කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳව මගේ පැරණි ශිෂ්‍යයෙකු පසුගියදා දුරකථනයෙන් මගෙන් තොරතුරු විමසා සිටියා. ඔහු ඇසුවේ "ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳව සංඛ්‍යානමය ගණිත මාදිලියක් නැද්ද? අනාගත පුරෝකථනයක් නැද්ද?" යන්නයි. ඒ ගැන මා නොදැන සිටියෙමි. කෙසේ වෙතත්, මට එක්වරම අතීත කරුණු දෙකක් සිහිපත් වුණි. එකක් නම් 90 දශකයේදී මහාචාර්ය අර්ජුණ සොයිසා මහතා ලංකාවේ මැලේරියා ව්‍යාප්තිය පිළිබඳව ගණිත මාදිලියක් හා පූරෝකථන ක්‍රියාදාමයක් ඇතිකළ බවය. මගේ මතකය නිවැරදි නම් ඒ සඳහා ඔහුට ආචාර්ය උපාධියක්ද හිමිවිය. එතුමාගේ උපදේශකවරයා වූයේ මහාචාර්ය කාමිණී මෙන්ඩිස් ය. එකල විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ගණිත අංශයේ සේවය කළ මා සහ පුබුදු ඒ සඳහා විවිධ ඇසුරින් සහාය වූ බවද මතකය. දෙවැන්න නම්, 2018 වසරේදී "Contagion" නමින් මෙවැනි වසංගත ව්‍යාප්තියක් පිළිබඳව ගණිත මාදිලියක් හා මොබයිල් ඇප් එකක් ගැන BBC සේවය ප්‍රචාරය කළ බවය. (එය අන්තර්ජාලයේ ඇත). ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල සංඛ්‍යාන අංශය හා වෛද්‍ය විශේෂඥයින් එක්වී විධිමත් දත්ත එකතුවක් ඇති කළහොත් කොවිඩ්-19 පිළිබඳ ගණිත මාදිලියක් තැනීම හා අනාගත පුරෝකථනයන් කිරීම අපහසු නැත. දැනටමත් එවැන්නක් කර ඇතිදැයි නොදනිමි. එහිදී පහත සඳහන් කරුණු වැදගත් වනු ඇත. 01. කොවිඩ්-19 ව්‍යාප්තිය ඝාතීය වර්ධන තත්වය (Exponential Growth) දක්වා වර්ධනය වී ඇත්ද? ඝාතීය වර්ධනය හා රේඛීය වර්ධනය (Linear Growth) වෙන්කර හඳුනාගත යුතුය. පැරණි කතාවකට අනුව විලක සහමුලින් පිරී ඇති නෙලුම් කා දමන යක්ෂයෙක් අද දින එක් නෙලුමක්, හෙට දින නෙලුම් දෙකක්, අනිද්දා නෙලුම් 4 ක් ලෙස ගුණාකාර ක්‍රමයට නෙලුම් කා දමයි නම් එතැන ඝාතීය වර්ධනයක් (නෙලුම් විනාශ කිරීමේ) ඇත. ඉතින්, දින 29 කට පසු විලේ නෙලුම්වලින් අඩක් විනාශ වී ඇත්නම් එහි තේරුම කුමක්ද? රේඛීය වර්ධනය ගැන සිතන අය තවත් දින 29 ක් ඇති බව කියති. (ලංකාවේ බලධාරීන් කොවිඩ්-19 ගැන සිතුවේද එලෙසය) නමුත්, සත්‍ය ලෙසට මුළු විලේම නෙලුම් විනාශ වීමට ඇත්තේ එක් දිනක් පමණි. ඝාතීය වර්ධනයේ ස්වරූපය එයයි. එහෙයින් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය ඝාතීය ලෙස වර්ධනය වේද යන්න ප්රත්යක්ෂ කර ගැනීම අත්‍යාවශ්‍ය ය. ලෝකයේ බොහෝ රටවල රෝගය ව්‍යාප්ත වී ඇත්තේ ඝාතීය ලෙසිනි. 02. විධිමත් දත්ත අවශ්‍යය. එනම්, රෝගී බවට සැක කරන අයගෙන් කී දෙනෙක් දිනකට ආසාදිත පරීක්ෂාවට (PCR) ලක්වේද? (ශ්‍රී ලංකාවේ මෙය 150-200 අතර බැව් හිතවත් වෛද්‍යවරයෙකු පැවසීය. කොරියාවේ මෙය දිනකට 20,000 කි! මේ වනතෙක් ලංකවේ PCR පරීක්ෂණයට ලක්වූ පිරිස 2000 කට ආසන්න බව තොරතුරු වාර්තාවේ. ඒ අය අතුරින් ආසාදිත පිරිස කොපමණද? (අද දින වනවිට එය 100 ඉක්මවා ඇත) එනම් 2000 කට 100 ක් හෙවත් 5% කි. අසාදිත වී ඇති, එහෙත් හඳුනා නොගත් පිරිස තව කොපමණ ඇතිද? චීනයේ නම් එය රෝගයේ මුල් අවධියේ 1:15 අනුපාතයෙන් සිදුවිය) ලංකවේ ඒ පිළිබඳ දත්ත නොදනිමි. අසාදිතයන් සමීපව ඇසුරු කළ පිරිස කොපමණද? (Contact), චීනයේ නම්, එක් ආසාදිත රෝගියෙක් වෙතින් විවෘත සමාජ තත්වයකදී (Lock Down / Shut Down නැති) දින 6 ක් තුළ 3500 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත. වෛද්‍ය පාදෙනිය මහතාට අනුව ලංකාවේ මෙම පිරිස 18,000 කට ආසන්නය. කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිත දත්ත අවශ්‍යය. 03. ආසාදිත අය අතරින් කී දෙනෙක් අසාධ්‍ය තත්වයේ සිටීද? (එක්සත් ජනපදයේ නම් එය 20% කි. ලංකාවේ දෙදෙනෙකි) මොවුන් අතුරෙන් කී දෙනෙකුට Ventilators සැපයිය හැකිද? වෙනත් අසාධ්‍ය රෝගීීන් (පිළිකා, හෘද, වකුගඩු රෝග ආදිය) හා කොවිඩ්-19 අසාධ්‍ය වූවන් අතුරෙන් මේ සුවිශේෂී පහසුකම ලබාදීමේ හැකියාව කෙබඳුද? (ලංකාවේ ICU ඇඳන් ඇත්තේ 492 ක් බව දැනගන්නට ඇත). 04. අසාධ්‍ය නැති එහෙත් ආසාදිතයන්ගෙන් කවර ප්‍රමාණයකට රෝහල්වල ඇඳන් හෝ වෙනත් පහසුකම් තිබේද? අනාගතයේ පූරෝකථනය කරන අගයට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් පවතීද? (වෛද්‍ය පාදෙණිය මහතා ප්‍රකාශ කරන 18,000 ක පිරිසට මෙය ආසාදිත වුවහොත් එයට පහසුකම් සැපයිය හැකිවේද?) 05. පෙබරවාරි මස සිට රෝගය ව්‍යාප්ත වූ රටවලින් ලංකාවට පැමිණ දැනට ලංකාවේ ජීවත්වන පිරිස කොපමණද? ඔවුනතරින් කවර පිරිසක් නිවෙස්වල නිරෝධායනය වේද? කවර ප්‍රතිශතයක් රෝහල් කරා පැමිණ තිබේද? (දැනට පොලීසියේ ලියාපදිංචි වී ඇති පිරිස 1000 කට අඩු බව කියැවේ. නමුත් යථාර්තයක් ලෙස එය ඊට වඩා වැඩි අගයක් ගනුඇත) කවර පිරිසක් තොරතුරු සඟවා සමාජයේ හැසිරෙමින් සිටීද? 06. සම්පූර්ණ සුවය ලබන හා මරණයට පත්වන ප්‍රතිශතය කවරක්ද? (ඉතාලියේ මරණ අනුපාතය 9% කි. එයට හේතුව ආසාදිත හා අසාධ්‍ය ප්‍රමාණය සෞඛ්‍ය පහසුකම් ඉක්මවා යෑමය. තායිවානයේ හා කොරියාවේ මෙය 0.1% කි. එයට හේතුව කලින්ම පූරෝකථනය කර කලින්ම පියවර ගැනීමය) වාසනාවකට ලංකාවේ මෙතෙක් මරණ වාර්තා වී නැත. දැනට අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකි. දකුණු ආසියාවේ මරණ අනුපාතය ඉතා අඩු මට්ටමක පවතී. එය ඔවුනගේ ජාන ක්‍රියාවලියේ විශේෂත්වයක්ද, පවතින අධික උණුසුම දැයි නොදනී. නැත්නම් අප්‍රකාශිතවම රෝගීන් මිය යනවාද විය හැකිය. 07. මාර්තු 15 සිට 30 දක්වා බලධාරීන් පවත්වාගෙන යන අර්ධමය Lock Down / Shut Down තත්වයන් පවත්වාගෙන යාමේදී මතුවන සම්පත් හා මූල්‍ය සැපයුම්වල ප්‍රමාණයන් කවරේද? (ආහාර හා ඖෂධ හිඟකමින් දැනටමත් ජනයා අසහනයටත්, කෝපයටත් පත්ව ඇති අතර ඉදිරි සැලසුම වහාම ඉදිරිපත් කර රට දැනුවත් කළ යුතුව ඇත). බස්නාහිර පලාතේ පමණක් ලක්ෂ 60 කට අධික පිරිසක් ජීවත් වන අතර, ඔවුනගේ දෛනික ආහාර හා ඖෂධ අවශ්‍යථා සැපිරීමට රජය හා පුද්ගලික අංශ අසමත් බව පසුගියදා ඇඳිරි නීතිය ලිහිල් කළ කාල සීමාවේ ඇතිවූ අර්බුද හමුවේ පැහැදිලිවේ. එසේම, මෙවන් මොහොතක, සිය ඇමති ධූර භාවිතා කරමින් ආහාර බෙදාදීම වැනි බාල දේශපාලන වාසි ලබාගැනීමට යාමද ජනතාවගේ පිළිකුලට හේතුවී තිබේ. කොවිඩ්-19 වසංගතය මැඩලීමට එය මැඩලන විශේෂඥ කාර්යසාධන බලකායට නිවැරදි දත්ත, මාදිලි හා පූරෝකථන අවශ්‍ය වේ. අනාගත පියවර සැළසුම් කිරීමට එය අත්‍යාවශ්‍යය. හුදු ඇඳිරි නීතිය දමා සමජ සබඳතා අත්හිටුවීමෙන් පමණක් මෙය විසඳිය නොහැක්කේ දැනටමත් වෛරසය සමාජගත වී ඇති නිසාය.
කොවිඩ් 19 වසංගතය ගෝලීයකරණය වී හමාරය. වසංගතයෙන් දරුණුවටම බැට කෑ රටවල සමාජ, ආර්ථික හා දේශපාලනික ක්‍රමවේද හා ව්‍යුහයන් අභියෝගයට ලක්වී බිඳවැටී ඇත. දෙවන යුරෝපා (ලෝක) යුද්ධයෙන් පසු ලොවේ ඇතිවූවා වැනි සමාජ ආර්ථික හා දේශපාලනික ව්‍යුහාත්මක වෙනසක් මේ වසංගතයෙන් පසුව ඇතිවේවිද? අද ලෝකයේ දාර්ශනිකයන්ගේ සාකච්ඡාව එවැන්නකි. නමුත්, මේ මොහොතේ අපට වඩාත් වැදගත් කරුණ නම් වසංගතය කෙළවර වන්නේ කෙසේද යන්නය. ක්‍රම 3 කට මෙය කෙළවර වන බව විශේෂඥ මතයයි. පළමු ක්‍රමය අනුව වසංගතය කෙලවර වන්නේ රටවල් වසාදමා සියලු සේවා ස්ථාන නිරෝධායනය කර, ඒ ඒ රටවල සෞඛ්‍ය පහසුකම්වලට, බිහිවන නවක රෝගීන් (සුව වෙන රෝගීන් ප්‍රමාණයට වඩා අඩුවෙන් බිහිවී) භාරගත හැකි හැකි තත්වයක් ඇතිවීමෙනි. එය දැනටමත් සිංගප්පූරුව, තායිවානය, හොංකොං හා පසුව කොරියාව විසින් ලබාගෙන ඇත. දෙවැනි ක්‍රමය නම් අඩු තරමින් රෝග ලක්ෂණ වලට ඖෂධයක් සොයා ගැනීමය. යම් සාර්ථකත්වයක් එක්සත් ජනපදය විසින් අත්හදා බැලූ ඖෂධ වලට ඇති බව වාර්තා වී ඇත. මෙවැනිම වාර්තා චීනයෙන්, ජපානයෙන් හා ජර්මනියෙන්ද ලැබී ඇත. අවසාන විසඳුමක් සඳහා ප්‍රතිශක්තීකරණ එන්නතක් නිපදවිය යුතුය. එය එසේ නොවුනහොත් ඒඩ්ස් වෛරසය මෙන් ඇතැම්විට කොවිඩ් 19 සමග අපට තව වසර ගණනක් ජීවත් වීමට සිදුවිය හැකිය. තුන්වැනි මාර්ගය වන්නේ කොවිඩ් 19 ට ඔරොත්තු දිය හැකි ලෙස අපගේ සිරුරුවල ප්රතිශක්තීකරණය වැඩිකර ගැනීමය. (එයට ඇති හේතු සාධක සහ පර්යේෂණ සිදුවේ) නොඑසේනම්, වෛරසය මිනිස් මරණ සිදු නොකරන ලෙස වෙනස්වීම හෝ වෙනස් කිරීමය. (ඒඩ්ස් රෝගය සඳහාද මෙය සිදුවිය. මන්ද වාහකයාගේ මරණය සමග වෛරසයද මිය යන නිසා වෛරසය ස්වයංව වෙනස් වීමෙනි.) මේ කවර ක්‍රමයකට හෝ කොවිඩ් 19 වසංගතය මැඩලීමට අඩුම තරමින් තව සති කිහිපයක් හෝ මාස කිහිපයක් අවශ්‍ය වේ. එතෙක්, එය අපට මෙන්ම, ලෝකයටම වද දෙනු ඇත්තේය. තාක්ෂණයේ සීමා කොවිඩ් 19 වසංගතයෙන් සිදුවූ පළමු දෙය නම් තාක්ෂණයට සියල්ල සහමුලින්ම ජයගත නොහැකි බවය. සුහුරු තාක්ෂණ ලෝකය විසින් වැඩි වශයෙන් ලෝකය සමීප කර සම්බන්ධ කළද, පරිගණක වෛරසයක් මෙන් මානව ශරීරය නසන වෛරසයකට පහසු තාක්ෂණ විසඳුම් නැති බව විද්‍යාත්මක ලෝකය පෙන්වා දී හමාරය. වෙළඳ ආර්ථිකයේ සීමා නූතනවාදයේ මුල් පදනම වූයේ වෙළඳ වාණිජවාදය විසින් ආර්ථික වර්ධනය ළඟාකර ගත හැකි බවයි. එය පසුගිය සියවස් තුනක පමණ කාලය තුළ විවිධ බිඳවැටීම් මැද අඛණ්ඩව සිදුවිය. කෙසේ වෙතත්, කොවිඩ් 19 වසංගතයෙන් මියගිය හා රෝගයට ලක්වූවන්ටත් වඩා අකර්මණ්‍ය වූයේ ගෝලීය වෙළඳ ආර්ථිකයයි. කොටස් වෙළඳපොළ වැසී ගියේය. ආනයන අපනයන ගෝලීය වෙළඳාම ඇණහිටියේය. වෙළඳපොළ ඉල්ලුමද (වෙළඳසැල්), සැපයුමද (කර්මාන්තශාලා) ඇණහිටියේය. සංචාරක කර්මාන්තය හා ගුවන් සේවා සහමුලින් බිඳවැටිනි. තෙල් හා ගෑස් විකුණාගත නොහැකි භාණ්ඩයන් විය. ඒ හා සමගම වායුගෝලීය දූෂණයද අඩුවිය.! වෙළඳාම මගින් ධනය ඉපැයීම මූලික කරගත් ආර්ථිකය යුධ කාලයටත් වඩා සීීග්ර ලෙස බිඳවැටෙමින් ඇත. යුද්ධයකදී අඩු තරමින් යුද්ධයට අවශ්‍ය දේවත් නිෂ්පාදනය වේ පරිභෝජනය වේ. වසංගතයකදී කිසිවක් නිෂ්පාදනය කරගත හැකි තත්වයක් නොපවතී. පරිභෝජනයද සීමා වේ. එමෙන්ම, මානව කලමනාකරණයේ ප්‍රශ්ණ නිසා ඇතිවන ආර්ථික බිඳවැටීම් මෙන් වෙළඳපොළ උපක්‍රම මගින් (පොලීී අනුපාත අඩුකර මුදල් සුලභ කිරීම වැනි 2008-2009 එක්සත් ජනපද උපායමාර්ග) වසංගත නිසා ඇතිවන ආර්ථික බිඳවැටීම් පාලනය කළ නොහැක. ගෝලීයකරණය අවසානද? ගෝලීයකරණය යන වදන උච්චස්වරයට නැගුනේ 1990 දී කොමියුනිස්ට් ක්‍රමය බිඳවැටීමත් සමගය. ලෝකය එකම විශ්ව ගම්මානයක් වෙමින් සීමා විරහිතව ලෝකය වර්ධනය වන බවත්, ප්රාග්ධනය හා තාක්ෂණය සියළු දේශ සීමා හා ජාතිකත්වයන් පසුපසට යවන බවත් කියැවිනි. ගෝලීය උණුසුම වැඩිවීම වැනි ප්‍රශ්ණ ගෝලීයකරණයේ වර්ධනය ප්‍රශ්න කළේය. කොවිඩ් 19 ගෝලීයකරණයේ පදනම ප්‍රශ්ණ කර ඇත. රටවල දේශ සීමා වැසීගොස් ඇත. ප්‍රාග්ධන වෙළඳපොළ බිඳවැටී ඇත. විශ්ව ගම්මානය කොටස් වලට බෙදී වෙන්වී යමින් ඇත. කොවිඩ් 19 ජයගත හැක්කේ ලිබරල්වාදයෙන්ද? කොමියුනිස්ට්වාදයෙන්ද? ලිබරල්වාදයේ පදනම වන්නේ පුද්ගල අයිතිය හා දේපල නිදහසය. නිදහස් සෞඛ්‍ය සේවය ලිබරල් මූලර්ධවලට පටහැනි බව (මාගේ බදු මුදල් වලින් අනුන්ට සෞඛ්‍ය පහසුකම් දීම වැරදිය යන චින්තනය) සිතා කටයුතු කළ එක්සත් ජනපදය හා යුරෝපය එයින් දැන් බැටකමින් සිටී. විශේෂයෙන් දුගී ජනයා සෞඛ්‍ය පහසුකම්, සෞඛ්‍ය රක්ෂණ නැතිකමින් හා ආහාර නැතිකමින් දුක් විඳිති. මේ මොහොතේ ශ්‍රී ලංකාවේද දුගී, එදා වේල සකසා ගන්නන් අන්ත අසරණ වී ඇත. අපේ රටේ මධ්‍යම පාන්තික පිරිස් පිළිවෙලක් සහිත රටවල් ජීවත්වීමට වඩා හොඳ යැයි පවසා විදේශගත වුවද ඒ රටවල සීමා සහිත නිදහස් සෞඛ්‍ය පහසුකම් හා සමාජ ගැටලු (සංක්‍රමණිකයන් ගැන වෛරය) නිසා දැන් අසරණව සිටිති. ලිබරල්වාදයට එරෙහිව මාක්ස්වාදී සමාජවාදය පැවතිනි නම් තත්වය හොඳ වේ යැයි සිතන අයට කිවයුත්තේ ගෙවල්වල, ගම්වල, නගරවල කොටුවී වසංගතය නැසීමට දරන උත්සාහය ගෝලීය සමාජවාදයට සහමුලින් පටහැනි බවය. කෙසේ වෙතත්, පන්තිය වෙනුවට ලෙනින්ගේ පක්ෂය ආදේශ වී ඇති ඇතැම් රටවල් දැඩි මධ්‍යගත ප්රජාතන්ත්රවාදය විසින් කොවිඩ් වසංගතය පාලනය කර ඇත. මෙය ලෙනින්වාදී නොවන තනි පක්ෂ ක්‍රමයක් සහිත සිංගප්පූරුව වැනි රටවලටද අදාලය. ඒ අනුව කොවිඩ් 19 පාලනය වී ඇත්තේ අධිකාරිවාදී හෝ විනයගත සමාජයන් පවතින රාජ්‍යයන් හි පමණි. එයට ලිබරල්වාදය හෝ කොමියුනිස්ට් වාදය අදාල නැත. ආහාර, ඖෂධ හා බලශක්ති ස්වයංපෝෂිතතාවය දැන් අත්‍යාවශ්‍යය ගෝලීය ත්‍රස්තවාදය, ගෝලීය උණුසුම වැඩිවීම නිසා ඇතිවුණු ලැව්ගිනි, ගංවතුර, නියඟය ආදී සියල්ල පෙන්වා දෙන්නේ, වෛරසයකට කෙටි කලකින් කළ හැකි විනාශය ඉතා විශාල බවය, ත්රස්තවාදයට හා පරිසර ව්‍යවසනයන්ට වඩා කෙටි කලකින් වසංගතයකට ලෝකය විනාශ කළ හැකි බවය. මෙමගින් පෙනී යන්නේ සියලු රටවල්වල ආහාර, ඖෂධ හා බලශක්ති ස්වයංපෝෂිතතාවය ඕනෑම ලිබරල් ගෝලීයකරණ ක්‍රියාවලියකට ඉහළින් තැබිය යුතු බවය. ගෝලීය හරිත ව්‍යාපාරයට මෙන්ම දේශීය දැනුම් පද්ධතීන් වලටද අලුත් අගයක් ලැබෙමින් පවතී. ඒඅනුව, ගෝලීයකරණය හා ලිබරල්කරණය අතහැර නව ලෝක ආර්ථික රටාවකට ලෝකය ඉදිරියේදී ගමන්කරයිද? පාඨලී චම්පික රණවක
චින්තන ධර්මදාස මහතාගේ කුලුදුල් සිනමා නිර්මාණය වන "ඇවිලෙන සුලුයි" චිත්‍රපටයේ මංගල දර්ශනය මාර්තු 13 රීගල් සිනමා ශාලාවේදී තිරගත වුණා. සිනමා ශාලාවේ සිදුවූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් චිත්‍රපටය විකාශය කිරීම අතරමඟදී නතර කිරීමට සිදුවුවද ප්‍රේක්ෂකයින් චිත්‍රපටයේ පළමු අර්ධය කුතුහලයෙන් යුතුව රසවින්දෙමි. අද කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වාලීමේ අරමුණෙන් සිනමා ශාලා දින නියමයකින් තොරව වසා දැමීමට රජය තීරණය කර තිබේ.
"රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පැවති මහජන උපයෝගීතා කොමිසම මගින් සංවිධානය කරන ලද විදුලි ආරක්ෂක දැනුවත් කිරීමේ දිනය" මේ අවුරුද්ද ලංකා විදුලිබල මණ්ඩලයටත්. ලෙකෝ ආයතනයටත් ඉතාමත් හොඳයි. විදුලිබිල නැංවීමක් රැස්වීම්වල අදහස් දැක්වුවට කිසිඳු මිල නැංවීමක් වෙන්නේ නැහැ. ලංකා විදුලිබල මණ්ඩලයත්, ලෙකෝ ආයතනයත් මේ වසරේ ඉතාම ශක්තිමත් මූල්‍ය ස්ථාවරයක සිටිනවා. ඒ නිසා නොයෙක්දෙනා ජනතාව බිය වැද්දීමට නොයෙක් ප්‍රකාශ කළාට, කිසිඳු විදුලිබිල නැංවීමක් සිදුවන්නේ නැහැ රටේ ජනතාවට විදුලිය සැපයීම තමයි අපේ මූලික අරමුණ. මේ රටේ විදුලිය ලබාදීම 2010 වේගවත් කළා. ඒ කාලෙදි කොළඹටවත් 100% ක් විදුලිය තිබුණේ නැහැ. මුළු දිවයිනම ආවරණය වන අන්දමින් විදුලිය ලබාදෙන්න තමයි විදුලමු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ කළේ. දැන් නොයෙක් බාධා මැද්දේ දැන් ඒ ව්‍යාපෘතිය සාර්ථක වෙලා. තවත් පවුල් ලක්ෂයකට පමණයි විදුලිය ලබාදෙන්න ඉතිරිවෙලා තියෙන්නේ. මේ රටේ දැවෙන ප්‍රශ්නයක් වෙලා තිබුණ සැමට විදුලිය යන්න දැන් විසඳිලා. ඊලඟ ගැටළුව තමයි කප්පාදුවකින් තොරව විසිහතර පැයම විදුලිය ලබාදිම. ඒ අභියෝගයත් අපි ජයගත්තා. මේ කලාපයේ කප්පාදුවකින් තොරව පැය 24ම විදුලිය සපයන එකම රට බවට ශ්‍රී ලංකාව පත්වෙලා තියෙනවා. හැබැයි විදුලිබල ක්ෂේත්රයේ සුරක්ෂතතාවය ඇති කරගන්නනම්, විදුලිය ඉතිරි කරන්නත්, වැඩිවන විදුලිබල ඉල්ලුම සපුරාලියහැකි පරිදි විදුලිබල පද්ධතිය ශක්තිමත් කරන්නත් අවශ්‍යයි