‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ එක්සත් ජනරජ පෙරමුණේ රට ගොඩනගන වැඩපිළිවෙළ පිලිබඳ ගම්පහ ජනතාව දැනුවත් කරමින් අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් ජූලි17 දින ගම්පහ දුම්රියපොළ කේන්ද්‍ර කරගනිමින් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා පක්ෂ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, උප සභාපතිවරුන් වන තීක්ෂණ ගම්මන්පිල, ප්‍රියදර්ශනී ආරියරත්න, නියෝජ්‍ය ලේකම් (අරමුදල්), ගම්පහ අසන සංවිධායක, මධ්‍යම කාරක සභික ඉංජිනේරු අමිල් ප්‍රියන්ත, කාන්තා අංශ සභාපති ධාන්‍යා සමරසිංහ, තරුණ අංශයේ සභාපති ඉසුරු උද්දීප ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙම අවස්ථාව සංවිධානය කළේ ගම්පහ දිස්ත්‍රික් කළමනාකාර නලින්ද ජයවර්ධන, ගම්පහ කාන්තා කටයුතු සම්බන්ධීකාරක වොරාජි සමරසිංහ, ගම්පහ තරුණ කටයුතු සම්බන්ධීකාරක දේවින්ද වික්‍රමාරච්චි, ජගත් ගුණරත්න යන අය විසිනි.