අපට තොරතුරු ලැබෙමින් තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාටත්, කැබිනට් මණ්ඩලයටත් කියනවා වහාම මේ ඇමතිවරයාගෙන් මේ බලතල අතට අරගෙන කරුණාකරලා මේ රටේ ජනතාවට මේ පාස්පෝට් එක ලබාදෙන්න. නැත්නම් මේ ජාවාරම නතර කරන්නට අපි ඉදිරි කාලයේදී අධිකරණමය වශයෙන් වශයෙනුත් සමාජමය වශයෙනුත් මැදිහත් වෙනවා.” අගෝස්තු 09 උදෑසන මාධ්‍ය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා; “මේ රටේ දේශසීමාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් අදාළ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඇති කරලා තිබෙනවා. අද තිබෙන මේ ආර්ථික අර්බුදය ආදී කරුණුවලට විශාල විසඳුමක් හැටියට ඉදිරිපත් කරලා තියෙන ප්‍රධාන තේමාවන් දෙකයි. එකක් විදේශික සංචාරකයින් හැකිතාක් ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීම. දෙක මේ රටේ විරැකියාවෙන් පෙලෙන පිරිස් විදේශ රැකියා වලට යොමු කරවීම. ඉතින් මේ දෙකෙන්ම යම්කිසි ප්‍රතිඵලයක් පසුගිය කාලයේ ලැබිලා තිබෙන බව විදේශ රැකියා ක්ෂේත්රයෙන් අපේ රටට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ යාමෙනුත් සංචාරකයින් විශාල පිරිසක් පැමිණීම නිසා ඒ හරහා ලැබුණු ආදායමෙනුත් පෙනී ගිහින් තියෙනවා. රජය විසින් පාර්ලිමේන්තුවට ලබාදීලා තියෙන මධ්‍ය ආදායම් වියදම් පිළිබඳ වාර්තාවෙනුත් මේ ක්ෂේත්‍ර දෙක ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. අද මේ පවතින ඩොලරයේ වටිනාකම ස්ථාවර වීමට මේක බලපාලා තියෙනවා. ඉතින් දැන් අද සිදුවෙමින් තියෙන්නේ මොකක්ද? මේ ක්ෂේත්‍ර දෙකම බරපතල විදියට අර්බුදයට යන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන් මේ රටේ අපි දැක්කා පසුගිය දෙසැම්බර් මාසයේ හිටි අඩියේ එතෙක් අනුගමනය කරමින් තිබිච්ච ඔන්ලයින් වීසා ක්‍රමය එක පාරට නතර කරලා දාලා, ඒ සඳහා අලුත් ක්‍රියාදාමයක් හඳුන්වා දෙන්න උත්සාහ කළා. පසුව ඒ තත්ත්වය වෙනස් වෙලා නැවත පරණ ක්‍රමයට ගිහිල්ලා ආයෙත් මේ වසරේ අප්‍රේල් මාසයේ 17 වෙනිදා සිට අලුත් ඔන්ලයින් වීසා ක්‍රමයක් හඳුන්වා දීලා ලෝකයේ රටේ දේශ සීමාව බාර දීලා තියෙන ආගමන විගමන නිලධාරීන්ගෙන් උදුරාගෙන ඉන්දියානු සමාගමකට ඒක පවරා දුන්නා. ඕක තමයි මේ රටේ මේ වර්තමාන කාලයේ සිදුවෙච්ච ලොකුම දේශද්‍රෝහීත්වය. අපි මේ රටේ දේශසීමා ත්රස්තවාදීන් ආක්‍රමණය කළත් කොම්පැනි කාරයෝ ආක්‍රමණය කළත්, වංචනික ජාවාරම්කාරයො ආක්‍රමණය කළත් මේ රටේ දේශසීමා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී ඉන්න සැබෑ දේශප්‍රේමීන්. මේ රටේ ව්‍යාජ දේශප්‍රේමීන් ඉන්නවා. මේ රට ගැන බිය වද්දමින් නොයෙක් ආකාරයේ දේශපාලන ප්‍රයෝග කරමින්, කූට නාටක හදමින් හිටපු දේශප්‍රේමීන් ඉන්නවා. ඒ දේශප්‍රේමීන් සියලු දෙනාම මේ රටේ දේශ සීමාව, විදේශික සමාගමකට පවරා දීම ගැන නිහඬයි. ඒකයි අපි කියන්නේ මේ රටේ දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි. විටින් විට එන මේ දේශප්‍රේමීන්ගේ දේශමාමකත්වය දැන් අපිට හොඳට පේනවා. ඒ වගේම මේ හරහා දැවැන්ත වංචාවක් වුණාය. කියන එක පිළිබඳ කරුණු සහගතව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ සාමාජිකයින් තිදෙනෙක් හැටියට මමත් රවුෆ් හකීම් මන්ත්රීතුමත්, එම්ඒ සුමන්දිරන් මන්ත්රීතුමත් මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කළා. 2024 අංක 203, 204 හා 205 ලෙස. ඒ පෙත්සම් වලට නීතිඥයෝ පෙනී හිටියේ නැහැ. පෙනී හිටියේ අප විසින්මයි. ඊට අමතරව තවත් පාර්ශව අටක් මේ වෙනකොට ඒකට ඉදිරිපත් වෙලා තියෙනවා. එම පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කළා. විරෝධතා ඇතිවුණා. නමුත් විරෝධතා වලට එරෙහිව තීන්දුවක් දුන්නා. ඒ පෙත්සම් විභාග කරන්න. ඒ අනුව අතුරු නියෝගයක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නා. ඒ ලබා දුන්නේ පසුගිය දෙවෙනිදා. අද නමවෙනිදා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ නියෝගය ප්‍රකාරව, ආගමන විගමන පාලකවරයා ක්‍රියා කරලා තියෙනවද?, දැන් ඒ වෙබ් අඩවිය නතර කරලා තියෙනවා. ඒ නතර කිරිල්ල විතරක් නෙවෙයි. මේ නියෝගයෙන් පැහැදිලිව දැනුම් දුන්නා පැරණි ක්‍රමයට එනම් කලින් තිබිච්ච මොබිටෙල් ආයතනය, ඒ වගේම ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලාංකික සමාගමක් වන ඉන්ෆොමැටික්ස් ආයතනය විසින් සිදු කරගෙන ගිය ක්‍රමවේදය පවත්වාගෙන යන්න මේ නඩුව විභාග කරනකම්, ඒ නඩුව ඔක්තෝබර් හත නැවත විභාග කරනවා. දැන් සතියක් ගෙත වෙලා තියෙනවා. ආගමන විගමන පාලක මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් නෑ. පසුගියදා මෙහි තවත් පාර්ශවකරුවෙක් වූ මේ රටේ සංචාරක ව්‍යාපාරයේ නියැලි වැදගත් වෘත්තීය ආයතන, ඒ වගේම ව් යාපාරික ආයතන, ඔවුනුත් අංක දෙසිය දහඅට ඇල ඉරක් විසි හතර යටතේ මේකෙ පෙත්සම්කරුවෝ. ඔවුන් විසින් මේ වගකීම අද ආගමන විගමන පාලකට පෙන්වා දීලා තිබෙනවා. දැන් මේ නියෝගය ලිඛිතව අපි දන්නවා පසුගිය අඟහරුවාදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන් විසින් නිකුත් කරපු බව. නමුත් අපිට පේනවා දඩබ්බර ත්‍රාඪ විදිහට මේ නියෝග නොතකා හරිමින් අර පොලිස්පති පදවිය වගේම රට අර්බුදයට යවන්න තිබෙනව තිබෙන බව. මේ කාටද හානි කරන්නේ? රටේ සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රතිරූපය තමයි මේ හානි කරමින් තිබෙන්නේ. කවුරුවත් නෙමෙයි, මහජන ආරක්ෂක ඇමති යැයි කියන පුද්ගලයා හා ඔහුගේ වටා බැඳිච්ච නිලධාරීන් පිරිස. ඒ නිසා අපි බොහොම පැහැදිලිව අපි ආගමන විගමන පාලකට කියනවා ඔබ බොහොම පමයි ඔබ තව දුරටත් පමා වී ක්‍රියා කරනවා නම් ව්‍යවස්ථානුකූලව ඔබ රජයේ සේවකයෙක් හැටියට බැදිලා ඉන්නවා රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඒ සඳහා ව්‍යවස්ථාවේ 170 වෙනි වගන්තියේ බලන්න ඔබ ඉන්නේ ඒ යටතේ ඔබ නීතිය ඉදිරියේ බැඳිලා ඉන්නවා ඔබ නීතිය ඉක්මවා ක්‍රියා කරනවා නම් ඔබ, ඔබට එරෙහිව ක්‍රියා කරන්න අපි මැලි වෙන්නේ නෑ, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව එදා උසාවියේ පෙනී හිටියා. එම නීතිපති දෙපාර්තමේන්තුවට පැහැදිලි නියෝගයක් විනිශ්චය මණ්ඩලය ලබා දුන්නා. මේ තීන්දුව නොපමාව රජයේ නීතිපතිවරයා හැටියට ඒ අයට ලබා දෙන්න කියලා. එහි පළවෙනි වගඋත්තරකරු තමයි මේ ආගමන විගමන පාලකවරයා. එතකොට ඒ ආගමන විගමන පාලකවරයාට මේ දැනුම් දෙන්න කියලා නීතිපති දැනුම් දීලා තියෙනවා. පෙත්සම්කරුවෝ හැටියට අපි දැනුම් දීලා තියෙනවා. උසාවි නියෝගයක් තියෙනවා. ලිඛිත නියෝගය අත්සන් කරලා තියෙනවා. දැන් ඒක ලැබුණද කිය කිය බලන් ඉන්න දෙයක් නෑ. මේකට ක්‍රියාත්මක වීමේ වගවීම තියෙනවා. එසේ නොවුණහොත් මේ සම්බන්ධයෙන් ලබන සතියේදී අපි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවා. මේ රටේ මේ දේශ සීමා ආරක්ෂා කර ගැනීම ගැන. මේ රටේ දේශසීමා කාලයකට පෙර එල් ටී ටී ඊ ත්රස්තවාදීන් විසින් උල්ලංඝනය කරපු වෙලාවේ එල් ටී ටී ඊ ත්රස්තවාදීන් එක්ක එකට කටයුතු කරපු, දේශද්‍රෝහීන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ දේශ සීමා ආරක්ෂා කරගන්න. මේ දේශ සීමා ආරක්ෂා කරගන්නාටත්, මේ රටට සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීමට රටේ ඩොලර් සංචිත වැඩි කර ගැනීමටත් අපි මැදිහත් වෙනවා. ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා ඔබ රටට ප්‍රකාශ කරන දේ රට සාමකාමී කරන්න කරලා තියෙනවා නම්, රටට සංචාරකයෝ වැඩිපුර ඕනේ නම්, සංචාරක ඇමතිවරයාගේත්, ඒ වගේම ජනාධිපතිවරයාගේත් කැබිනට් මණ්ඩලයේත් වගකීම තමයි මේ මුළු කැබිනට් මණ්ඩලයටම මේ නියෝගය දීලා තියෙනවා. වහාම මේ පිළිබඳව ආගමන විගමන පාලකවරයාට ඒ පිළිබඳව ක්‍රියා කරන්න අණ දෙන්න. ඊළඟට දැන් මාස ගණනක් තිස්සේ නෑ. රටින් පිටව යන්න රැකියාවලට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න විශාල තරුණ පිරිසකට, ඒ වගේම වැදගත් රැකියාවලට යන්න ඉන්න අය පමණක් නෙවෙයි. අධ්‍යාපනය ලබන්න ඉන්න අය, පුහුණුවීම් ලබන්න ඉන්න අය, රාජ්‍යතාන්ත්‍රික සේවාවලට යන බොහෝ දෙනෙක් දරුණු අපහසුතාවයකට පත්වෙලා තියෙනවා. ආගමන විගමන පාලකවරයා තමන්ගේ බලපත්‍රයක් බවට පත්කරගෙන තියෙනවා අද මේ එක. දැන් මොකද වෙලා තියෙන්නේ? ඊ පාස්පෝට් එකක් හඳුන්වා දෙන්න කියලා වැඩපිළිවෙලක් කරගෙන ගියා. දැන් ඊ පාස්පෝට් එකත් නැහැ. නිකන් පාස්පෝට් එකත් නැහැ. මේකෙන් පෙන්නන්නේ මේ ඇමතිවරයා සහ මේ දෙපාර්තමේන්තුවට අඩුගානේ මේ රටේ මිනිස්සු අතීතයේ ඉදන් භුක්ති විඳපු පාස්පෝට් එකවත් නිකුත් කරගන්නට නොහැකි තත්වයක් ඇතිවෙලා තියෙනවයි කියන එක. මෙතන දැන් සැකයක් ඇතිවෙලා තියෙනවා මේ හරහා අලුත් ජාවාරමක් වෙනවද කියලා. අපි ඒ පිළිබඳව විධිමත් ආකාරයට බලාගෙන ඉන්නවා. අපට තොරතුරු ලැබෙමින් තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාටත්, කැබිනට් මණ්ඩලයටත් කියනවා වහාම මේ ඇමතිවරයාගෙන් මේ බලතල අතට අරගෙන කරුණාකරලා මේ රටේ ජනතාවට මේ පාස්පෝට් එක ලබාදෙන්න. නැත්නම් මේ ජාවාරම නතර කරන්නට අපි ඉදිරි කාලයේදී අධිකරණමය වශයෙන් වශයෙනුත් සමාජමය වශයෙනුත් මැදිහත් වෙනවා. මං නැවතත් අවධාරණය කරනවා ඊ වීසා වංචාව තමයි ලංකා ඉතිහාසයේ සිදු වෙච්ච විශාලතම වංචාව. ඩොලර් බිලියන දෙකයි දශම හතයි දෙකක් ඉන්දියාවේ පෙට්ටි කඩයක් පවත්වාගෙන යන අයි වී එස් ආයතනයට ඒ වගේම අපි කවුරුවත් නොදන්නා විදේශ සමාගමක් වන ජී බී එස් කියන සිංගප්පූරුවේ සමාගමකට කිසිම ආකාරයක විධිමත් අධ්‍යයනයකින් තොරව මේ මහා වංචාව සිදුවෙලා තියෙනවා. මේ මහා වංචාව අධිකරණය විසින් දැන් තාවකාලිකව නතර කරලා තියෙනවා. නමුත් වංචනිකයින් අද තමන්ගේ බලය පාවිච්චි කරලා, අධිකරණයට උඩින් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ තත්ත්වය වෙනස් කරගැනීමට සමස්ත මහජනයාගෙන්ම අපි ඉල්ලා සිටිනවා. මේ දැන් ඔබ මැදිහත්විය යුතු කාලයයි. අර අරගල, මේ අරගල ගැන කතා කර කර හිටියා. මේ ඔබ, ඔබේ දේශසීමාව, මව්බිමේ දේශසීමාව රැකගැනීම සඳහා ඉදිරිපත් කාලයයි. අපි දැක්කා මේ දේශප්‍රේමීන් කිය කිය පෙනී හිටපු අයගේ හෙළුව දැන් එළිවෙලා ඉවරයි. ගොඩගහගෙන, ජාවාරම් නවත්තන්න බලය ඉල්ලන අයගේ හෙළුව එළිවෙලා ඉවරයි. මහජන ආරක්ෂක ඇමතිගේ නම කියන්න බය මේ දූෂිතයන්ට එරෙහිව පෙනී සිටින නායකයින් අද හෙළිදරව් වෙලා ඉවරයි. ඒක නිසා, දැන් අපි ජනතාවට කියනවා, අපි මේ රටට, කුඩු, දූෂණ පිළිබඳ කතාබතා නෙවෙයි. දූෂණය අපි ජයගෙන පෙන්නුවා. අධිකරණය අපේ ක්‍රියාමාර්ගවලට සහයෝගය දීලා තියෙනවා. අවසාන තීන්දුව අනාගතයට තීරණය වෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ රට වෙනුවෙන් අපේ දේශ සීමා රැකගන්නත්, විදේශීය කාරයින්ගෙන් හා ජාවාරම්කාරයින්ගෙන්. ඒ වගේම මේ වැදගත් ආගමන විගමන දෙපාර්තමේන්තුව අපේ මේ ජාවාරම්කාරයින්ගෙන් මුදාගෙන මේ රටේ සංචාරක ව්‍යාපාරයත්, ඒ වගේම මේ රටින් පිටරටවල් වලට විදේශ රැකියා සඳහා යෑමට නියමිතව ඉන්න අපේ තරුණ තරුණියන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් ඒ වගේම වෙනත් සේවා ලබා ඉදිරිපත් වෙන්න කියලා සියලුම මේ රටේ දේශමාමක පුරවැසියන්ගෙන් අපි ඉල්ලා හිටිනවා ඒ වගේම දූෂණයට එරෙහි යුක්තිගරුක සියලුම සමාජ සංවිධාන වලින් අපි ඉල්ලා සිටිනවා. Q&A ප්රශ්නය බොහෝ දෙනා කතා උනේ හිතාගෙන හිටියේ ඔබතුමාත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි කියලා. මොකක්ද වෙන්නේ ඇත්තටම? මොකක්ද ඔබතුමන්ලාගේ තීන්දුව? ඔබතුමන්ලා පක්ෂයක් නිර්මාණය කළා. නමුත් ඔබතුමන්ලා තාම නිහඬයි. පිළිතුර අපි මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගිය පෙබරවාරි මාසේ 14 වෙනිදා පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒ වැඩ පොදු වැඩපිළිවෙල අපි සාකච්ඡා කළා විවිධ දේශපාලන පක්ෂ එක්ක. අපට ධනාත්මක ප්‍රතිඵල ලැබුණා. සෘණාත්මක ප්‍රතිඵල ලැබුණා. නොයෙක් දේ ලැබුණා. අපි ඒ සියල්ලම දැන් විශ්ලේෂණය කර ගනිමින් ඉන්නවා. අපේ පක්ෂයේ සාමාජිකයන් එක්කත් අපි කතා කරගෙන යනවා. අපි ලබන සතියේදී ජනාධිපතිවරණයේ අපේ අපේක්ෂකයා කවුද කියන එක ප්‍රකාශයට පත් කරනවා. ප්රශ්නය සමහර සමාජ මාධ්‍යවල විවිධ තැන්වල කතාබහට ලක්වුණු සරත් ෆොන්සේකා මහත්මයාට ඔබතුමාගේ සහාය ලබා දෙනවාද කියලා කතාවක්. එහෙම මොනවා හරි සාකච්ඡාවක් වෙලා තියෙනවා ද? පිළිතුර සරත් ෆොන්සේකා මහත්තයට අපි ගරු කරනවා මේ රටේ මිනිස්සුත් ගරු කරනවා. මොකද මේ රටේ තිබුණු දැවැන්ත පිළිකාවක්, ත්‍රස්තවාදී පිළිකාව නැතිකර දමන්නට 2005-2010 කාලයේදී එතුමා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවලට දුන් නායකත්වය ගැන. එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. එතුමාගේ අරමුණ හැටියට මේ දූෂණය තුරන් කිරීම පිළිබඳ අදහස ඉදිරිපත් කරලා තියෙනවා. එතුමා සමඟ අපි දේශපාලන සාකච්ඡාවක් කරලා නෑ. නමුත් අපි පෞද්ගලික මට්ටමෙන් එතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් එතුමාගේ අරමුණු සාක්ෂාත් කරගන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් එතුමාට අපි සුබ පතනවා. අපේ අපේක්ෂකයා එතුමද, නැත්නම් වෙන කෙනෙක්ද කියන එක අපි ලබන සතියේ ප්‍රකාශ කරනවා. ප්රශ්නය මාධ්‍යයට වාර්තා වෙනවා. ලාල් කාන්ත මහත්මයා අත්අඩංගුවට ගන්න කියලා, රැල්ලක් අමුතුවට කැරකෙනවත් එක්කනේ ඒ පැත්තට. පිළිතුර නැහැ මෙහෙමයි. ඒ රැල්ලේ, නොරැල්ලේ ප්රශ්නය නෙමෙයි. මෙතන ප්‍රශ්නෙ, මේ රටේ නීතිය සමානව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද මේ රටේ අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සාමාජිකයන් කිහිප දෙනෙක් ලාල් කාන්ත මහත්මයා, සුනිල් හඳුන්නෙත්ති මහත්තයා, බිමල් රත්නායක මහත්මයා එදා අරගලය අවසාන අවස්ථාවේදී, ඔවුන් ජූලි එකොළොස් වෙනිදා හෝ ඊට ආසන්න දිනයක, පාර්ලිමේන්තුව අබියසට ගිහිල්ලා, අදම අපි මේ දේ ඉවර කරමු කියලා, මේ පාර්ලිමේන්තුව අර නාසි පන්නයේ, හිට්ලර්, ජර්මන් පාර්ලිමේන්තුව ගිනි තියලා ඒ රටේ බලය ඇල්ලුවා වගේ, අනීතික ක්‍රමයට, ප්රජාතන්ත්ර විරෝධී ක්‍රමයට, ව්‍යවස්ථා විරෝධී ක්‍රමයට බලය අල්ලා ගැනීමක් සඳහා යෝජනා කළා. අත්අඩංගුවට ගත්තා. කවුද? වෛද්‍ය පැතුම් කර්නර් අත්අඩංගුවට ගත්තා. හැබැයි ඒ අත්අඩංගුවට ගැනීම හා ඒ නඩු පැවරීම, ඒ ක්‍රියාවලිය, මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට විවෘතව ආමන්ත්‍රණය කරපු, ප්රජාතන්ත්ර විරෝධී කුමන්ත්‍රණයකට ආමන්ත්‍රණය කරපු, ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයකට, විවෘතව ආමන්ත්‍රණය කරපු, ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ සම්බන්ධයෙන් වුණේ නැහැ. අපි නිතර කියන දෙයක් මේ ජනතා විමුක්ති පෙරමුණයි මහජන ආරක්ෂක ඇමතිවරයයි, මේගොල්ලෝ අතරේ පොඩි දේශපාලන ඩීල් එකක් තියෙනවා. දැන් මම රත්නපුරේ පවත්වපු රැස්වීමකදි ජනාධිපතිවරණ සමයේදී නොයෙක් ආකාරයේ ගැටුම්, ප්රචණ්ඩ ක්‍රියා ඇති වෙන්න නියමිතයි කියලා සාක්ෂි, සාධක ඇතුව කිව්වාම, මහජන ආරක්ෂක ඇමතිටයි, පොලිස්පතිටයි, රහස් පොලීසියටයි ලොකු තදියමක් තිබුණා. අපිව රහස් පොලීසියට ගෙනල්ලා ප්‍රශ්න කරන්න. හැබැයි දැන් අවුරුදු ගාණක් ගතවෙලත් මේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවට මුල් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ සම්බන්ධයෙන් පියවර ගන්නෑ. දැන් අපිට පේනවා නිකන් එළියේ ගහගත්තට මේක දේශපාලන පාතාලෙක කොටස්කරුවෝ කියලා. වහාම අපි මේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිය හැමෝටම සමව ක්‍රියාත්මක කරන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ ගිහිල්ලා රට වටේ කියනවා නම් නීතිය ඉදිරියට පමුණුවනවා කියලා සියලු දෙනාම ඒ අය සම්බන්ධයෙන් යම්කිසි පරීක්ෂණයක් තියෙනවා. ඒක කළ යුතුයි. ඔවුන් ඒ සම්බන්ධයෙන් විවෘතව ඉදිරිපත් විය යුතුයි. එහෙම නැතුව තැන් තැන්වල වේදිකාවල තමන්ගේ අර යටි අදහස, යටි අරමුණ, ප්රජාතන්ත්රවාදයට එරෙහිව තියෙන යටි අරමුණ ක්‍රියා කෙරිය යුතු නැහැ. අපි ඒ වගේම පෙන්නලා දෙනවා මේ රටේ මධ්‍යස්ථ ජනතාවට ඔබට මේ රටේ දේශපාලනය ගැන කලකිරීමක් තියෙනවා. ඇත්ත. ඔබට මේ රටේ දේශපාලනය ඔබව පහලට දැම්මයි කියලා කලකිරීමක් තියෙනවා. හැබැයි මතක තියාගන්න. මේ කණ්ඩායම් ප්රජාතන්ත්රවාදී පිරිස් නෙවෙයි. බව ඒ අයගේම කටහඬවල් වලින්, ඒ අයගේම කතාවලින්, ඒ අයගේම ක්‍රියාකාරකම්වලින් ඔප්පු කරමින් තියෙනවා. ඒ නිසා ඒ අනතුරු ඇඟවීමත් අපි මේ රටේ දැනට මේ වෙනස ප්‍රාර්ථනා කරමින් යන රැලි හදාගෙන යන පිරිස් වලට ප්‍රකාශ කරන්න ඕනේ. ප්රශ්නය පහුගිය දවස්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජපක්ෂ කියන කණ්ඩායම තමයි ප්‍රබල කණ්ඩායමක් විදිහට හිටියේ. තාමත් ඔවුන් ඒක අර සන්ධානගත වෙන්න ඕනේ. ගිහිල්ලා නෑ. මේකෙන් දේශපාලනික වාසියක් ගන්නවද? තමන්ගේ බල කඳවුර මේකයි ස්ථාවර කරගන්න.? පිළිතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන, අපිට අනුන්ගේ පක්ෂ ගැන කතා කරන්න බැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ රාජපක්ෂවරු කියන්නේ මේ රට බංකොලොත් වීම සඳහා සෘජුව වගකිව යුතු අය. අපි විශ්වාස කරන හැටියට මූලික අයිතිවාසිකම් නඩුවෙන් Public Trust Doctrine එක යටතේ හා තවත් නීති ගණනාවක් යටතේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ වරදකරුවන් කළා. ඔවුන් තමයි මෙහි නායකයින්. ඔවුන්ගේ ආණ්ඩුවක් තමයි ජනාධිපති හා මහ මැතිවරණයෙන් වුනේ. ඒ නිසා මම, අපි හිතනවා ඔවුන්ට ලංකාවේ එම නායකත්වයට, ලංකාවේ දේශපාලනය කිරීමේ අයිතියක් නැහැ. අපි ඉතාම සතුටට පත්වෙනවා එහි හිටපු වැදගත් පිරිස් අද වෙනම සංවිධානය වීම ගැන. ඔය පක්ෂේ හදලා තියෙන්නේ කවදාවත් ඔය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එක, පොහොට්ටුව කියන එක හදලා තියෙන්නේ නාමල් රාජපක්ෂ මහත්තයාටත්, ඔහුගේ දරුවන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත් යන්න මිසක් කුසලතාවයක් තියෙන, ඔය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න රමේෂ් පතිරණටවත් ඒ වගේම ශෙහාන් සේමසිංහටවත් කංචන විජේසේකරටවත් ඒ වගේම ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ටවත් අනුරාධ ජයරත්නටවත් ඔය වගේ තරුණ දැනට ඇමතිධූර දරන පිරිස් වලට නෙවෙයි මේක විවෘත කරලා තියෙන්නේ. ඉතින් ඒක ඒ අය අවබෝධ කරගැනීම ගැන අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රාජපක්ෂවරුන්ගේ මේ ග්රහණයෙන් මිදිලා තමන්ගේ පැරණි ප්‍රතිපත්ති අලුත් ප්‍රතිපත්ති බවටත් පත් කරගෙන ඉදිරි ගමනක් යනවා නං අපිත් ඒකට සුභ පතනවා රටේ ප්රජාතන්ත්රවාදය පැත්තෙන්. ප්රශ්නය දැන් අවසාන මොහොතේ ධම්මික පෙරේරා මහත්මයා ඉවත් වුණා. ඒ වෙනුවට නාමල් රාජපක්ෂ මහත්මයාට අවස්ථාවක් ලැබුණා ඉල්ලන්න. ඔබතුමා හිතන්නේ මේක අවසන් මොහොත වෙනකන් වෙයිද? මොකක් වෙයිද තාම? පිළිතුර ධම්මික පෙරේරා මහත්තයාගේ පාඩම මීට කලින් අපි හැමෝමත් ඉගෙන ගත්තා. ඒ කියන්නේ පාවිච්චි කරලා එළියට දාන එක. පොල් කුඩු කරලා එළියට දාන එක. ඕක ඉතින් අපි නම් ඉගෙන ගත්තා 2014. ධම්මික පෙරේරාට 2024 දී බිලියන් ගානක් වියදම් කරලා ඒක ඉගෙන ගන්න වුණා. ඉතින් ඔය පස්සේ යන අනිත් අයටත් අපිට කියන්න තියෙන්නේ ඒගොල්ලන්ටත් ඔය සිද්ධාන්තයම තමයි ඔය පොල්කුඩු සිද්ධාන්තයම තමයි රාජපක්ෂ පවුලෙන් ලැබෙන්නේ. ප්රශ්නය රනිල් වික්‍රමසිංහ මහත්තයා බලාපොරොත්තුවෙන් හිටියනේ අවසාන මොහොත වෙනකන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලැබෙයි කියන කතාව. දැන් මේකත් එක්ක ඒකෙන් යම්කිසි කොටසක් කැඩිලා යයිද? රනිල් වික්‍රමසිංහ මහත්මයට නාමල් රාජපක්ෂ මහත්මයා දැමීම තුළින් යම්කිසි බලපෑමක් වුණාද? පිළිතුර බලපෑමක් වෙයි. ඒත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද වලට බලපෑමක් වෙයි. මං මෙතනදී පොඩි රහසක් කියන්නං. ඔය අරගල සමයේ මාවත් හම්බුවෙන්න ආවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස්. මේ ආණ්ඩුව ගලෝ ගන්න හිටපු බලශක්ති ඇමතිවරයෙක් හැටියට, අත්දැකීම් තියෙන දේශපාලකයෙක් හැටියට මැදිහත් වෙන්න කියලා කිව්වා. මං එතුමන්ලාට පොඩි ජාතක කතාවක් කිව්වා. ඒ ජාතක කතාව තමයි අපි කවුරුත් දන්න තාපසයයි, කොටියයි කතාව. කොටියා උගුලක වැටිලා ඉන්නවා කැලේ අසරණව කෑමක් බීමක් ජලය වතුර නැතුව තාපසයෙක් යනවා බොහොම ප්රබුද්ධ තාපසයෙක් යනවා එතනින්. කොටියා ආයාචනා කරලා කියනවා අනේ තාපසේයාණන් වහන්ස ඔබට පින් සිද්ධ වෙනවා අපිව මේකෙන් ගලවගන්න කියලා. ඉතින් තාපසයා බය වෙනවා කොටියව ගලවගන්න. මොකද කොටියා සතා කවුද කියලා දන්නවා. අනිත් එක බඩගින්නේ ඉන්නේ වතුරත් නැතුව. ඉතින් කෙසේ නමුත් මේ කොටියාගේ ආයාචනය ඉවසා දරා ගන්න බැරුව අවසාන වශයෙන් පරාර්ථකාමිත්වය මත පදනම් වෙලා බොහොම හොඳ චේතනාවක් ඇතුව පදනම් වෙලා කොටියව බේරගන්නවා තාපසයා. මොකද කරන්නේ කොටියා. මට හරි බඩගිනියි කියලා. පළවෙනි පාරම පනිනවා තාපසයාගේ ඇඟ ඇඟට ඔහුව කන්න. අද රනිල් වික්‍රමසිංහ මහත්තයාට වෙලා තියෙන්නෙත් ඒකයි. මම නම් එදාම ඕක අපේ මන්ත්‍රීතුමාලට කිව්වා අපි ඔය ඔය ආණ්ඩුවට ආවනම් අපට වෙන්නෙත් ඕකයි. අපි කලින්ම දන්නවා මේ සත්තු කවුද කියලා.
ලංකාවට ඩොලර් මිලියන 1,180 ක් පසුගිය දින කීපය තුළ ගලාගෙන ඇවිත් යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පුරාජේරු කියා ඇත. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට අයත් වීමට නියමිත ඩොලර් මිලියන 780 හා චීනයෙන් හා බංග්ලාදේශයෙන් ලැබුණු අතමාරු ඩොලර් මිලියන 400 ක් සමඟය. ජුලි මාසය අවසන් වන විට රට සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.8ක් විය. අලුතෙන් ලබාගත් ණය හා අතමාරු සමඟ සංචිත නැවතත් ඩොලර් බිලියන 4.0 සීමාවට ආසන්න වනු ඇත නමුත් මෙම සංචිත කොපමණ කලකට සෑහෙනු ඇතිද? චීනයෙන් ලැබුණු මුදල් කෘත්‍රීම ඉහළ මිලක් ගෙවා ලබාගත් SINOPHARM එන්නත වෙනුවෙන් බොහෝ දුරට වැයවීමට නියමිතය. එමෙන්ම මේ වසරේ තවත් ආසන්නයෙන් ඩොලර් මිලියන 900-1000 ක පමණ විදේශ ණය පියවීමට ද ඇත. ඒ හා සමග රටට අවශ්‍ය ඖෂධ, තෙල්, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි, පොහොර, හා අනෙකුත් අන්තර් හා ආයෝජන භාණ්ඩ ගෙන්වීමටද සංචිත භාවිතා කිරීමට සිදු වනු ඇත. ඒ අනුව සංචිත 2021 අවසාන වීමට පෙර හිදී යාමට නියමිතය. රාජ්‍ය මුල්‍ය බංකොලොත් භාවය, රාජ්‍ය ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව, ආනයන තව දුරටත් කිරීමට ඇති නොහැකියාව අපි දිගින් දිගටටම පෙන්වා දුනිමු. ඒ හා සමග රට තවත් භයානක අනතුරක මුව විටට පැමිණ සිටී. එනම් ශ්‍රී ලංකා මහා බැංකුව බංකොලොත් වීමේ අවදානම සහ වාණිජ බැංකු පද්ධතිය බිද වැටීමේ අවදානමයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ හරහා බැංකු සතු ශුද්ධ විදේශ වත්කම් ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දැඩි ලෙස කඩා වැටීම මීට ආසන්නතම හේතුවයි. විදේශ විනිමය වගකීම් පියවීමට අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය වත්කම් නොමැති විට රටක මහ බැංකුව වුවද බංකොලොත් වීමට හැකියාව ඇත. අපි ප්‍රශ්න කිහිපයක් රටේ පාලකයන්ට ඉදිරි පත් කරමු. ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක් වැනි සොච්චමක් දක්වා අඩු වෙන තෙක් ශ්‍රී ලංකා රජය සහ මහා බැංකුව සිදු කර ඇත්තේ කුමක්ද? පවත්නා අභියෝගයන් සඳහා අවශ්‍ය පියවර නොගෙන තව කොපමණ කලක් රට පවත්වා ගැනීමට රජයට හා මහා බැංකුවට හැකි වනු ඇතිද? විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්‍ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද? මුදල් අච්චු ගැසීම හැර ආර්ථික කළමනාකරණය සඳහා රජයට ඇති වෙනත් ක්‍රමෝපාය මොනවාද? මේ වනවිටත් විදේශ විනිමය සම්පත් වෙනුවෙන් කළු කඩයක් නිර්මාණය වී ඇති අතර ඩොලරය කළු කඩයේ රුපියල් 240-260 ඉක්මවා විකිනෙමින් පවතී. විදේශ වල ඉගෙන ගන්න දරුවන්ට කෑමට බීමට වත් මුදල් යැවීම ප්‍රශ්නයක් වී ඇත. දැඩි හිඟය හමුවේ වාණිජ බැංකු සීමිත ඩොලර් සම්පත් සලාක ක්‍රමයට තමා කැමති ගනුදෙනු කරුවන් අතර බෙදාහරිමින් සිටියි. තෙල් ටෙන්ඩරයට සැපයුම් කරුවන් නොමැත. ඖෂධ, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි ආනයනය කිරීමට මුදල් නැත. මේ තත්වය යටතේ නැවතත් දුප්පත් කමෙන්, බඩ ගින්නෙන්, විරැකියාවෙන් පීඩිත, දර වලින් කෑම උයන, බක්කි කරත්තයෙන් ගමන් බිමන් යන යන, සුළු රෝගී තත්වයකිනුත් ජීවිතය අහිමි වන යුගයක පෙරනිමිති පහළ වෙමින් පවතියි. සරලවම කිවහොත් දශක ගණනාවකට පෙර තිබු ආර්ථික සමතුලිතයකට රට ගමන් කරමින් පවතී. විදේශ මුදල් පමණක් නොව දේශීය මුදල් ගැන බැලුවද ආණ්ඩුව කෙරේ වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටී ඇත. හොඳම උදාහරණය වන්නේ පසුගිය අගෝස්තු 30 වන දා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර දෙක (රුපියල් බිලියන 30 හා 20) සඳහා දේශීය වෙළෙඳපොලේ ප්‍රතිචාරය වූයේ ආණ්ඩුවේ ප්රතිලාභ වලට අනුකූලව රුපියල් බිලියන 04 ක් (8% ක්) පමණක් බවයි ! ඉතිරි බිලියන 46 (92%)සඳහා සල්ලි අච්චු ගැසීමට ඇතැම්විට ආණ්ඩුවට සිදුවනු ඇත. පුරාජේරු. වගාඩම්බර වලින් ප්රශ්නය විසඳිය නොහැක. එක ණය වාරිකයක් ගෙවා සියලුම ණය ගෙවූ විලාසයෙන් හැසිරීම, අපට ජාත්‍යන්තරය අවශ්‍ය නැත වැනි උද්දච්ච ප්‍රකාශ කිරීම, ප්රශ්නය ඉදිරිපත් කරන පණිවිඩ කරුවා උසුළු විසුළුවට ලක් කිරීම, මීට වඩා සංචිත අඩු වූ අවස්ථා තිබුණා යයි ප්රශ්නය ලඝු කොට තැකීම වැනි දෙයින් කිසිම සෙතක් නොවනු ඇත. ප්රශ්නය විසඳීමට හැකි වනුයේ ප්‍රශ්නයක් ඇති බව තේරුම් ගැනීම, ප්‍රශ්නයක් ඇති බව පිළි ගැනීමට ඇති අවංක භාවය, ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති උවමනාව සහ ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති මාර්ග සෙවීමෙන් පමණි. ආණ්ඩුව කෝවිඩ් වසංගතයෙන් රට වැනසූ අවිද්‍යාත්මක ක්‍රමයට, අවිද්‍යාත්මක මූල්‍ය කළමනාකරණයෙන් ද රට වනසමින් ඇත. විද්‍යාත්මක වසංගත පාලනයකට හා විද්‍යාත්මක මූල්‍ය කළමනාකාරීත්වයකට කාලය එළඹ තිබේ.
කෝවිඩ් අගුළුලෑමත් සමඟ Netflix වෙතින් මෙක්සිකානු චිත්‍රපටයක් නැරඹූවෙමි. එහි ඉංග්‍රීසි නාමය ‘Perfect Dictator’ වේ. ජාවාරම්කාර ගජ මිතුරකුගෙන් අල්ලසක් ගැනීම වීඩියෝවක පටිගතවීම නිසා දේශපාලනිකව අසරණ වී සිරගෙට යා යුතු වූ මෙක්සිකෝවේ පළාත් ආණ්ඩුකාරවරයෙක්, මාධ්‍ය මෙහෙයුමක් මඟින් රටේ ජනාධිපතිධුරය දක්වා ගමන් කිරීම එහි තේමාවයි. රාජ්‍ය ධනය කොල්ලකෑම, ඝාතන, හමුදා බලය අයථා ලෙස යොදාගැනීම, කුමන්ත්‍රණ, යුක්තිය ඉල්ලන පුද්ගලයින්ගේ චරිත ඝාතන, මාධ්‍ය ලෝකය - මාධ්‍යවේදීන් හා රාජ්‍ය ධනය කොල්ලය අතර ඇති සබැඳියාව මෙයින් මනාව පෙන්වා දී ඇත. මෙය නරඹන ඔබට ලංකාවේ එයට බොහෝ සමීප චරිත බොහොමයක් හමුවනු ඇත. අප ජීවත් වන්නේ සත්‍ය හා බුද්ධිය යටපත් වූ, බුද්ධිය මෙන්ම හදවත ද මාධ්‍ය මෙහෙයුම් මඟින් සොරාගත් යුගයක බව ඔබට එවිට වැටහෙනු ඇත. කතෝලික පල්ලියේ නායක පූජක උතුමන් නැවත නැවතත් ‘පාස්කු ප්‍රහාරය’ පිළිබඳ යුක්තිය ඉල්ලා අරගල කරමින් ඇත. පාස්කු ප්‍රහාරය දේශපාලන බලයක් අල්ලාගැනීම සඳහා කළ ජනඝාතක මාධ්‍ය මෙහෙයුමක් බව දැන් පල්ලියේ නායක පූජක උතුමන්ටද ප්‍රකාශ කිරීමට සිදුව ඇත. මේ ජනාධිපතිවරයා හා මේ ආණ්ඩුව බලයට ආවේම සිංහල බුද්ධිය හා හදවත සොරාගෙන පාස්කු මහමොළකරුවන් අල්ලන බවට වූ රණවිරු ගී උත්කර්ෂයන් මතය. පසුගිය වසර දෙකක කාලය තුළ එකදු නව වැදගත් සැකකරුවෙකු හෝ අල්ලා ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇත. එමෙන්ම පාස්කු ප්‍රහාරකයින් හා ඔවුන්ගේ මුල් ආගමික කන්ඩායම වූ ‘තවුහිද් ජමාත්’ ව්‍යාපාරය සමඟ බුද්ධි අංශ වල තිබූ සබැඳියාව නම් තව තවත් පැහැදිළිවෙමින් තිබේ. පාස්කු ප්‍රහාරයේ ඇතුළත කතාව යටගැසීමට ආණ්ඩුවට උවමනාවක් ඇති බව කතෝලික පල්ලියේ පූජකතුමන්ලා කියන්නේ ඒ අනුව විය යුතුය. මේ පිළිබඳව දීර්ඝ ප්‍රකාශයක් මවිසින් පාස්කු කොමිසමට ලබාදෙන ලදි. 1980 ගණන්වල සිට ඇතැම් අන්තවාදීන්ට රැකවරණය ලැබුණු හැටි, 1990 න් පසු අවි ලැබුණු හැටි, 2010 න් පසු නීති විරෝධී අවි ගබඩා හා අවි පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය ආකාරය, තවුහිද් ජමාත් හා සහරාන්ට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හා ඇතැම් දේශපාලන නායකයින් සමඟ තිබූ සබඳතා මා පමණක් නොව තවත් බොහෝ අය විසින් ද හෙළිදරව් කර ඇත. එහෙත් පාස්කු කොමිසමේ වෙළුම් 22 ක් තවමත් රහසිගත වන අතර වාර්තා කර ඇති තොරතුරුද අසම්පූර්ණ වාර්තාකරණයකි. රට දැන් පාස්කු ප්‍රහාරය මෙන් සියගුණයකට වඩා විශාල වසංගත උවදුරකට අපරාධමය නොසැලකිල්ල නිසා ගොදුරු වෙමින් ඇත. විටින් විට පාස්කු ප්‍රහාරයේ වගවීම් ලෙස වසංගත අපරාධය වසං කිරීමට අනුවේදනීය සිදුවීම් මාධ්‍ය මෙහෙයුම්කරුවන් විසින් යොදාගනිමින් ඇත. මේ මාධ්‍ය මෙහෙයුමට යටින් සිදුවිය හැකි තවත් බරපතල ව්‍යසනයක් පවතින බව අප මතක තබාගත යුතුය. එය නම්, තලිබාන්වරු දකුණු ආසියාවේ බලවත්ම යුධ උපකරණ සහිත ‘ඉස්ලාමීය රාජ්‍යයක්’ යුධජයග්රහණයකින් පිහිටුවා ඇති බවය. 2012-14 කාලයේ සහරාන් ප්රමුඛ පාස්කු ප්‍රහාරකයින් උත්කර්ෂයට පත්වූයේ ISIS ස්වයං කලිපාතය (caliphate) හොහොත් ඉස්ලාමීය රාජ්‍යයක් ඉරාකයේ හා සිරියාවේ සීග්‍ර යුධජයග්රහණයකින් බිහිකළ නිසාය. එවැන්නක් නැවත සිදු නොවෙතැයි කිසිවෙකුට කිව නොහැක. ලංකාවේ අද පවතින අරාජික රාජ්‍යය, මාධ්‍ය මෙහෙයුම් විසින් අවුළුවා ඇති ආගමික සංවේදීතා හා විදේශීය බලවේගවල ලංකාව ගැන වූ අසහනය ආදිය විසින් තවත් ව්‍යසනයක් ඇතිවීමට ඉඩක් නැතුවා නොවේ. විරෝධතා පානා ගුරුවරුන්, සිසුන් හා සමාජ මාධ්‍ය සටහන් තබනා වෙද, හෙද කාර්ය මණ්ඩල හා සිය ඇත්ත දේශපාලන විරුද්ධවාදීන්ගේ කාර්ය මණ්ඩල පසුපස 24x7 ලුහුබැඳ යන ගෙස්ටාගෝ පන්නයේ ඇතැම් ආරක්ෂක අංශවල ක්‍රියාකාරීත්වය ද ජාතික ආරක්ෂාවට ඇති සත්‍ය තර්ජනය නොතකා ඇති බව පැහැදිළිය. ශ්‍රී ලංකාව පා තබමින් සිටින්නේ වසංගත, සාගත හා මූල්‍ය අර්බුද පිපුරුම් සහිත බිම්බෝම්බ අඩවියක පමණක් නොවන බව අප නැවතත් සිහි තබාගත යුතුය.
කොවිඩ් උවදුර නිසා නිල වශයෙන් ආසාදිත වූවන් ගණන මේ වනවිට ලක්ෂ 10 ඉක්මවා ගොස් ඇත. එය ලක්ෂ 5 සීමාවට ඒමට මාස 6 ක් ගතවිය. එය දෙගුණ වීමට ගතවූයේ සතියකි! කෙසේ වෙතත් මෙයින් අප මුලාවට පත්විය යුතු නැත. මන්ද නිසි පරීක්ෂාවට (PCR) ලක් නොවූ, එහෙත් රෝගය ආසාදිත වූ මිලියන ගණනක් ලොව පුරා සැඟව සිටිය හැකි බැවිනි. සුභදායී ප්‍රවෘත්තිය නම් කොවිඩ් නිසා පනස් දහසක් මියයන විට එමෙන් සිව් ගුණයක් එනම් ලක්ෂ දෙකක් රෝගය වැළඳී සුවය ලබා ඇති බවය. පසුගිය මාර්තු 10 වැනිදා කොවිඩ් ගෝලීය මාරාන්තික වසංගතයක් (Pandemic) බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේය. මේ වසංගතය පිළිබඳ විශේෂඥ වූ ටෝමස් පූයෝ (Tomas Pueyo) මාර්තු 11 වැනිදා කොවිඩ් මර්දනය පිළිබඳව වහා කළයුතු සිද්ධාන්තයක් ලෙස හැමර් ඇන්ඩ් ඩාන්ස් ඉදිරිපත් කළේය. මේ වනවිට ලංකාව සිටියේ එක් රෝගියෙකු හඳුනාගෙන ඇති තත්වයකය. එය බරපත තත්වයක් බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළද බලධාරීන් එසේ නොසිතූහ. එක්සත් ජනපදය ක්‍රියාකළේ රෝගය පාලනයට සිය දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රමාණවත් බවත්, රට වසා දැමීම අවශ්‍ය නොවන බවත් කියමිනි. ඉතාලිය හා ස්පාඤ්ඤය රෝගයට ගොදුරු වෙමින් සිටියේය. බ්‍රිතාන්‍ය අනුගමනය කළේ රෝගය පැමිණියද තම රටේ ජනයාගේ විශිෂ්ට සෞඛ්‍ය සේවාව (NHS) හා නිරෝගී සෞඛ්‍ය තත්වය විසින් සාමූහික ප්‍රතිශක්තියක් (Herd Immunity) ඇතිවී සිය රට සති කිහිපයක් තුළ සුළු මරණ අනුපාතයකින් අර්බුදය ජය ගන්නා බව කියමිනි. රුසියාව සිය රාජ්‍ය යාන්ත්‍රණය මුවහත් කරමින් සිටියේය. ස්වීඩනය තවමත් රට වසා දමා නැත. මෙයට සූදානම් වූයේ සිංගප්පූරුව, තායිවානය, හොංකොං වැනි ආසියානු රටවල් කිහිපයක් පමණි. එවන් තත්වයක් තුළ තෝමස් පූයෝ නිවැරදි ලෙස රෝගයේ ඝාතීය වර්ධනය පෙන්වා දුන්නේය. යම් යම් රටවල සෞඛ්‍ය පහසුකම් තත්වය (රෝහල්වල ඇඳන් කීයක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ හැකිද? වෙන්ටිලේටර් කීයක් කොවිඩ් සඳහා සූදානම්ද? ICU ඒකක කීයක් තිබේද? සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා උපකරණවල ප්‍රමාණය ආදී) ඉක්මවා රෝගය ව්‍යාප්ත වුවහොත් ජනතාව පාරවල් වල මිය යන තත්වයක් ඇතිවේ යැයි විශේෂඥයින්ගේ මතය විය. කොවිඩ් වක්‍රයට මිටි පහරක් දිය යුතු බව තෝමස් පූයෝ යෝිජනා කළේ එවන් තත්වයක් තුළය. (රූප සටහන බලන්න) හැමර් ඇන්ඩ් ඩාන්ස් අනුව රෝගය මර්ධනය සඳහා ගතයුතු පියවර 10 කි. 01. Ro<1, - එනම් එක් රෝගියෙකුගෙන් රෝගය බෝවෙන පුද්ගලයින් ප්‍රමාණය එකකට වඩා අඩුකළ යුතුය. (දැන් මෙය 2.6 කි) 02. සමාජ දුරස්ථභාවය 80% කට වැඩියෙන් තබාගත යුතුය - රටවල් වසා දැමීමෙන්, පුද්ගලයින් නිවසට සීමා කිරීමෙන් හා අවසාන ලෙස ඇඳිරි නීතිය ආදිය පැනවීමෙන් බලාපොරොත්තු වන්නේ එයයි. 03. නගර අතර, ජනාවාස අතර සංක්‍රමණය අවම කිරීම - ඇතැම් ගම්මාන, ජනාවාස හුදකලා කිරීම පවා අවශ්‍ය වන්නේ මේ නිසාය. 04. ස්ථිර ආසාදිතයන් තරයේ හුදෙකලා කිරීම - කොවිඩ් ආසාදිතයන් වෙනම රෝහල් හෝ වාට්ටුවල ප්‍රතිකාර කරවීම මෙයින් අදහස් වේ. 05. ස්පර්ෂකයින් 80% ක් සොයා ගැනීම - එක් රෝග වාහකයෙක් සොයා ගත්විට ඔහුගේ සබඳතා ජාලය සොයා ගැනීම. උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණය අනුව මාර්තු 30 වැනිදා සිටියේ රෝගීන් 34 ක් වුවත්, ස්පර්ෂකයින් 1800 කට වඩා සිටි බව තහවුරු වීම. සති දෙකකට කලින් වෛද්‍ය පාදෙනිය මහතා ප්‍රකාශ කළේ රටේ 18,000 කට වඩා ස්පර්ෂකයින් සිටින බවය. 06. නිවැරදි විද්‍යානුකූල පරීක්ෂාව - අප්‍රියෙල් 01 දා වනවිට ශ්‍රී ලංකාව පරීක්ෂණ 3007 ක් සිදුකර රෝගීන් 148 ක් හඳුනාගෙන තිබිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ Test, Test, Test කියාය. එනම් හැකිතාක් PCR පරීක්ෂණ සිදු කරන්නැයි කියාය. මේ පිළිබඳව ජාන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වජිර දිසානායක මහතා කළ ප්‍රකාශය ඉතා වැදගත්ය. එනම්, ශ්‍රී ලංකාව ඉතාම අඩුවෙන් PCR පරීක්ෂණ සිදුකර ඇති බවය. මාර්තු 26 වැනිදා වනවිට ලෝකයේ PCR පරීක්ෂණ තත්වයන් අනුව ජනගහණයෙන් දශ ලක්ෂයකට, • දකුණු කොරියාව - 7068 • ජර්මනිය - 5826 • එක්සත් ජනපදය - 1651 • එක්සත් රාජධානිය - 1577 • තායිවානය - 1211 • හොංකොං - 707 • මලයාසියාව - 539 • වියට්නාමය - 334 • ශ්‍රී ලංකාව - 87 • ඉන්දියාව - 20 • ඉන්දුනීසියාව - 15 (source - daily mirror) ලෙස විය. ශ්‍රී ලංකාව සිටින්නේ පසුපසිනි. එයට හේතුව පැහැදිලි කරදීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමය. විශේෂයෙන් කොවිඩ් රෝගීන් 20% කට පමණ සාමාන්‍ය හෙම්බිරිස්සාවකින් ඔබ්බට රෝග ලක්ෂණ පහල නොවන නිසා දැඩි ලෙස රෝග ලක්ෂණ පෙන්වූ අය පමණක් PCR පරීක්ෂාවට යැවීම නුවණට හුරු නැත. අනෙක් අතින් මේ සඳහා පරීක්ෂණාගාර, Testing Kit හා පරීක්ෂකයින්ද අවශ්‍ය වේ. ඒවා ප්‍රමාණවත්ව ඉදිරි සතිය තුළ සකස් කරගෙන අඩු තරමින් දිනකට පරීක්ෂාවන් 2000 ක් වත් සිදුකර සියළු ස්පර්ෂකයින් ආසාදිතයින්ද නැද්ද යන්න තහවුරු කර ගැනීම ඉතා වැදගත්ය. මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සිය අවධානය යොමුකර තිබේ. 07. පොදු ස්ථානවල ගැවසීම පාලනය කිරීම - පාසල්, සිනමා ශාලා, උත්සව ශාලා, ආගමික ස්ථාන යනාදිය මෙයට ඇතුළත්ය. කොරියාව, ඉන්දියාව, එක්සත් ජනපදය, ඉරානය හා ශ්‍රී ලංකාවේ කොවිඩ් පැතිර යෑමට එක් හේතුවක් වී ඇත්තේ විවිධ ආගමික කණ්ඩායම් සාමූහිකව යාඥා මගින් කොවිඩ් ජය ගැනීමට යෑමත් ආගමික සමුළු පැවැත්වීමත්ය. ආගම ඇදහීම ඉලෙක්ට්‍රොනික ලෙස හෝ පුද්ගලිකව සිදුකර ගැනීම කාගේත් කයට මෙන්ම සිතටද සුවදායකය. එමෙන්ම, මෙවැනි වසංගත වලදී ආගම්වල වසර දහස් ගණනකට පෙර යෝජනා කර ඇති ඇතැම් වතාවත් සිදුකළ නොහැකි බවද අප අවබෝධ කරගත යුතුය. 08. මනා ප්‍රතිකාරය - කොවිඩ් වැළඳුනු අයගෙන් 80% කටම මතු වන්නේ සාමාන්‍ය උණ, හෙම්බිරිස්සා තත්වයක් බව විශේෂඥ මතයයි. 20% කට බරපතල රෝග ලක්ෂණ මතුවේ. එයිනුත් 5% කට අසාධ්‍ය රෝගී තත්වයක් ඇතිවේ. තමන් වෙනත් බරපතල රෝග තත්වයන්ගෙන් පෙළුනේ නම් හෝ තමන්ගේ ප්‍රතිශක්තිය දුර්වල නම් (වයස්ගත නම්) අසාධ්‍ය තත්වය මරණය කරා යයි. මෙය සරළව කිවහොත් මෙලෙසය. රටක රෝහල්වල ඇඳන් ලක්ෂයක් ඇත්නම්, එයින් 10,000 ක් කොවිඩ් සඳහා වෙන්කළ හැකි නම් ඒ රටේ හඳුනාගත් රෝගීීන් 50,000 ක් දක්වා සිටියද වෛද්‍ය පහසුකම් පවතී. වැදගත්ම දෙය නම්, ඒ රටේ වෙන්ටිලේටර් හෝ ICU පහසුකම, වෙනත් රෝගීීන්ටද ලබාදීමෙන් පසු අඩු තරමින් 2500 ක් (5%) තිබිය යුතුය. මේ සීීමාවන් ඉක්මවා ගිය කල මරණ සීග්‍රයෙන් සිදුවේ. දියුණු යැයි අප සිතා සිටි ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, එක්සත් ජනපදය, ආදියේ සිදුවෙමින් පවතින්නේ ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් ධාරිතාවය ඉක්මවා රෝගීන් පැමිණීමේ අර්බුදයයි. (ලංකාවේ රෝහල්වල ඇඳන් 90,000 ක්ද, වෙන්ටිලේටර් 830 ක්ද, ICU ඒකක 542 ක්ද තිබෙන බව වාර්තාවේ. මෙයින් කොපමණ ප්‍රතිශතයක් කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ හැකිද යන්න සෞඛ්‍ය බලධාරීන් තීරණය කළ යුතුය. මන්ද, තවත් රෝගීන්ද එකී පහසුකම් ඉල්ලා සිටින නිසාය.) මෙහිදී වෛද්‍ය කාර්ය මණ්ඩල වලට අවශ්‍ය උපකරණ හා ආරක්ෂාව අත්‍යාවශ්‍යයයි. ඇතැම් රෝගීන්ගේ මුග්ධ ක්‍රියාකාරකම් නිසා රෝහල් කාර්ය මණ්ඩල පිටින්ම නිරෝධායනයට යොමු කිරීමට සිදුව තිබේ. කොවිඩ් සඳහා තවමත් නිසි ඖෂධයක් සොයාගෙන නැත. ඝර්ම කලාපීය ශ්‍රී ලංකාව වැනි රටවල වෛරස් රෝග වසරකට කිහිප වතාවක් පැතිර යන අතර, වසර දහස් ගණනක සිට යොදාගත් හුමාලය ඇල්ලීම, කොත්තමල්ලි පානය වැනි සාමාන්‍ය ප්රතිකර්මයන්ද පවතී. ඒවායින් යම් ප්‍රතිකර්මයක් සිදුවන බව බටහිර විශේෂඥයින්ද ප්‍රකාශ කර ඇත. 09. වරායන්, ගුවන් තොටුපල වසා දැමීම - අපි දූපත් රාජ්‍යයකි. අපට පිටින් පුද්ගලයින් පැමිණෙන මූලිකම ස්ථානය ගුවන් තොටුපලයි. එය මුලදීම (මාර්තු 01) වසා දැම්මා නම් බොහෝ දුරට කොවිඩ් ලංකාවට වැළඳීමට ඉඩ තිබුනේ නැත. එය පසුව හෝ වසා දැමීම සුදුසු ක්රියාමාර්ගයකි. වරාය සහමුලින් වසා දැමිය නොහැක්කේ ආහාර හා ඖෂධ රටට ගෙන ඒම අත්‍යාවශය නිසාය. 10. ප්‍රතිශක්තියක් නිපදවීම - පර්යේෂණ සාර්ථක වුවහොත් ඇතැම්විට කොවිඩ්-19 වෛරසයට ප්‍රතිශක්තියක් බිහිවනු ඇත. ඇතැම් විට වෛරසය ස්වයංව වෙනස්වනු (Mutation) ඇත. ඇතැම්විට අපගේ ප්‍රතිශක්තිය මෙයට ඔරොත්තු දෙන ලෙස වර්ධනය වනු ඇත. බටහිර හෝ ශීත රටවලට වඩා කොවිඩ් වලට ඔරොත්තු දිය හැකි කායික බලය ඇත්තේ ඝර්ම කලාපීය රටවල බැව් විශ්වාස කරමි.