තිරිඟු පිටි මිල අසාධාරණ ලෙස වැඩි කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. ටොන් ලක්ෂ දෙකක් ගබඩාවල. සමාගම්වලට අධික ලාභ දෙමින් පාරිභෝගිකයා නොමරා මරණ මේ මිල වැඩි වීම කරන්න එපා!
හෙට දිනයේ තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කිරීමට ආණ්ඩුව සූදානම් වන බව දැනගන්නට තිබේ. සමාගම් දෙකකට අධික ලාභ ලබාදෙමින් පාරිභෝගිකයා තවත් අපහසුතාවයට පත් වන මේ මිල වැඩි කිරීම අපරාධයකි!
අගෝස්තු මස 11 වෙනිදා වන විට ධාන්‍යගත තිරිගු සහ අනෙකුත් තිරිඟු පිටි එකතුව ටොන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් ඇති බව මුදල් කාරක සභාවට වෙළඳ අමාත්‍යාංශය මගින් දැනුම් දී තිබේ. රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස මා පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කළේ ඒ අනුව අනුව මාස හතරකට අවශ්‍ය කරන තොග දැනට තිබෙන බැවින් තිරිඟු පිටි මගින් අයථා ලාභයක් සමාගම් දෙකකට ලැබෙනවාය යන චෝදනාව ගැන සළකා බැලිය යුතු බව ය. බදු වැඩි කිරීමක් සිදු වුනහොත්, මේ ටොන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයට කොපමණ අයථා ලාභයක් මේ ආයතනවලට ලැබෙනවා ද යන්න ගැන විස්තරයක් රාජ්‍ය මුදල් කාරක සභාව මගින් වෙළෙඳ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිය ද, එම විස්තරය ලබා දී තිබුණේ නැත, එමෙන්ම අරමුණ තොග අඩු කිරීම නම්; රටේ තිරිඟු පිටි වෙළෙඳාමෙන් 80% කට වැඩි ප්‍රමාණයක් උපයන අදාළ දෙකට පමණක් තොග අඩු කිරීමට ඉඩ දිය යුතුද යන ප්රශ්නය පැන නගින බව ද මම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළෙමි.
නාරාහේන්පිට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝව තවමත් අලෙවි වන්නේ රු. 325 ක මිලට බව සිදු කළ සොයා බැලීමක දී තහවුරු විය.
මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම අනුව සෘජුව තිරිඟු පිටි ගෙන ආවේ නම් සියලුම ලාභ අපේක්ෂා ලබා දී පාරිභෝගිකයාට තිරිඟු පිටි ලබා දිය හැකි මිල රු. 184.44 කි. එනම් තිරිඟු පිටි කිලෝවකින් රු. 140 ක පමණ ලාභයක් ලබන්නේ කවුද යන්න ප්රශ්නයකි. ටොන් හැටදාහකට රු. බිලියන ගණනක ලාභයක් උපයන්නේ කවුද යන්න ප්රශ්නයකි. එමෙන්ම ධාන්‍ය හැටියට ගෙන්වන තිරිඟු, පිටි බවට පරිවර්තනය කර රු. 207.50 කට අලෙවි කළ හැකි බව ද මුදල් අමාත්‍යාංශය කියයි. එබැවින් මෙම අයථා ලාභය පාලනය කිරීම සඳහා වෙළෙඳ සහ මුදල් අමාත්‍යාංශ පියවර ගත යුතු ය.
තත්ත්වය එසේ තිබියදී පාරිභෝගිකයා තවත් පෙලන සහගහන තවත් මිල වැඩි කිරීමකට ආණ්ඩුව සූදානම් වන්නේ පාරිභෝගික ජනතාව ගැන කිසිදු තැකීමකින් තොරව වීම අතිශය කණගාටුදායකය. අප ආණ්ඩුවට කියා සිටින්නේ මෙම අසාධාරණ, අයුක්ති සහගත මිල වැඩි වීම කිසිසේත් සිදු නොකරන ලෙසයි.
– පාඨලී චම්පික රණවක –